පුුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කූරගල නෑයා
කූරගල අරභයා අලුත් කතිකාවතක්
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-විමුක්ති)
බලංගොඩට නුදුරු ‘කූරගල’ ලෙන් සංකීර්ණයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම් වැඩ පිළිවෙල ඇරඹුණේ, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනි. කැණීම් ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ අතර, ඉන් කූරගල අරභයා අලූත් කතිකාවක් හට ගෙන තිබේ. එදා-මෙදා තුර වලවේ ගඟ නිම්නයේ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන්ට මගහැරුණු, බලංගොඩ මානවයන්ගේ ‘ලේ නෑයා’ කූරගල ලෙනෙන් හමුවීම කතිකාවතට හේතුවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට, කූරගල ලෙනෙන් හමුවූ ආදි මානව ජනාවාසයේ වයස අදින් වසර 16,000කි. ඒ අනුව, බලංගොඩ මානවයන්ගේ ‘කූරගල මුතුන් මිත්තන්’ හෙවත් ලේ නෑයන්, අදින් වසර 16,000ක් පැරණි ය.
‘වර්ෂ 1887 සිට 1908 වෙනකල් ‘සැරසින් සහෝදරයෝ’ මේ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කළා. ඊට පස්සේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් උග්ගල් කල්තොට කඳු වැටියේ පර්යේෂණ කළා. පසුකාලීනව ආචාර්ය සිරාන් දැරණියගල මහතාත් මේ ප‍්‍රදේශයේ පර්යේෂණ කළා. ඒත් ඒ කාටවත්ම කූරගල ආදි මානව ජනාවාසය හමු වුණේ නෑ. ඒ නිසා ‘කූරගලින් හමුවූ මානවයා’, පුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්’, කූරගල කැණීම් භාරව සිටි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.
බලංගොඩට කිලෝමීටර් 25ක් පමණ දුරින්, කල්තොට පාරේ පිහිටි කූරගල පර්වතය සහ ලෙන් ගුහා, ඉපැරණි බෞද්ධ නටබුන් ද සහිත ගල් ලෙන් සංකීර්ණයකි. වලවේ ගඟේ ඉහළ නිම්නයට අයත් එම ප‍්‍රදේශය, සුප‍්‍රකට කල්තොට කඳු වැටිය ආශ‍්‍රිතව පිහිටියකි. එය, ඉපැරණි බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි, කටාරම් කෙටූ ලෙන්, දාගැබ් අවශේෂ ආදියෙන් සමන්විත ය. ඒවා ඉදිකර තිබුණේ ඓතිහාසික යුගයේ දී ය. එහෙත් පසුකාලීනව එය අන්‍යාගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි. ඔවුන් ගල් ලෙන් සංකීර්ණයෙහි අවනසරයෙන් ගොඩනැගිලි ආදිය ඉදි කළ අතර, එයින් ලෙන් සංකීර්ණයෙහි පැවති සෙල් ලිපි සහ නටබුන්වලට බලවත් හානි සිදු විය. කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් ඇතුළු ප‍්‍රදේශයේ බෞද්ධ වැසියන් කොතෙක් ඉල්ලීම් කළ ද, අන්‍යාගමික මධ්‍යස්ථානය ඉවත්කර ගන්නට නොහැකි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද ඒ සඳහා උත්සාහ කළ අතර, එය ද ව්‍යවර්ථ විය. පුරාවිද්‍යා පර්යේෂණ කරන්නට ද නො හැකි විය.
පසුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රශ්නයට මැදිහත් විය. ඒ අනුව, සිය ආගමික මධ්‍යස්ථානය එතැනින් ඉවත්කර ගන්නට එහි භාරකරුවෝ එකඟ වූහ. ඉන් පසුව අනවසර ගොඩනැගිලි කඩා ඉවත් කෙරිණි. ඒ සඳහා යුද හමුදාව, පොලීසිය, සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතනවල සහාය ලැබිණි කූරගල පර්වතය, ගල් ලෙන් සහ එහි නටබුන් අරභයා පර්යේෂණ කැණීමක් පවත්වා, එහි ඉතිහාසය මතු කිරීමේ කටයුත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිණි. ඒ අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි, පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ (කැණීම්), ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් 2013 වසරේ අප‍්‍රියෙල් 25 වැනි දා කූරගල ලෙන් පරිශ‍්‍රයේ කැණීම් ඇරඹිණි. එහිදී ලෙන් සංකීර්ණයෙහි පැවති ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක සාධක මතු වන්නට පටන් ගත්තේ ය. එය ලංකාවෙන් මෙතෙක් හමු නොවූ තරම් අති විශාල මානව ජනාවාසයක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස විය.
