Total Pageviews

Saturday, October 13, 2018

‘සෙමා’ ආයතනය වසා දමයි! වස විසෙන් තොර ගොවිතැන් වැඩ පිළිවෙල ‘ග්ලයිපොසේට් ගිය පාරේ’ යයි ද?



 සෙමාආයතනය වසා දමයි!
වස විසෙන් තොර ගොවිතැන් වැඩ පිළිවෙල
ග්ලයිපොසේට් ගිය පාරේයයි ද?
00000000000000000000000000000000000000







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
සෙමායනුවෙන් හැඳින්වෙන උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය, ඔක්තෝබර් 16 වැනි දා සිට බලපවත්වන පරිදි වසා දමා තිබේ. මාධ්‍ය වාර්තාවල සහන් වුණු අන්දමට, එය වසා දමා  ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් මගිනි. සෙමා ආයතනයක‍්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයා යටතේ ඇති ආයතනයක් වශයෙනි.
සෙමා ආයතනය වසා දැමීමත් සමග ම, රට හමුවේ බරපතල ප‍්‍රශ්නයක් ද දිග හැරෙයි. දැන් ඉතින්, ‘වස විස නැති රටක්-ධාර්මික ගොවිතැනක්නමින් ආණ්ඩුව ගෙන ගිය වැඩ පිළිවෙලට කුමක් සිදු වන්නේ ද යන්න, එම ප‍්‍රශ්නයයි.  

ආණ්ඩුව වස විස නැති රටක්වැඩ පිළිවෙල ගෙන ගියේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ද උපදේශකත්වය යටතේ සෙමා ආයතනයඔස්සේ ය. එය රටට හඳුන්වා දුන්නේ වස විසෙන් තොර ගොවිතැනකට රට පොළඹවන ප‍්‍රධාන රාජ්‍ය යාන්ත‍්‍රණය  බව අවමිනි. ඔවුන්ගේ වැඩ කොටසෙන් වැඩි හරියක් වෙන් කෙරුණේ දේශීය පාරම්පරික වී ගොවිතැන නගා සිටුවීම සහා ය. දැන් සෙමා ආයතනයවසා දමා තිබේ. ආණ්ඩුව සිය වස විස නැති වී ගොවිතැන් වැඩ පිළිවෙල ද, සෙමා ආයතනය සමග අත්හැර දමනවා ද? යන්න, දැන් රට හමුවේ දිග හැරෙන බරපතල ම ගැටලූවයි.

වස විස දමන්නේ නැතිව පාරම්පරික වී වර්ග වගා කිරීමේ දේශීය ගොවිතැන් ක‍්‍රමය, ගොවිබිම්වලින් ගිලිහී ගියේ 1960 දශකයේ සිට ක‍්‍රියාත්මක වුණු හරිත විප්ලවයෙන්පසුව ය. එයින් දේශීය පාරම්පරික වී ගොවිතැන මැකී ගියේ ය. එයින් පසුව ගොවීන් රසායනික යෙදවුම් සහිත නවීන වී ගොවිතැනට හුරු පුරුදු විණි. එහෙත් 1970 දශකය අග භාගයේ පටන් ගොවීන් සුළු පිරිසක් විසින් දේශීය පාරම්පරික වී වර්ග යළි ප‍්‍රචලිත කිරීම ඇරඹූහ. එය වස විස නැති ගොවිතැනක් විය. ඒ සහා රාජ්‍ය නො වන සංවිධාන කිහිපයක උදව් ද ලැබිණි. 2000 දශකයේ මැද භාගය පමණ වන විට, එය රටේ සැලකිය යුතු ප‍්‍රමාණයකට ව්‍යාප්තව තිබිණි. දළ වශයෙන් ගත් කල, වගා කෙරුණු පැරණි වී වර්ග සංඛ්‍යාව 600ක් පමණ වූයේ ය. මෙයට කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නො ලැබුණු අතර, රාජ්‍ය කෘෂිකර්ම යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වූයේ නවීන රසායනික ගොවිතැනහිස් මුදුනින් තබා ගනිමිනි.


කෙසේ වෙතත්, රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව යළි වගා කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ ය. ඉන් පසුව බලයට පැමිණි යහපාලන රජය, ‘වස විස නැති ගොවිතැනක්-නිරෝගී ජනතාවක්යන්න තේමාව යටතේ එම වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්නට කටයුතු කළේ ය. එහි උපදේශකත්වය දැරුවේ, යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් හොබවන අතුරලියේ රතන හිමියෝ ය. ආණ්ඩුවේ වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල සෙමා ආයතනයටපවරනු ලැබිණි.

