මිණිහිරි අන්දර - 01
මින්නේරි භූමිය මහසෙන් රජුගේ ඇසට
(කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර)
එය, ක‍්‍රිස්තු වර්ෂ 03 වැනි සියවස අග භාගයේ එක්තරා දවසක එළඹි රාත‍්‍රියකි. එක් රැුකවලෙක් පමණක් කැටුව, රහසේම ‘ගමන් මාලිගාවෙන්’ නික්මුණු මහසෙන් (ක‍්‍රි.ව. 274 - 301) මහ රජ්ජුරුවෝ, කිරි ඔයෙන් ද එතෙරව එක්තරා ස්ථානයක් කරා ගමන් කළහ. එය, ඒ වනවිටත් රජු සමග අවි අමෝරා ගෙන සිටි, මින්නේරි වාසී යක්‍ෂ ගෝත‍්‍රික නායකයන්ගේ ලැඟුම් කඳවුර විය. රැකවලා පිටත රැඳවූ මහසෙන් රජු ඇතුළට පිවිසුණේ එහි වූවෙකුගේ නමක්ද කියා අමතමිනි.
ඒ සමගම ආගන්තුක ඇමතුමෙන් පිබිදුණු කඳවුරු නායකයා, සැණෙකින් අමුත්තා ඉදිරියේ පෙනී සිටියේය.
‘මම මහසෙන්’
අමුත්තා ගාම්භීර හඬින් තමන් හඳුන්වා දුන්නේය. ඒ ඇසූ කඳවුරු නායකයා තිගැස්සිණි. එහෙත් ඔහු සෘජු කුසින් යුක්තව අමුත්තාට මුහුණ දුන්නේය.
‘මම ආවේ උඹලව හම්බවෙන්නයි. මට උඹලාව සේරම මරා දාලා ඔය වැව හදන්ඩ පුළුවන්. ඒත් වැවක් හදන්ඩ වුණත් මිනිස් ජීවිත නැති කර දමන්ඩ ඕනෑ නෑ. මේ වැව හදන්නේ රටේ වැසියන්ගේ සුභ සිද්ධියටයි. අපිට බැරිද මිනීමරා ගන්නේ නැතිව මේක කරන්නඩ ?’ රජු විමසීය.
කඳවුරු නායකයා මදක් කල්පනා කළේය. අලූතින් තනවන්නට යන වැවට තම නිජ භූමිය පවරා ගැනීමට එරෙහිව ගිය තම නායකයා වූ ‘කළුවා’ ඒ වන විටත් මරු තුරුළට ගොසිනි. රජු හා ගැටුම තවත් දුරදිග ගියහොත් යක්‍ෂ ගෝත‍්‍රික සනුහරයේ ඉතිරි පිරිසද මැරුම් කනු ඇත.
‘හොඳමයි මහරජතුමනි. අපිට අපේ ගම්බිම් වෙනුවට වෙනත් භූමියක් ඕනෑ. අපේ අයිතිවාසිකම් ඕනෑ. එහෙම දෙනවා නම් අපි වැව හදන භූමියෙන් ඉවත්ව යන්නම්’ කඳවුරු නායකයා රජු හමුවේ පිළිවදන් දුන්නේය.
මහසෙන් රජ්ජුරුවෝ ඒ ඉල්ලීමට කැමැත්ත දුන්හ. ඉක්බිති, වැව ඉදිකිරීම ඇරඹිනි.
මේ කතා පුවත, ‘ඉතිහාස වාර්තාවක්’ නොවේ. මහාවංශය හෝ සමකාලීන වංශකතාවක සඳහන් වන පුවතක් ද නොවේ. ලියුම්කරු එය උපුටා ගත්තේ, පොළොන්නරුව සුප‍්‍රකට ‘මින්නේරි වැව’ නිර්මාණය වීම පිළිබඳව ගෙතී ඇති ජනප‍්‍රවාද ඇසුරිනි. එනම් ජනශ‍්‍රැති ගණනාවකින් තෝරා ගත් එක් කතා පුවතක් සජීවීකරණයකර ගැනීමෙනි.