රටේ මධ්‍යම කඳුකරය පටන් ගන්නා කඳු රේඛාවේ, බෑවුම් සහිත මුදුනක කුරගල පිහිටා තිබේ. බෑවුම කෙළවරින්වූ තැනිතලාව ඔස්සේ වලවේ ගඟ ගලා බසින අතර, තැනිතලා භූමිය සුප‍්‍රකට උඩවලවේ ජාතික වනෝද්‍යානයයි. මේ පිහිටීම සුවිශේෂ ය. අදින් වසර 13,000කට ඉහත බලංගොඩ මානවයන් ජීවත්වූ බෙල්ලන්බැඳිපැලැස්ස ජනාවාසය පැවති භූමිය ද එහි පිහිටා තිබීම, ඊට හේතුවයි. බෙල්ලන්බැඳිපැලැස්ස, කූරගලට පෙනෙන තරම් සමීප ය.
‘කූරගල කියන්නේ ප‍්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන්, රටේ තෙත් කලාපය සහ වියලි කලාපය අතර සංක‍්‍රමණය වීමේ දී භාවිත කෙරුණු අතරමැදි කඳවුරක් වගේ තැනක්. පහළ බෙල්ලන්බැඳිපැලැස්ස වියලි කලාපීය භූමියක්. කූරගලින් එහාට තියෙන්නේ තෙත් කලාපය. කූරගල පිහිටලා තියෙන කඳු වැටිය තියෙන්නේ හරියටම මේ දේශගුණ කලාප දෙක අතර මැදයි. මේක අන්තර් දේශගුණ කලාප ජනාවාසයක්. මෙතැනින් ලංකාවේ මානව ඉතිහාසය ගැන, මානව පරිණාමය ගැන බොහෝ තොරතුරු හෙළි වේවි’, යයි කැණීම් ආරම්භ කළ දිනවල පුරාවිද්‍යා නිලදාරීහු පැවසූහ.
ඔවුන්ගේ අනුමානය නිවැරදි විය. 2013 මැයි මාසයේ ඔවුහු ලෙන කැණීමෙන් ආදි මානව ඇටසැකිලි දෙකක් මතුකර ගත්හ. ඊට අමතරව, මානව අවශේෂ, ශිලා මෙවලම්, ගොඩ බිම සහ සමුද්‍රික සත්ත්ව අවශේෂ ආදී ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු රාශියක්ම ඔවුන්ට හමු විය.
2013 සැප්තැම්බර් 18 වැනි දා, පුරාවිද්‍යා නිලධාරීහු තමන් මතුකර ගත් ඇටසැකිලි ප‍්‍රවේශමින් ගොඩ ගත්හ. ඒ සමගම, ලෝක මානව පරිණාමයේ ලාංකේය වංශකතාවට තවත් අලූත් පරිච්ෙඡ්දයක් එක් වූයේ ය. ‘බලංගොඩ මානව පරපුරේ ‘කූරගල නෑයා’, වසර දහස් ගණනකට පසුව සිය ලෙන් දොරින් නික්ම වර්තමානයට පා තැබීම, ඒ අලූත් කතා පුවතයි. ‘කූරගල නෑයා’ ලෙන් දොරින් නික්මීම සංවිධානයකර තිබුණේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. වසර දහස් ගණනක් මුළුල්ලේ වැතිර සිටි පෞරාණික, පාෂාණිභූත, පස් කුට්ටිය ද සමගින් ලෑලි පෙට්ටියක සැතපුණු හෙතෙම, සිය අනභිබවනීය පරපුරේ වර්තමානික මිනිසුන්ගේ කර මතින් නික්ම ගිය දසුන ඉමහත් සංවේදී එකක් විය. ඒවායෙහි විශ්ලේෂණ තවම අවසන් නැත.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, ඇමරිකාවේ බීටා ඇනලිටික් පුරාවස්තු රසායනාගාරයෙන් වාර්තාවක් ලැබිණි. ඉන් කියැවුණේ, කූරගලින් හමුවූ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 16,000ත්, 6000ත් අතර කාලයට අයත්වන බවයි. එයට කාල අවධි පහක් ඇතුළත් වන බව ද වාර්තාවේ සඳහන් විය. පුරාවිද්‍යාඥයන්ට මගහැරී ගිය කූරගල මානවයා, අදින් වසර 16,000ක් පැරණියෙකු බව එහි සරල තේරුමයි.