ලංකාවේ වී ගොවිතැන, දශක පහක් හයක් මුළුල්ලේ ම පුරුදු පුහුණු කෙරුණේ රසායනික ගොවිතැන් මාදිලියකට ය. නව වැඩි දියුණු කළ වී වර්ග සහ රසායනික පොහොර, කෘතිම කෘෂි රසායන සහ යන්ත‍්‍ර ආදී නවීන යෙදවුම් එහි කොඳු නාරටිය සේ සැලකිණි. වගා උපදෙස් ලැබුණේ ද රසායනික නවීන ගොවිතැන් ක‍්‍රියාවලියට ය. එවන් රටක්, වසර දෙක තුනක් තුළ තුළ දේශීය පන්නයේ කාබනික ගොවිතැනකට තල්ලූ කිරීම ලෙහෙසි වැඩක් නො වේ. එය කළ හැකි වනු ඇත්තේ, රසායනික නො වන, කාබනික පොහොර සහ අනෙකුත් යෙදවුම්වලට ගැලපෙන දේශීය වී වර්ග හඳුනා ගැනීම, අවශ්‍ය තරම් බිත්තර වී  නිපදවා ගැනීම, කාබනික පොහොර සහ පළිබෝධ හානි පාලනය සහා විෂ රහිත යෙදවුම් සුලභ කිරීම, ගොවි උපදෙස් යාන්ත‍්‍රණයක් සැකසීම සහ වී ගොවිතැන අරභයා දේශීය පාරම්පරික දැනුම් සම්භාරය සංරක්ෂණය කිරීම ආදී බහුවිධ ක‍්‍රියාවලියක් මගිනි. වස විස රහිත ගොවි නිෂ්පාදන, සාධාරණ මිලකට අලෙවි කිරීමේ සහ ඒවායෙහි ප‍්‍රමිතිය සහතික කිරීමේ යාන්ත‍්‍රණයක් සැකසීමත් එයට ම ඇතුළත් කළ හැකි ය.

වස විස නැති ගොවිතැනක්වැඩ පිළිවෙල කරට ගත් සෙමා ආයතනයට’, එවන් පුළුල් පරිවර්තන ක‍්‍රියාවලියක් නිර්මාණය කළ නො හැකි වුණු බව ලියුම්කරුගේ අදහසයි. දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ ක්ෂේත‍්‍රය වර්තමානයේ මුහුණ දෙන ගැටලූ බොහොමයකි. දේශීය වී වගාවට නැඹුරුවන ගොවීන්ට ප‍්‍රමාණවත් තරම් බිත්තර වී නිෂ්පාදනය නො වීම, වගා උපදෙස් ගැනීමට විශ්වාසය තැබිය හැකි යාන්ත‍්‍රණයක් නිර්මාණය නො වීම, වී ගොවිතැන් කෙරෙන දිස්ත‍්‍රික්ක මට්ටමින්, මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු නො වීම, රෝග සහ පළිබෝධ හානි සහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුම බෙදා හැරෙන ක‍්‍රමයක් නැතිකම, මහා වාරිමාර්ග ප‍්‍රදේශවල දේශීය වී වවන ගොවීන්ට ගැලපෙන මට්ටමේ ජල කළමනාකරණ ක‍්‍රමයක් හඳුන්වා නො දීම, ලැබෙන අස්වනු සාධාරණ මිලකට අලෙවි කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් නො කිරීම, නිපදවෙන සහල්වල කාබනික තත්ත්වය සහතික කිරීමේ ක‍්‍රමවේදයක් සකස් නො කිරීම ආදී කාරණා රාශියක් ඒ අතර වේ.

 මේ වන විට, විවෘත වෙළෙපොළේ සුවඳැල් ඇතුළු දේශීය සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300ක් හෝ ඊට වඩා ඉහළ මිලකට ය. පෝෂණීය හෝ ඖෂධීය කැහා වන සහල් මිශ‍්‍රණයේ ග‍්‍රෑම් 100ක පැකැට්ටුවක් රුපියල් 100ක් හෝ 150කට විකිණෙයි. පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන කල, මෙය අධික මිලකි. එයට හේතුව වන්නේ, දේශීය පාරම්පරික වී වගාව පුළුල් නො වීමයි. එයින් සහල් නිෂ්පාදනය අඩු වීමයි