මහාවංශයෙහි ද දැක්වෙන අන්දමට, සුප‍්‍රකට මින්නේරි වැව, ‘මහසෙන් රජු’ විසින් කරවූවකි. වංශකතාවල සඳහන් නොවූවද, වැව නිර්මාණය වීම අරභයා එන ජනශ‍්‍රැති රාශියකි. ඒවා ඉතාමත් රසවත් ය. එයින් හෙළිදරව් වන විශේෂ කාරණා දෙකක් තිබේ. එකක් නම් එකල විසූ පාලකයන් තම රට වැසියන් කෙරෙහි කෙතරම් කැපවීමෙන් වැඩ කළේද ? යන කාරණයයි. අනෙක අපේ පැරැුන්නන්ට වාරි කර්මාන්ත සම්බන්ධයෙන් ද කොතරම් විශිෂ්ට ඥාන සම්භාරයක් තිබුණේ ද යන්නයි.
මින්නේරි ජන ශ‍්‍රැතිවලට පදනම් වූ වැව්, සොරොව්, බිසෝ කොටු සහ ඇළ මාර්ග ආදී පැරණි නිර්මිතයන්, වර්තමානික බොහෝ දුක් ගැහැට මධ්‍යයේ අදටත් බොහොම සජීවී ක‍්‍රියාකාරීත්වයෙන් යුක්තව පවතින්නේය. එබැවින් පැරණි ජනශ‍්‍රැති හුදී ජනයන්ගේ සංස්කෘතියෙන් ඉවත ලිය නොහැක්කේම ය. මින්නේරි ජනශ‍්‍රැති ඔස්සේ දිග හැරෙන්නේ එසේ මෙසේ පුවත් නොවේ. මහසෙන් බඳු ශ්‍රේෂ්ඨ නරපතියෙකුගේ පාලන තන්ත‍්‍රයේ ඇතුළු කවයෙහි හටගත්, ඇසූ දුටුවන් ගල් ගැසෙන තරම් ප‍්‍රබල දේශපාලනික සිදුවීම් මාලාවක නින්නාදයයි.
ඝන මීටර් මිලියන 135.7ක ජල ධාරිතාවක් සහිත මින්නේරි වැව, අදත් එක එල්ලේම කෙත් බිම් හෙක්ටයාර් 8900කට පමණ දියවර සපයන්නේය. ඊට අමතරව එය, වාරි ජලය ගලා බස්නා දීර්ඝ මාර්ගයක රැුඳවුම් ජලාශයක් හැටියට ද අදත් භාවිත කෙරෙන්නේය. ඊට යාබදව පිහිටි ගිරිතලේ වැව, කවුඩුලූ වැව සහ මහා ජලාශයක් වූ පරාක‍්‍රම සමුද්‍රය ද ජනශ‍්‍රැති ඔස්සේ දින හැරෙන අතීත සිදුවීම්වල පාත‍්‍ර වර්ගයෝ වෙති. වත්මන් මින්නේරි වැව, පුරාණයේ දී හඳුන්වා ඇත්තේ ‘මිණිහිරි වාපි’ යනුවෙනි.
අනුරාධපුරයේ සිට රජකම් කළ ද, මහසෙන් මහ රජ්ජුරුවෝ, නිතරම පාහේ රටවැසියන් කෙරෙහි උපන් ළෙන්ගතුකමින් යුතුව විවිධ ප‍්‍රදේශවල සංචාරයෙහි යෙදුණහ. එහි එක් අරමුණක් වූයේ, රජු විසින් කර වන සංවර්ධන ව්‍යාපෘතීන් අධීක්‍ෂණය කිරීමයි. සංචාර සඳහා තම ඇමතිවරුන්ද එක්කර ගැනීම රජුගේ සිරිත වී තිබිණි. සංචාරය කරන ප‍්‍රදේශයේ යම් ස්ථානයක ‘ගමන් මාලිගාවක්’ (තාවකාලික ලැගුම් ගෙයක්) තනවා ගන්නා රජු එහි රැුඳෙමින් තම කටයුතු නිමකර ගැනීම සිරිතයි. මින්නේරි වැව ඉදි කරන්නට බලපෑ හේතු කාරණාව ගොඩනැගෙන්නේ ද රජු මින්නේරි අඩවිය ඉහත්තාවේ සුදු කන්ද ප‍්‍රදේශයේ ලැඟුම් ගෙන සිටියදීය.