කූරගල කැණීම භාරව කටයුතු කරන්නේ යු. ඩබ්ලිව්. කරුණාසේන, කමල්නන්ද සිරිසේන, සමන් කුමාර ඇරෑගම, ඞී. ආර්. අබේකෝන්, ජේ. එම්. ජයන්ත සහ ශ‍්‍ර‍්‍රීලාල් කුමාර යන කැණීම් නිලධාරීන් ඇතුළු කණ්ඩායමකි. ඔවුන් කියන්නේ කූරගල කැණීම, ඔස්සේ බලංගොඩ මානවයාගේ මුහුදු සම්බන්ධතා ගැන ද බොහෝ තොරතුරු හෙළිදරව් වන බවයි.
සමනොළ හිමය පාමුල, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 40,000ක් පැරණි ය. කූරගල අදින් වසර 16,000ක් පැරණි ය. ඊට පහළින් පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස ආදි මානව ජනාවාසය අදින් වසර 13,000ක් පැරණි ය. ඊට මෙපිටින් රංචමඩමේ මැටි සොහොන් ජනාවාස භූූමිය අදින් වසර 3368ක් පැරණි ය. කූරගලට නුදුරින් පිහිටි හල්දුම්මුල්ලේ මානව ජනාවාසය අදින් වසර 3750ක් පැරණි ය. කූරගල සහ බෙල්ලන්බැඳිපැලැස්සේ සිට බලන විට, බූන්දල, පල්ලේමලල සහ මිණිඇතිලිය ආදී වෙරළබඩ ආදි මානව ජනාවාස, අදින් වසර 4000ක් පමණ පැරණි ය.
‘මේකෙන් පේන්නේ, පසු කාලීනව ආදි මානවයා රටේ එක් පැත්තකින් වලවේ නිම්නය ඔස්සේ වෙරළබඩට සංක‍්‍රමණයවී ඇති බවයි. කූරගල කාලනිර්ණ දත්ත මගින්, ඒ සංක‍්‍රමණ රටාව අපට හෙළිදරව් කරනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.
2015/11/16.
කූරගල අරභයා අලුත් කතිකාවතක්
කූරගල කැණීම් පරිශ්‍රය |
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප-විමුක්ති)
බලංගොඩට නුදුරු ‘කූරගල’ ලෙන් සංකීර්ණයේ කෙරුණු පුරාවිද්‍යා කැණීම් වැඩ පිළිවෙල ඇරඹුණේ, එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනි. කැණීම් ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ අතර, ඉන් කූරගල අරභයා අලූත් කතිකාවක් හට ගෙන තිබේ. එදා-මෙදා තුර වලවේ ගඟ නිම්නයේ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයන්ට මගහැරුණු, බලංගොඩ මානවයන්ගේ ‘ලේ නෑයා’ කූරගල ලෙනෙන් හමුවීම කතිකාවතට හේතුවයි.
කූරගල |
‘වර්ෂ 1887 සිට 1908 වෙනකල් ‘සැරසින් සහෝදරයෝ’ මේ ප‍්‍රදේශයේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණ කළා. ඊට පස්සේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල සූරීන් උග්ගල් කල්තොට කඳු වැටියේ පර්යේෂණ කළා. පසුකාලීනව ආචාර්ය සිරාන් දැරණියගල මහතාත් මේ ප‍්‍රදේශයේ පර්යේෂණ කළා. ඒත් ඒ කාටවත්ම කූරගල ආදි මානව ජනාවාසය හමු වුණේ නෑ. ඒ නිසා ‘කූරගලින් හමුවූ මානවයා’, පුරාවිද්‍යාඥයන්ට මග හැරුණු කෙනෙක් කියලා කියන්නත් පුළුවන්’, කූරගල කැණීම් භාරව සිටි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.
