පොසොන් පුවතෙහි රැඳුණු
අප‍්‍රකට කතා
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පොසොන් යයි කී පමණින්ම ලංකාවේ බෞද්ධ බැතිමතුන්ට සිහිපත් වන්නේ, අනුරාධපුරයේ මිහින්තලාවයි. එහෙත් අම්පාරේ ‘රාජගල කන්දට’ද, පොසොන් පොහොයේ යශෝකීර්තියෙන් යම් කොටසක් හිමිවන බව වැඩි දෙනෙක් නොදනිති.
අනුරාධපුරයට, මිහින්තලයට ගව් ගණනාවක් දුරින්, නැගෙනහිර පළාතේ අම්පාර නගරයට නුදුරින් පිහිටි ‘රජගලකන්ද’ ඉපැරණි නටබුන් රාශියක් සහිත පුරාවිද්‍යා රක්‍ෂිත භූමියකි. එහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල් ලිපි සහ තවත් විවිධ ශෛලමය නටබුන් අපට කියාපාන්නේ, අතීතයේ එහි බෞද්ධ ආරාමික සංකීර්ණයක් පැවති බවය. මිහින්තලා පුදබිම හා බැඳුණු බෞද්ධ උරුමයෙන් යම් කොටසක් රජගලට ද හිමිවන බව පැවසෙන්නේ එහි නටබුන් රාශියක් සහිත පුරාවිද්‍යා රක්‍ෂිත භූමියකි. එහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන්, සෙල්ලිපි සහ තවත් විවිධ ශෛලමය නටබුන් අපට කියාපාන්නේ, අතීතයේ එහි බෞද්ධ ආරාමික සංකීර්ණයක් පැවති බවය. මිහින්තලා පුද බිම හා බැඳුණු බෞද්ධ උරුමයෙන් යම් කොටසක් රජගලට ද හිමිවන බව පැවසෙන්නේ එහි ඇති එක්තරා සෙල් ලිපියක් නිසාය. ක‍්‍රි.පූර්ව පළමුවැනි සියවසෙහි අග භාගයේ හෝ ක‍්‍රි.පූර්ව දෙවැනි සියවසෙහි ලියැවුණු බව සඳහන් සෙල් ලිපියෙහි මෙලෙස සටහන්කර තිබේ.
‘යෙ ඉම දිප පඨමය ඉදිය අගතන, ඉඩික තෙරහ මහිද තෙරහ තුඹෙ’
‘මෙම දිවයිනට ප‍්‍රථමයෙන් සෘද්ධියෙන් වැඩම කළ ඉත්ථිය තෙරුන්ගේ සහ මහින්ද තෙරුන්ගේ ථූපයයි’ යන්න, එහි සිංහල තේරුමයි.
මිහිඳු මාහිමියන් අපේ රටට වැඩම කළ සිද්ධියත්, උන්වහන්සේ වෙනුවෙන් ස්ථූපයක් සෑද වූ බවත්, ඉන් පුරාවිද්‍යාත්මකව සනාථ වේ. එපමණක් ද නොවේ. මිහිඳු මාහිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කෙරුණු දාගැබක් ද එහි පැවති බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසයයි.
මෙම ලිපිය ලියන්නේ අම්පාරේ රජගල කන්දේ නටබුන් ගැන ලියන්නට නොවේ. පොසොන් සමය හා බැඳුණු පුරාවිද්‍යාත්මක කාරණා කිහිපයක් ගැන අප පාඨකයන් වෙත ගෙන එන්නටය. එම තොරතුරු බෙහෙවින් විචිත‍්‍රවත් ය.
මිහිඳු මාහිමියන් සෘද්ධියෙන් ලංකාවට වැඩම කරන්නේ, දේවානම්පියතිස්ස රජු (ක‍්‍රි.පු. 307-267) දවසය. එය ඉන්දු - ලංකා රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රියාදාමයකි. එකල අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය පාලකයා වූයේ, මෞර්්‍ය වංශිකයෙකු වූ අශෝක අධිරාජ්‍යයාය. මිහිඳු හිමියන් වූ කලී, ඔහුගේ පුත‍්‍රයා වූ අතර, උන්වහන්සේ ලංකාවට වැඩම කරන්නේද, අධිරාජ්‍යයාගේ ඉල්ලීම අනුවය. අශෝක අධිරාජ්‍යයා සහ ලංකාවේ දේවානම්පියතිස්ස හිතමිතුරන්වීම මේ කාරණයට බලපාන්නට ඇත. කොයි හැටි වෙතත් එක්තරා පොසොන් පොහෝ දිනයක සිය පිරිවර ද සමග ලංකාවට සෘද්ධියෙන් වැඩම කරන මිහිඳු මා හිමියෝ, මිහින්තලාවේ අඹ වනයකදී රජු මුණගැසී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටුවන්නේය. උන් වහන්සේ සමග වැඩම කළ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන මහ තෙරවරුද, භණ්ඩුක උපාසකයන් ද ඒ කටයුත්තට එක්වන්නෝය. දීප වංශය සහ මහාවංශය ඇතුළු වංශකතා මගින් මේ පුවත් විස්තර කොට තිබේ.