එහිදී රජුට වැටහී ගියේ, ඇතැම් දිනයක තමන්ගේ ජනයාට ගෙන එන එළකිරි ඉතා මිහිරි රසයෙන් යුක්ත වන බවයි. ඊට හේතුව කෙසේ දැයි විමසූ කල එක්තරා වැස්සියකගෙන් දොවන කිරි වෙනස් රසයක් ගෙන දෙන බව සොයා ගත හැකි විය. රජුගේ විමසීම්වලට පිළිතුරු දුන් ගොපල්ලන් ප‍්‍රකාශ කළේ වැස්සිය උලා කන තණකොළ වර්ගයක ස්වභාවය අනුව එය සිදු විය හැකි බවයි. එහෙත් වනගත වන වැස්සිය තණ උලා කන පෙදෙස ගැන තොරතුරක් හෝ නොවීය.
ඒ ගැන කල්පනා කළ රජුගේ පිරිස කදිම උපක‍්‍රමයක් යෙදූහ. ඒ අනුව වැස්සියගේ පිටේ තල පිර වූ ගෝනියක් බැඳ, එහි කුඩා සිදුරක් සකසා, පිටත්කර යැවිණි. දැන් වැස්සිය ගමන් කරන මාර්ගයේ තල ඉහිරී යයි. ඊළඟට වට වැස්ස නිසා තල ඇට පැළ වී පෙනෙන්නට විය. ඒ ඔස්සේ ගමන් කළ රජු ඇතුළු පිරිසට වැස්සිය තෘණ උලා කන ඉසව්ව හමු විය. එය කුඩා දිය පාරක් ද ගලා බස්නා, ඉතා සරුසාර වන ගොමුවෙන් පිරි සිහිල් තැනිතලා පෙදෙසකි. එය දෙපැත්තේම කඳු වැටිය. භූමිය නිරීක්‍ෂණය කළ මහසෙන් රජුට වැටහී ගියේ, කඳු වැටි දෙක බැම්මකින් යා කළ හොත්, එහි කදිම වැවක් තැනිය හැකි බවයි. රජුත් සමග ගමනට එක් වූ ‘කලූ දෑ කඩ රාළ’ නම් ඇමතිවරයා ද යෝජනාව හොඳ එකක් බව කීවේය. එතැන වැවක් තැනීමට ඉතා සුදුසු බිමක් බව ඔහුගේ ද මතය විය. රජු වැව තැනීමට තීරණය කළේය.
එසේ වුවද වැව තැනීම ලෙහෙසි කටයුත්තක් වූයේ නැත. තෝරා ගත් භූමිය, යක්‍ෂ ගෝත‍්‍රික නායකයන් පිරිසකගේ නිජබිමක් වීම ඊට හේතුවයි. නිජබිම අරා සිටියෝ ‘කළුවා’, ‘කට්ටන් පට්ටිය’ සහ ‘කයිල වන්නියා’ යන සහෝදරයෙන් තිදෙනාය. (තවත් ජනප‍්‍රවාදයක සඳහන් වන්නේ ‘පත්තා’, ‘රන්දුන්නා’ සහ ‘බොකුටි’ යන නමින් ඔවුන් හඳුන්වන බවය. තමන් නිවසන ගම්බිම්, වැවක් ඉදි කරන්නට දිය නොහැකි බව ඔවුහු රජුට සැලකළහ.
එතැනින් නොනැවතී ඔවුහු රජු සමග බහින් බස් වූහ. එහිදී ගැටුමක් හටගත් අතර, කළුවා රජුට පහර දෙන්නට පැනීමේදී ගලක ගැටී, වැටී මරුමුවට පත් විය.
රජ්ජුරුවෝ මැදියම් රැයක, තනිවම ඔවුන්ගේ කඳවුරට ඇතුළු වී වැව තැනීම පිළිබඳ කතාබහකට මුලපුරන්නේ ඒ සිද්ධියෙන් පසුවය.
(මතු සම්බන්ධයි)
No comments:
Post a Comment