කූරගල කැණීම්-ආචාර්ය නිමල් පෙරේරාගේ නිරීක්ෂණයට |
බලංගොඩට කිලෝමීටර් 25ක් පමණ දුරින්, කල්තොට පාරේ පිහිටි කූරගල පර්වතය සහ ලෙන් ගුහා, ඉපැරණි බෞද්ධ නටබුන් ද සහිත ගල් ලෙන් සංකීර්ණයකි. වලවේ ගඟේ ඉහළ නිම්නයට අයත් එම ප‍්‍රදේශය, සුප‍්‍රකට කල්තොට කඳු වැටිය ආශ‍්‍රිතව පිහිටියකි. එය, ඉපැරණි බ‍්‍රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපි, කටාරම් කෙටූ ලෙන්, දාගැබ් අවශේෂ ආදියෙන් සමන්විත ය. ඒවා ඉදිකර තිබුණේ ඓතිහාසික යුගයේ දී ය. එහෙත් පසුකාලීනව එය අන්‍යාගමික මධ්‍යස්ථානයක් බවට පත්ව තිබිණි. ඔවුන් ගල් ලෙන් සංකීර්ණයෙහි අවනසරයෙන් ගොඩනැගිලි ආදිය ඉදි කළ අතර, එයින් ලෙන් සංකීර්ණයෙහි පැවති සෙල් ලිපි සහ නටබුන්වලට බලවත් හානි සිදු විය. කූරගල ශ‍්‍රී පාද දිවා ගුහා රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර හිමියන් ඇතුළු ප‍්‍රදේශයේ බෞද්ධ වැසියන් කොතෙක් ඉල්ලීම් කළ ද, අන්‍යාගමික මධ්‍යස්ථානය ඉවත්කර ගන්නට නොහැකි විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද ඒ සඳහා උත්සාහ කළ අතර, එය ද ව්‍යවර්ථ විය. පුරාවිද්‍යා පර්යේෂණ කරන්නට ද නො හැකි විය.
කූරගල කැණීම්-ජූඩ් පෙරේරා |
කූරගලින් පහළ වලවේ නිම්නය |
කූරගලින් හමුවූ ආදි මානව මෙවලම් සහ බෙලි කටු | (පින්තූරය-ජයන්ත විජේරත්න හේරත්) |
‘කූරගල කියන්නේ ප‍්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන්, රටේ තෙත් කලාපය සහ වියලි කලාපය අතර සංක‍්‍රමණය වීමේ දී භාවිත කෙරුණු අතරමැදි කඳවුරක් වගේ තැනක්. පහළ බෙල්ලන්බැඳිපැලැස්ස වියලි කලාපීය භූමියක්. කූරගලින් එහාට තියෙන්නේ තෙත් කලාපය. කූරගල පිහිටලා තියෙන කඳු වැටිය තියෙන්නේ හරියටම මේ දේශගුණ කලාප දෙක අතර මැදයි. මේක අන්තර් දේශගුණ කලාප ජනාවාසයක්. මෙතැනින් ලංකාවේ මානව ඉතිහාසය ගැන, මානව පරිණාමය ගැන බොහෝ තොරතුරු හෙළි වේවි’, යයි කැණීම් ආරම්භ කළ දිනවල පුරාවිද්‍යා නිලදාරීහු පැවසූහ.
ඔවුන්ගේ අනුමානය නිවැරදි විය. 2013 මැයි මාසයේ ඔවුහු ලෙන කැණීමෙන් ආදි මානව ඇටසැකිලි දෙකක් මතුකර ගත්හ. ඊට අමතරව, මානව අවශේෂ, ශිලා මෙවලම්, ගොඩ බිම සහ සමුද්‍රික සත්ත්ව අවශේෂ ආදී ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු රාශියක්ම ඔවුන්ට හමු විය.
