දෙමුවාවත පාර ඔස්සේ
අන්තර්ජාලයේ ‘මහා
මැණික් වීදියට’
දුවන
රත්නපුරේ අලූත් මැණික්කාරයෝ
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
එය හරිම අපූරු ආරංචියකි.
එයින් කියැවෙන හැටියට නම්, අපූරු
තරුණ පිරිස සිටින්නේ ‘දෙමුවාවත පාර’ නමැති, රත්නපුරයේ
සුප‍්‍රකට මැණික් වෙළෙඳ වීදිය ආශ‍්‍රිතව ය.
ඔවුහු තමන් හමුවට ගෙන එන මැණික් ගල් ඉතා
හොඳින් පරීක්ෂා කරති. ඉන්
පසුව ඒවායෙහි ඡායාරූප ගනිති. ගලෙහි
බර, වර්ණ
සංකලනය (කලර්
කෝඩ් එක), වර්තනය ආදී ‘රත්න
විද්‍යාත්මක විස්තර’ ද සොයා බලති. මැණික්
ගල ගැන අලංකාර ‘වීඩියෝ
ඩොකියුමන්ටි‍්‍රයක්’ ද සකසති. ඉක්බිති
ඒ සියල්ල අන්තර්ජාලයට මුසු කරති. තමන්
හමුවට ගෙන එන මැණික් ගල් සඳහා, අන්තර්ජාලය ඔස්සේ විදෙස්
ගැනුම්කරුවෙකු සොයා ගන්නට උත්සාහ කිරීම, ඔවුන්ගේ පරමාර්ථයයි!
හැබැයි මේ කටයුත්තට තවම එතරම් ප‍්‍රසිද්ධියක් නැත!
රත්නපුරයේ තරුණ මැණික්කාරයන් අතරින් යම්
පිරිසක් දැන් අන්තර්ජාලය ඔස්සේ ද සිය වෙළෙඳාම් මෙහෙයවා ගන්නට පෙළඹී සිටින බව ඉන් පෙනී යයි. කළු ගඟ
ඉහළ නිම්නයේ මැණික් කර්මාන්ත හා වෙළෙඳ ලෝකයට, එය අලූත් ප‍්‍රවණතාවයකි.
දෙවුවාවත පාරේ සිටින තරුණ මැණික්කාරයන් පිරිස, ‘අන්තර්ජාල
මැණික් හුවමාරුකරුවන්’ යයි හඳුන්වා දෙන්නට ද පිළිවන!
‘දැන්
ඉතින් ඉන්ටර්නෙට් එකයි, ඊමේල් ඇඩ‍්‍රස් එකයි නැතුවම බෑ’, නව
පරම්පරාවට අයත් රත්නපුරයේ මැණික් වෙළෙන්දන් පවසන්නේ සිනාමුසුව ය.
මෙය අලූත් ප‍්‍රවණතාවයකි.
එයින් පෙනී යන්නේ, මෙතෙක් රත්නපුරයේ පැවති ‘සම්ප‍්‍රදායික
මැණික් වෙළෙන්දාගේ භූමිකාව’ දැන් වෙනස් වෙමින් යන බව ය!
කළු ගඟ ඉහළ නිම්නයේ පිහිටි ‘රත්නපුරය’, අනාදිමත්
කාලයක් මුළුල්ලේ ලොව පුරා ඉමහත් ප‍්‍රසිද්ධියට පත් නගරයකි. එය ප‍්‍රකට
වූයේ රත්නපුරයේ මහ පොළොවෙන් ‘නිල් කැට’, ‘රතු කැට’, ‘වෛරෝඩි’, ‘ආර්නූල්’ සහ ‘පුෂ්පරාග’ ආදී
වටිනා මැණික් මතුවන නිසා ය. කළු ගඟ ඉහළ නිම්නය
කවදත් මැණික් සම්පත සම්බන්ධයෙන් බොහොම ප‍්‍රසිද්ධ ය. එය ලංකා
භූමියේ යශෝ කීර්තිය සමග ද බැඳී පවතින්නකි.
රත්නපුරය, මහ
පොළොව ඇතුළේ රිංගා මැණිික් ගල් සොයන පතල්කරුවන් මෙන්ම, මැණික්
මිල දී ගන්නා නොයෙක් තරාතිරම්වල වෙළෙන්දන් බහුතරයක් සිටින, ප‍්‍රකටතම
නගරයයි. මැණික්
ජන වහරට අනුව,
මැණික් සොයන්නන් ‘පතල්කාරයන්’ ය.
වෙළෙන්දන් ‘මැණිික් මුදලාලිලා’ හෝ ‘මැණික්කාරයන්’ ය.