අම්පාර රජගල කන්දේ සෙල්ලිපිය වැදගත් වන්නේ මෙතැනදීය. ඒ, මිහිඳුමාහිමියන්ගේ සම්ප‍්‍රාප්තිය ඉන් පුරාවිද්‍යාත්මකව සනාථ කරන නිසාය. ඊට අමතරව මහාදාඨික මහානාග රජ (ක‍්‍රි.ව. 07-19) සමයට අයත් ‘මිහින්තලා ගිරි ලිපියක්’ද මහින්දාගමනයට තවත් පුරාවිද්‍යා සාක්‍ෂියක් සපයයි. ඉන් කියැවෙන්නේ, මිහින්තලේ ප‍්‍රදේශයේ පැවති වැවකින් එන බදු ආදායම, මහින්ද, භද්දසාල ඉත්ථිය සහ උත්තිය යන තෙරවරුන්ගේ පිළිරූ නඩත්තුවට යෙදවූ බවය.
ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු විද්වත් පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, ලංකා ශිෂ්ඨාචාරයේ පෞරාණිකභාවය සහ ඉතිහාසය සම්බන්ධයෙන් ගත්කල, ප‍්‍රධාන මානව ජනාවාස හතරක් හඳුනාගෙන තිබේ. ‘අනුරාධපුරය’ රුහුණේ ‘තිස්සමහාරාමය’, මන්නාරමේ ‘මහාතිත්ථය’ සහ යාපනයේ ‘කන්දරෝඬේ’ හෙවත් කදුරුගොඩ විහාරය පැවති භූමි භාගය යනු එම ජනාවාස හතරයි. ශිෂ්ඨාචාරය අතින් ගත්කල, ඒවා එකකට එකක් සම්බන්ධ මානව ජනාවාසයන් වෙති. එසේම බෞද්ධ උරුමය අතින්ද පෞරාණිකය.
අනුරාධපුරය
ශිෂ්ඨාචාරය සම්බන්ධයෙන් ගත් කල, අතීත ලංකාවේ පැවති ප‍්‍රබලතම ජනාවාසය අනුරාධපුරයයි. පුරාවිද්‍යා පර්යේෂණ මගින් හෙළිව ඇති ආකාරයට එහි පැවති පැරණිම මානව ජනාවාසය අදින් වසර 7000ක් පමණි පැරණිය. එය බලංගොඩ මානවයන් විසූ ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් වේ. ඉක්බිති අදින් වසර 2900කට පමණ ඉහතදී (ක‍්‍රි.පූ. 08-09 සියවස්වල) අනුරාධපුරයට පූර්ව ඓතිහාසික යකඩ යුගය එළඹිණි. එහි විසූ මනුෂ්‍යයෝ, එකල සතුන් ඇති කිරීම, වී වගා කිරීම මැටි බඳුන්වල ආහාර පිසීම, අශ්වයන් ඇති කිරීම, යකඩ භාවිතය ආදිය දැන සිටියහ. ඔවුන්ට ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා ද විය. අනුරාධපුරය, අදින් වසර 2250 පමණ වන විට දකුණු ආසියාවේ විශාල නගරයක් බවට පත්ව තිබිණි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වසරේ එහි ඇතුළුපුරයෙහි කළ කැණීම් මගින් මේ තොරතුරු හෙළිදරව් විය. පසුව එය ලංකාවේ ප‍්‍රථම රාජධානිය මෙන්ම ප‍්‍රථම අගනුවර බවට පත්වූයේය. අදින් වසර 2300කට පමණ ඉහත දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙන්, මිහිඳු මාහිමියන්ගේ සැපත් වීමෙන්, ලංකාවේ බුදු සසුන පිහිටුවීමට උපස්ථම්බක වන්නේද මේ ආකාරයට ක‍්‍රමිකව ගොඩනැගුණු අනුරාධපුරයයි.
ඇත්තටම මිහිඳු මාහිමියන්ගේ සහ දේවානම්පියතිස්ස රජුගේ මැදිහත් වීමෙන් සිදු වූයේ, ‘නිල වශයෙන්’ ලංකාවට බුදු දහම ස්ථාපිත වීමයි. එසේ වුවද ඊට පෙර පටන්ම ලංකාවේ බෞද්ධයන් සිටියහ. ඊට හොඳම සාක්‍ෂි සැපයුණේ පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ පර්යේෂණ මගිනි. ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන් විසින් කළ පර්යේෂණවලදී, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ මහා සංඝරත්නය භාවිත කළ සම්ප‍්‍රදායේ පාත‍්‍ර කොටස් සොයා ගැනීම, එම සාක්‍ෂියයි. ආචාර්ය සිරාන් දැරණියගල මහතා 1969 වසරේ අනුරධපුර ඇතුළු පුරයේ කළ කැණීම්වලින්ද, කාවා ව්‍යාපෘතිය යටතේ තිස්සමහාරාමයේ ඇතුළු පුරයේ කළ කැණීම්වලින්ද, ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් 2011 වසරේ යාපනයේ කන්දරෝඬේ (කදුරුගොඩ විහාර භූමිය) කළ කැණීමෙන්ද ඒවා හමු වී තිබිණි.
පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, බුදුරදුන් ජීවමානව වැඩ විසූ සමයේ භික්ෂූන් වහන්සේලා භාවිතකර ඇත්තේ මැටියෙන් සෑදූ පාත‍්‍රයන් ය. ඒවා, හැදින්වෙන්නේ, ‘උත්තර භාරතීය කාල උද්දීප්ත සම්ප‍්‍රදායට’ අයත් මැටි බඳුන් යනුවෙනි. උතුරු ඉන්දියාවේ ගංගා සහ යමුනා නදී නිම්නවල පිහිටි නගරවලින්ද, පාඨලී පුත‍්‍ර සහ හස්තිනාපූර් යන නගරවලින්ද ඉන්දීය පුරාවිද්‍යාඥයන්ට ඒවා හමුවී තිබේ. අනුරාධපුරය, තිස්සමහාරාමය සහ කන්දරෝඬේ යන ස්ථානවලින්ද හමුවී ඇත්තේ ඊට සමාන මැටි පාත‍්‍ර කොටස්ය. ඒවා ක‍්‍රිස්තු පූර්ව 06 වැනි සියවසට, එනම් බුදුන් ජීවමානව වැඩ විසූ සමයට අයත් වන බව, කාලනීර්ණ පරීක්‍ෂණ මගින් අනාවරණය වී ඇත. මින් පෙනී යන්නේ. බුදුරදුන් ජීවමානව වැඩසිටි සමයේ දී ලංකාවේ සැලකිය යුතු බෞද්ධ පුනරුදයක් පැවති බවය.
කන්දරෝඩේ සහ මහාතිත්ථ
යාපනයේ චුනක්කම්හි පිහිටි ‘කන්දරෝඬේ’ හෙවත් කදුරුගොඩ විහාර පුදබිම, ඉතා පැරණි බෞද්ධ විහාර සංකීර්ණයකි. ඒ ආශ‍්‍රිතව ‘කදුරුගොඩ නමින් නගරයක්ද පැවතිණි. එය පිහිටා තිබී ඇත්තේ, දඹකොල පටුන’ පැරණි වරායේ සිට අනුරාධපුරය දක්වා වැටුණු ප‍්‍රධාන මාර්ගයේය. කන්දරෝඬේ යනු උතුරුකරයේ ඇති පැරණිම ජනාවාසයයි. එහි ඉතිහාසය කතා පුවතද බෙහෙවින් විචිත‍්‍රවත්ය.
‘ජම්බුකෝල පට්ඨන’ නමින් අතීතයේ හැඳින්වුණු දඹකොල පටුන පැරණි වරාය පිහිටා තිබුණේ, වර්තමාන කන්කසන්තුරේට නුදුරිනි. එය අනුරාධපුර රාජධානි යුගයේ පැවති ප‍්‍රධාන වරාය කිහිපයෙන් එකක් විය. මන්නාරමේ ‘මහාතිත්ථ’, ත‍්‍රිකුණාමලයේ ‘ගෝකර්ණතිත්ථ’, හම්බන්තොට ‘ගොඩවාය’ සහ කයිට්ස්හි ‘ඌරාතොට’ සෙසු වරායන් විය. එකල අනුරාධපුරයට බෞද්ධ පුනරුදයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳ වසන්තයක්ද පැමිණියේ වරාය ක‍්‍රියාවලිය ඔස්සේය. සංඝමිත්තා තෙරණිය ජයශ‍්‍රී මහා බෝධි අංකුරය ද රැුගෙන ගොඩ බැසීමේ සිද්ධිය නිසා, දඹකොල පටුන වරාය අතීත බෞද්ධ පුනරුදයෙහි සුවිශේෂ පැතිකඩක් විය. ඉපැරණි කදුරුගොඩ නගරය ද එකල දඹකොල පටුන වරායේ සිට අනුරාධපුරයට දිවෙන ප‍්‍රධාන මාර්ගයේ පිහිටි වෙළෙඳ නගරයක් විය.
පොසොන් සමය යයි කී පමණින්ම, ලංකාවේ බොදුනුවන්ගේ සිහියට නැගෙන්නේ, අනුරාධපුරය සහ මිහින්තලාවයි. ඒ නගර ඉතා ඉහළ මට්ටමේ බෞද්ධ පුනරුදයකට එළඹෙන්නේ හුදෙකලාවම නොවේ. අනුරාධපුරය නමැති පරිපාලන, බෞද්ධාරාමික සහ වෙළෙඳ නගරයේ පෝෂණය සඳහා රටේ සතර දෙසින්ම ක‍්‍රියාත්මක වූ වරාය ක‍්‍රියාවලිය හේතුවෙනි.
ඉරුදින-2015/05/31.
No comments:
Post a Comment