2013 සැප්තැම්බර් 18 වැනි දා, පුරාවිද්‍යා නිලධාරීහු තමන් මතුකර ගත් ඇටසැකිලි ප‍්‍රවේශමින් ගොඩ ගත්හ. ඒ සමගම, ලෝක මානව පරිණාමයේ ලාංකේය වංශකතාවට තවත් අලූත් පරිච්ෙඡ්දයක් එක් වූයේ ය. ‘බලංගොඩ මානව පරපුරේ ‘කූරගල නෑයා’, වසර දහස් ගණනකට පසුව සිය ලෙන් දොරින් නික්ම වර්තමානයට පා තැබීම, ඒ අලූත් කතා පුවතයි. ‘කූරගල නෑයා’ ලෙන් දොරින් නික්මීම සංවිධානයකර තිබුණේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. වසර දහස් ගණනක් මුළුල්ලේ වැතිර සිටි පෞරාණික, පාෂාණිභූත, පස් කුට්ටිය ද සමගින් ලෑලි පෙට්ටියක සැතපුණු හෙතෙම, සිය අනභිබවනීය පරපුරේ වර්තමානික මිනිසුන්ගේ කර මතින් නික්ම ගිය දසුන ඉමහත් සංවේදී එකක් විය. ඒවායෙහි විශ්ලේෂණ තවම අවසන් නැත.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, ඇමරිකාවේ බීටා ඇනලිටික් පුරාවස්තු රසායනාගාරයෙන් වාර්තාවක් ලැබිණි. ඉන් කියැවුණේ, කූරගලින් හමුවූ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 16,000ත්, 6000ත් අතර කාලයට අයත්වන බවයි. එයට කාල අවධි පහක් ඇතුළත් වන බව ද වාර්තාවේ සඳහන් විය. පුරාවිද්‍යාඥයන්ට මගහැරී ගිය කූරගල මානවයා, අදින් වසර 16,000ක් පැරණියෙකු බව එහි සරල තේරුමයි.
කූරගල කැණීම භාරව කටයුතු කරන්නේ යු. ඩබ්ලිව්. කරුණාසේන, කමල්නන්ද සිරිසේන, සමන් කුමාර ඇරෑගම, ඞී. ආර්. අබේකෝන්, ජේ. එම්. ජයන්ත සහ ශ‍්‍ර‍්‍රීලාල් කුමාර යන කැණීම් නිලධාරීන් ඇතුළු කණ්ඩායමකි. ඔවුන් කියන්නේ කූරගල කැණීම, ඔස්සේ බලංගොඩ මානවයාගේ මුහුදු සම්බන්ධතා ගැන ද බොහෝ තොරතුරු හෙළිදරව් වන බවයි.
කැණීම් කණ්ඩායම |
සමනොළ හිමය පාමුල, කුරුවිට පිහිටි ‘බටදොඹ ලෙන’ බලංගොඩ මානව ජනාවාසය අදින් වසර 40,000ක් පැරණි ය. කූරගල අදින් වසර 16,000ක් පැරණි ය. ඊට පහළින් පිහිටි බෙල්ලන්බැඳිපැලැස්ස ආදි මානව ජනාවාසය අදින් වසර 13,000ක් පැරණි ය. ඊට මෙපිටින් රංචමඩමේ මැටි සොහොන් ජනාවාස භූූමිය අදින් වසර 3368ක් පැරණි ය. කූරගලට නුදුරින් පිහිටි හල්දුම්මුල්ලේ මානව ජනාවාසය අදින් වසර 3750ක් පැරණි ය. කූරගල සහ බෙල්ලන්බැඳිපැලැස්සේ සිට බලන විට, බූන්දල, පල්ලේමලල සහ මිණිඇතිලිය ආදී වෙරළබඩ ආදි මානව ජනාවාස, අදින් වසර 4000ක් පමණ පැරණි ය.
‘මේකෙන් පේන්නේ, පසු කාලීනව ආදි මානවයා රටේ එක් පැත්තකින් වලවේ නිම්නය ඔස්සේ වෙරළබඩට සංක‍්‍රමණයවී ඇති බවයි. කූරගල කාලනිර්ණ දත්ත මගින්, ඒ සංක‍්‍රමණ රටාව අපට හෙළිදරව් කරනවා’, ආචාර්ය නිමල් පෙරේරා මහතා කියන්නේ ය.
2015/11/16.
වැදගත් නිසා උපුටාගෙන බුකියේ ලින්කුවක් ඇලවීමි.
ReplyDeleteජයවේවා..!!
ප්‍රතිචාරයට ස්තුතියි-ක්‍රිෂ්ණ.
Delete‘කූරගල කියන්නේ ප‍්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයන්, රටේ තෙත් කලාපය සහ වියලි කලාපය අතර සංක‍්‍රමණය වීමේ දී භාවිත කෙරුණු අතරමැදි කඳවුරක් වගේ තැනක්.++++++
ReplyDeleteමෙවැනි වැදගත් ලිපි පාසල් ළමයින්ට කියවීම සඳහා ක්‍රමයක් සකසන්න