මැණික් ගල් කපා ඔප දමා, අලංකාරකර
දෙන පිරිස් ‘කැපුම්කාරයන්’ හෙවත් ‘කටර්ස්ලා’ ය.
මෙම තුන් පාර්ශවයෙන් සජ්ජිතව පණ ගැහෙන රත්නපුරය, මැණික්
සම්පතෙහි අසිරිය ඇස්පනාපිටම දිස්වන පුරවරයකි.
කෙසේ වෙතත්, වර්තමාන
රත්නපුරය උග‍්‍ර මැණික් හිඟයකින් පෙළෙන නගරයකි.
පතල් කැපීම සඳහා මැණික් ඉල්ලම් සහිත ඉඩම්
සීමිත වීම,
දරන්නට වන අධික වියදම සහ පතල් කැපීම සඳහා
දැඩි නීති රීති පැනවී තිබීම ආදී කාරණා නිසා දැන් මැණික් ලැබෙන්නේ අඩුවෙනි.
එබැවින් අද කළු ගඟ ඉහළ නිම්නයේ වෙළෙඳපොළට
එන ‘මැණික්
ගල් සංඛ්‍යාව’
පහත වැටි තිබේ. ‘බිස්නස්
අඩුයි’ යන්න අද
රත්නපුරයේ මැසිවිල්ලයි.
මැණික් ගල් හිඟ
තත්ත්වයක් පැවතිය ද, මැණික් වෙළෙඳ ක්ෂේත‍්‍රයට
එන තරුණ පිරිස් ‘අන්තර්ජාලය’ ඔස්සේ
වෙළෙඳාම්
කරන්නට පෙළඹීම අපූර්ව කාරණයකි!
මැණික් මතුවන අඩවියේ ජන වහරට අනුව, මැණික්
ගල් හඳුන්වන්නේ
‘සන්නම්
පොඞ්ඩ, ‘ගල’, ‘ගල්
කෑල්ල’ හෝ ‘ගල්
ලොට් එක’ යනුවෙනි.
මේ වචන පවා අද ‘අන්තර්ජාලය’ සමග
ගැලැප්පී ඇති අයුරු පෙනෙන්නේ ය.
‘සමහර
විට මගේ ලඟ තියෙන
ගල් කෑල්ල ගන්න කැමති කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්න පුළුවන්!’
රත්නපුර, දෙමුවාවත
පාරේ ‘අන්තර්ජාල
මැණික් හුවමාරුකරුවන්’ මුණ ගැසීමට යන පතල්කරුවෙකු හෝ වීදි මැණික්
වෙළෙන්දෙකු,
මහත් බලාපොරොත්තු සහගතව එසේ කියන්නට ද ඉඩ තිබේ!
ලංකාවේ මැණික් ගල් මිල දී ගන්නට කැමති
උදවිය ලොව කොතැනත් සිටින්නට පුළුවන. ඔවුන්ට ‘හරියන’ ගල් අපේ
ළඟ තිබෙන්නට ද පුළුවන. එහෙත්
ගැටලූව වන්නේ,
ලොව කොතැනක හෝ සිටින ඒ ‘ගැණුම්කරුවා’ සොයා
ගැනීමයි. දැන්
දෙමුවාවත පාරේ දී කෙරෙන්නේ ඔහු සොයා ගැනීමේ අන්තර්ජාල සම්බන්ධීකරණයයි.
රත්නපුරයේ ‘දෙමුවාවත
පාර’ යනු ‘සීවලී ක‍්‍රීඩංගණය’ අසලින්, කළු ගඟ
පැත්තට දිවෙන කුඩා මාර්ගයකි. එහි
කෙළවර ඇති කම්බි පාලමෙන්-ගෙඟන් එගොඩ වූ විට ‘මුද්දුව’ දෙසට යා
හැකි ය. දශක
කිහිපයකට ඉහත නම් දෙමුවාවත පාර අරක් ගෙන සිටියේ ‘කටර්ස්ලා’ හෙවත් ‘මැණික්
සැට්ටර ශිිල්පීන්’ ය. අද මෙන්
නවීන යන්ත‍්‍ර නො තිබුණු ඒ කාලයේ, ඔවුන් මැණික් කැපුවේ සම්ප‍්‍රදායික
‘හණපෝරු
පට්ටලයෙනි’.
ඔවුන්ගේ වහරින් මැණික් කැපීම විස්තර කෙරුණේ, ‘ගල් වැඩ
කරනවා’ යනුවෙනි.
පසුකාලීනව දෙමුවාවත පාර, ‘මැණික්
වෙළෙඳ වීදියක්’
බවට රූපාන්තරණය විය.