 අනෙක පාරිභෝගිකයන්ට  තමන් මිල දී ගන්නා සහල් කිලෝව ඇත්තට ම කාබනික නිෂ්පාදනයක් ද?’ කියා හෝ එහි ඇත්තේ ලේබලයේ සහන් නියම සහල් වර්ගය ද කියා හෝ තහවුරුකර ගැනීමට විශ්වාසනීය ක‍්‍රමයක් නැත. ඇතැමෙක් වපුරා දින දාහතරෙන් රසායනික වල් නාශක යොදා, ගොයමෙහි නිල්ල අඩුවන විට රසායනික යූරියා පොහොර යොදා නිපදවන සහල් ද කාබනික සහල්යයි කියා විකුණති. ඇතැමෙක් සුවඳැල් සහල්වලටකීරි සම්බා කලවම්කර විකුණති. මේවා නියම කාබනික සහල් ද?, නැද්ද? යන්න අලෙවිකරුවන්ට ද එතරම් වැදගත් නො වන තරම් ය.

සෙමා ආයතනයේවැඩ පිළිවෙල සාර්ථක වුවා නම් මෙබඳු ගැටලූ ඇති වන්නට ඉඩක් නැත. දේශීය පාරම්පරික සහල් සහා ඇත්තේ ඉහළ ඉල්ලූමකි. එහෙත් වී වගාව පුළුල් භූමි වපසරියක් පුරා ව්‍යාප්ත කරන්නට ඔවුන්ට හැකි වූයේ නැත. දේශීය පාරම්පරික වී ගොවිතැන අරභයා තිබෙන පාරම්පරික දැනුම් සම්භාරය එක් රැස්කර, සංරක්ෂණය නො කිරීම නිසා ගොවීන්ට වගා උපදෙස් සැපයීමේ දීප ව්‍යාප්ත යාන්ත‍්‍රණයක් ගොඩ නගා ගන්නට නුපුළුවන් විය. ගොවීන් බිහි කරනවා වෙනුවට, රජයෙන් වැටුප් ලබන සිවිල් ආරක්ෂක භටයන් යොදවා දේශීය වී වගා කරවන්නට වැඩි බරක් දැමීම හේතුවෙන් කොළඹ වෙළෙපොළට සහල් ලැබුණු බව ඇත්ත ය. එහෙත් එයින් ගොවීන්බිහි වූවා ද? යන්න අපැහැදිලි ය. රාජ්‍ය අරමුදල් භාවිතාවෙන්, දේශීය පාරම්පරික සහල්වල පෝෂණ සහ ඖෂධීය ගුණ පිළිබ  කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණයෙන් ඔවුන් වැඩක් ගත්තේ ද නැත.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුවේ වස විස නැති දේශීය වී ගොවිතැන් වැඩ පිළිවෙල යටතේ යම් යම් සාධනීය වර්ධනයන් ද ඇති විය. ඔවුන්ගේ මාධ්‍ය ක‍්‍රියාවලිය ඔස්සේ, රට වැසියන්ට වස විස නැති බතක් හෝ එළවළුවක්ගැන උනන්දුවක්  සහ අවබෝධයක් ඇති විය. කොළඹ කෙරුණු කාබනික කෘෂි නිපැයුම් ප‍්‍රදර්ශන ද නාගරික සමාජයේ ආකර්ෂණයට ලක් විය. එයින් මහජනයා අතර, ‘වස විස නැති ආහාරගැන සහ දේශීය පාරම්පරික සහල් භාවිතයට නැඹුරු වීමේ රැුල්ලක් ඇති විය. එය හො දෙයකි.

සෙමා ආයතනයේ මගපෙන්වීම පරිදි දේශීය වී වර්ග වගා කරන ගොවීන්ට  රයිසෝන් නමින් කාබනික දියර පොහොර වර්ගයක් හඳුන්වා දෙනු ලැබිණි. ගෙවුණු 2018 මාස් කන්නයේ එය භාවිත කළ ගොවීහු හො ප‍්‍රතිඵල ලැබූහ.  රජයේ විවිධ අරමුදල් යටතේ මෙන්ම, සෙමා ආයතනයේ සම්බන්ධීකරණයෙන් ද ඇතැම් පෙදෙස්වල ගොවීන්ට සහන ක‍්‍රම යටතේ නවීන ගොවි උපකරණ ආදිය ලබා දී තිබේ


 එහෙත් එයින් වැඩි හරියක් ලබා දී ඇත්තේ හුදු කාබනික රැල්ලටගිය ගොවීන්ට ය. ටික කලක දී ඔවුන් ඒවා අඩු මිලට විකුණා දැමුහ. එයින් දේශීය වී වගාව බොක්කෙන්ම කරනගොවීන්ට අඩු මිලකට  නවීන ගොවි උපකරණ මිල දී ගැනීමේ අවස්ථාව හිමි විය. දැන් ඔවුන් ඒවා භාවිතාවෙන් යසට ගොවිතැන් කරති.