‘දෙමුවාවත
පාර’, කළු ගඟ
ඉහළ නිම්නයට අයත් මැණික් වෙළෙඳ ලෝකයේ බොහොම ප‍්‍රසිද්ධ ය. රත්නපුර
විවෘත මැණික් වීදියේ දී ‘හොඳ මිලක්’ නො
වැටුණු ගලක් ගැන අසන ඇතැම් මැණික්කාරයෙකු, ‘ඇයි දෙමුවාවත පාරට දැම්මේ
නැද්ද?’ කියා
විමසන්නේ පුරුද්දට මෙනි.
ඒ විමසීමෙන්ම එහි වර්තමාන ‘මැණික්කාරකම’ මෙන්ම, ‘ඉහළ
මිලක් සඳහා’
වන යශෝකීර්තිය ද පිළිබිඹු වේ! දැන්
එහි ‘මැණික්
කඩ’ ඕනෑ තරම්ය.
ඒ මදිවාට, ‘අන්තර්ජාලයේ මහා මැණිික් වෙළෙඳ
වීදියට’ තරුණ ‘ඇක්සස්
එකකුත්’ (ප‍්‍රවේශ
මාර්ගයක්) දෙමුවාවත
පාර ඔස්සේ වැටී තිබෙන්නේ ය!
එක් අතකින් බලන විට, දෙමුවාවත
පාර ඔස්සේ අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට ‘ඇක්සස්
එකක්’ විවෘත
වීම අමුත්තක් ද නොවේ. රත්නපුරය
ශත වර්ෂ ගණනක් මුළුල්ලේම ‘ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ලෝකය’ සමග
ගනුදෙණු පවත්වා තිබීම ඊට හේතුවයි. ‘රත්නද්වීප’ යන නාමය
මෙන්ම ‘රත්නපුරය’ යන නාමය
ද බිහිවූයේ එයිනි.
ඉතිහාස තොරතුරුවල කියැවෙන හැටියට, ක‍්‍රිස්තු
පූර්ව 04 වැනි
සියවසේ පටන්,
එනම් අදින් වසර 2400කට ඉහත පවා, ‘රෝම’ සහ ‘ග‍්‍රීක’ වෙළෙන්දන්
ලංකාවෙන් මුතු-මැණික්
මිලට ගෙන තිබේ. මහාචාර්ය
ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් පවසා ඇති අන්දමට, එකල ලංකාවේ මැණික් ලෝකයට
අලෙවි කෙරී ඇත්තේ, ඉන්දියානු වෙළෙන්දන් මගිනි.
පසුකාලීනව එම කටයුත්ත අරාබියානු වෙළෙන්දන් අතට පත්වූ බව ප‍්‍රකට
ය.
එකල ද ලංකාවේ ‘නිල්
මැණික්’ ලොව
පුරා ප‍්‍රසිද්ධ ය. පැරණිි
ග‍්‍රීක බසින් ‘සැෆිරෝස්’ යනු
නිල් මැණික් ය. ඔවුන්ට
අනුව ‘ලංකාව’ යනු
තමන්ට ‘සැෆිරෝස්’ ලැබෙන
රටයි. ‘නිල් මැණික්’ (බ්ලූ
සැෆයාර්) හඳුන්වන
‘සැෆයාර්’ යන වචනය
නිර්මාණයවී ඇතැයි කියන්නේ, ග‍්‍රීක ‘සැෆිරෝස්’ යන්න බිඳීමෙනි.
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් සිය ග‍්‍රන්ථවල
පෙන්වා දෙන ආකාරයට, ‘සපරගමුව’ යන වචනය
ද ග‍්‍රීක ‘සැෆිරෝස්’ යන්නෙන්
බිඳී ආවකි!
වර්තමානයේ ‘රත්නපුර
නගරය’ පිහිටියේ
කළු ගඟ අසබඩ ඇති කුඩා කඳු ගැටයක් ආශ‍්‍රිතව ය. එහි
ඇරඹුම, මෑත
ලංකාවට විදේශීය ආක‍්‍රමණ එල්ලවූ 15 වැනි ශත වර්ෂය තෙක් දිවෙයි.
එකල රත්නපුරයට පැමිණි පෘතුගීසීහු මුලින්ම ‘සමන්
වෙහෙර සහ මහ සමන් දේවාලය’ වනසා යුද කඳවුරක්
ඉදි කළහ. ඉන්
පසුව ලන්දේසි පාලන සමයේ දී ‘රත්නපුර බලකොටුව’ හෙවත් ‘වර්තමාන
නගරය’ බිහි
කෙරිණි. වැඩි ප‍්‍රසිද්ධියක්
නැතත්, පැරණි
‘රත්නපුර
කොටුව’ නගර මධ්‍යයෙහි
කුඩා කඳු ගැටය
ආශ‍්‍රිතව අදත් දකින්නට ලැබේ.
ඊට පෙර ‘රත්නපුර
නගරය’ කොතැනක
පිහිටියේ ද?
යන්න මහත් කුතුහලය දනවන කාරණයකි. හිටපු
පුරාවිද්‍යා නිලධාරිවරයෙකු සහ ප‍්‍රවීණ ලේඛකයෙකු වන ජයන්ත විජේරත්න හේරත් මහතා
පවසන අන්දමට,
‘පැරණි රත්නපුරය’, එනම් ‘සිංහල
රජ සමයේ රත්නපුරය’ පිහිටා තිබී ඇත්තේ, වර්තමාන
‘බටුගෙදරයි’. එකල එහි
‘තානායමක්’ ද, ‘වලව්’ කීපයක්
ද පැවතිණි.
වර්තමාන
රත්නපුර නගරයට හූවක දුරින් පිහිටි බටුගෙදර ද කළු ගඟ අසබඩ භූමියකිි.
ඉන්දියානු වෙළෙන්දන් අතින් ඉපැරණි ග‍්‍රීසියට සහ රෝමයට
නිල් මැණිික් යැවෙන්නට ඇත්තේ ‘බටුගෙදර’ ඔස්සේ
විය හැකි ය! ‘නගරය’ වර්තමාන
භූමි භාගයට සංක‍්‍රමණය වූයේ විදේශ ආක‍්‍රමණ ද සමගිනි.
‘අන්තර්ජාලයේ
මහා මැණික් වෙළෙඳ වීදියට’ වැටුණු තරුණ ‘ඇක්සස්
එක’ දෙමුවාවාත
පාර ඔස්සේ විවෘතව ඇති බව කලින් සඳහන් කළෙමු. එසේ වුව
ද, පෘතුගීසි, ලන්දේසි
සහ බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ‘රත්නපුරය’ ලෝකයට
ගැට ගැසූ ‘ඇක්සස්
එක’ වැටී
තිබුණේ් කළු ගඟ ඔස්සේ ය. එකල
කළුතර, කොළඹ හෝ
සමීප මුහුදුබඩ නගර දක්වා ප‍්‍රවාහන කටයුතු සිදු වූයේ ‘පාරු’, ‘හම්බන්’ සහ ‘ඔරු අඟුල්’ ආදී ජල
යාත‍්‍රාවලිනි.
රත්නපුරයේ පැරණි ‘පාරු
තොටුපොළ’ තිබී
ඇත්තේ, වර්තමාන
‘ජෝති
සිනමාහල’ ආශ‍්‍රිතව
කළු ගඟ ඉවුරේ ය. එකල
රත්නපුරය ඔස්සේ පිටතට ගමන් කළ උදවිය එයින් නැගී ගියහ. එකල එය
නිසැකවම ‘මැණික්
තොටුපොළක්’
වන්නට ඇත! දැන්
නම් එතැන පැරණි ‘පාරු තොටුපොළක’ සලකුණක්
හෝ දැක ගන්නට නැත්තේ ය.
යටත් විජිත පාලන සමයේ ලෝක මට්ටමේ මහාර්ඝ
මැණික් ගනුදෙණු ද, රාජකීයයන්, ප‍්‍රභූවරුන්, සිටුවරුන්
සහ මහේශාක්‍ය විදේශිකයන්ගේ ගමන් බිමන් ද සම්බන්ධීකරණය වන්නට ඇත්තේ රත්නපුර ‘පාරු
තොටුපොළෙනි’.
වර්තමානයේ රත්නපුරයට අධිගෘහිත පාලකකාරකාදීන් එබඳු
තොටුපොළක් ගැන දන්නා බවක් පෙනෙන්නට ද නැත.
එතැන කදිම ‘සංචාරක තිප්පොලක්’ බවට පත්
කළ හැකි බවක් ඔවුන් කවදා වටහා ගනු ඇතැයි ද සිතන්නටවත් නුපුළුවන!.
කොයිහැටි වෙතත්, පැරණි
පාරු තොටුපොළෙන් නික්මුණු තරුණ (පොෂ්)
පහේ කොල්ලෙක්, අතීත සියවස් කිහිපයක් අතරින්
හුදෙකලාව ඇවිද,
බණ්ඩාරනායක මාවත ඔස්සේ දුවමින්, සීවලී
පිට්ටනිය තරණයකර, දෙමුවාවත පාර ඔස්සේ ‘අන්තර්ජාල
මැණික් වීිදියට’
ගොඩ වන වර්තමාන දර්ශනය නම් බෙහෙවින් ආශ්වාදජනක ය!
(රත්නපුරයේ
මුෂාන් හාරීම් මහතාට ස්තුතියි.)
2017/03/21.
No comments:
Post a Comment