පොළාන්නරුවේ එවන් එක් ගොවියෙකු ඔක්තෝබර් 08 වැනි දා අපූරු සන්සන්දනයක යෙදුණේ ය. රසායනික ක‍්‍රමයට වගා කළ, ‘2000’ නමින් හඳුන්වන නව වැඩිදියුණු කළ වර්ගයක වී කරලක, බොල් ඇට අටක් ද ඇතුළුව, වී ඇට 208ක් තිබුණේ ය. කාබනිකව වගා කළ දේශීය සුදු හීනැටි වර්ගයේ වී කරලක, බොල් ඇට 03ක් ද ඇතුළුව වී ඇට 309ක් තිබුණේ ය. මේ ගොවියා, වී ඇට ගණන් කිරීමේ ප‍්‍රීතිය අත්වි ගත්තේ, ‘අම්මපා යකෝ මේ වෙනස නේ වැඬේයයි කුඹුරේ සිට ම දුරකතනයෙන් ලියුම්කරු අමතමිනි!

එක් අතකට, වස විස නැති ගොවිතැනක් ව්‍යාප්ත කිරීම පිණිස සෙමා ආයතනයට පැවරුණු ක‍්‍රියාවලිය මහත් අසීරු එකක් වන්නට ඇත. හේතුව, ඔවුන්ට ගොවීන් සමග වැඩ කිරිමේ දීප ව්‍යාප්ත යාන්ත‍්‍රණයක් නො තිබීමයි. ගොවීන් සමග වැඩ කිරීමේ දීප ව්‍යාප්ත යාන්ත‍්‍රණය, ගොවි සම්බන්ධකම්, ගොවිතැන් පිළිබ නවීන දැනුම සහ මුල්‍ය ප‍්‍රතිපාදන ආදිය තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ය. එය  ලංකාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් නිල යාන්ත‍්‍රණයයි. රාජ්‍ය ආයතනයක් වශයෙන් ඔවුන් දැනුදු පය ගසා ගෙන සිටින්නේ, ‘නවීන රසායනික ගොවිතැන සහ දෙමුහුන් වී වගාවව්‍යාප්ත කරන වේදිකාවේ ය. ඔය කැලෑ වී වවලා රටේ බඩගින්න ජය ගන්න බෑයන්න ඔවුන්ගේ මතවාදයයි. වස විසෙන් සපිරි රසායනික ඉවත දමා වස විසෙන් තොර කෘෂිකර්මාන්තයකට කැමති පිරිසක් ද එහි නැතුවා නොවේ. අද ඔවුන්ගේ අදහස් යටපත්කර තිබේ.

රටේ ගොවිතැන් මෙහෙයවීම සහ ගොවීන් සමග වැඩ කිරීමේ විශාලතම යාන්ත‍්‍රණය ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ය. එබැවින් යහපාලන ආණ්ඩුව ඇත්තට ම කළ යුතුව තිබුණේ, සිය වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල’,  ඔවුන්ගේ ප‍්‍රමුඛ වැඩ විෂයක්බවට පත් කිරීම ය. එහෙත් එය පැවරුණේ ජනාධිපතිවරයා යටතේ පාලනය වන සෙමා ආයතනයට. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදත් වස විස නැති ගොවිතැනේ සපෝට්කාරයාමිස, ‘අයිතිකාරයාහෝ ප‍්‍රධාන මෙහෙයවන්නානොවේ! ප‍්‍රධාන අවුල ඇත්තේ එතැන ය.

සෙමා ආයතනයවසා දැමිමෙන් පසුව රජයේ වස විස නැති ගොවිතැනක්වැඩ පිළිවෙලට කුමක් සිදු වන්නේ ද? යන්න ආණ්ඩුව තවම පැහැදිලිකර නැත. කිසියම් සැවුණු න්‍යාය පත‍්‍රයක් අනුව යමින්, ඔවුහු මීට ඉහත ග්ලයිපොසේට් තහනම ද ඉවත් කළහ. සෙමා ආයතනයවසා දැමීම ඒ න්‍යාය පත‍්‍රයේ ම දිගුවක් වන්නට ද ඉඩ තිබේ!

 (පින්තූර අන්තර්ජාලයෙනි)


2018/10/10.

No comments:

Post a Comment