බත් කන මිනිසුන්ට පණිවුඩයක්-02
මිථ්‍යාවෙන් අත්මිදෙමු!
හැකි හැමවිටම රතු බත් කමු!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නව පර්යේෂණ මගින් පහදා දුන් තරම් ගැඹුරු විශ්ලේෂණ නො තිබුණ ද, අපේ පාරම්පරික සහල් වර්ග පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් පොහෝනේ වූ බව, ලක් වැසියන් අතීතයේ පටන්ම දැන සිටි කාරණයකි. ආයුර්වේදය, දේශීය පාරම්පරික වෙදකම සහ ජන දැනුම සහ භාවිතාව ඔස්සේ ඒවා පැවත ආවේ ය. ඒ දැනුම අනුව සිය ජීවිත හැඩගස්වා ගත් අතීත ජනයා, ශරීර ශක්තියෙන් ද, නීරෝගී භාවයෙන් ද යුක්තව කල් ගෙවූහ.
කාරණය තේරුම් ගැනීම ස`දහා අපට හොඳ අතීත ‘වාර්තා’ දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ, වර්ෂ වර්ෂ 1660 දී ලංකාවේ සිරකරුවෙකු බවට පත් වූ බි‍්‍රතාන්‍ය ජාතික රොබට් නොක්ස් ලියූ zAn Historical Relation of the Island of CeylonZ නමැති වටිනා ග‍්‍රන්ථයයි. ‘එදා හෙළදිව’ එහි සිංහල පරිවර්තනයයි. අනෙක, වර්ෂ 1816 දී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරයෙකු වූ ජෝන් ඩෙවි ලියූ zAn Account of the Interior of Ceylon and its Inhabitants with Travels in
that IslandZ නමැති අගනා ග‍්‍රන්ථයයි. එය ‘ඩේවි දුටු ලංකාව’ නමින් සිංහලයට නැගී තිබේ. රොබට් නොක්ස් මෙහි විසුවේ උඩරට රජු දවස ය. දොස්තර ජෝන් ඩෙවි මෙහි කටයුතු කළේ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ය. ග‍්‍රන්ථ දෙකෙහිම උඩරට රජ සමයේ සහ බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ලංකාවේ විසූ ජනයා පෙළුණු ලෙඩ රෝග ගැන ද ස`දහන්කර තිබේ. එකල ද ‘දියවැඩියා’ රෝගය පැවති බව ඉන් කියැවේ. එහෙත් දියවැඩියාව හෝ පිළිකා, හෘද්‍යාබාධ, වකුගඩු වැනි නිදන්ගත රෝග එකල බහුලව තිබුණු බවක් ඒවායෙහි සඳහන් නොවේ. එබඳු නිදන්ගත රෝග සමාජ ප‍්‍රශ්නයක් බවට පත්ව තිබුණු බවක් ද සටහන්ව නැත!
මින් පෙනී යන්නේ, උඩරට සිංහල රාජ්‍යයේ අවසාන සමයේ මෙන්ම බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ද ලංකාවේ ජනයා, නිරෝගී ජීවිත ගත කරමින් සිටි බවයි!
සියල්ල වෙනස්වී ඇත්තේ, ‘නවීන, රසායනික ගොවිතැන’ අපේ කෙත් බිම් ආක‍්‍රමණය කිරීමත් සමගිනි. එනම් මුලින් සඳහන් කළාක් මෙන්, 1960 දශකයෙන් පසුව ය.
කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් කළ පර්යේෂණ ඔස්සේ, අපට ඉතා වැදගත් කාරණයක් පසක්කර දෙයි. එනම්, මුළු ලංකාවාසීන්ටම ආපසු හැරිය යුතු කාලය එළඹ ඇති බවයි!
ඒ කෙසේ ද යත්, දැන්වත් ඉතින් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් හීන ‘හරිත විප්ලව බත’ අත්හැර දැමීමයි! තවත් පැහැදිලිව කියනවා නම්, නව වැඩි දියුණු වියෙන් උපදින සහලේ බත අත්හැර දැමීමයි. ඒ වෙනුවට, නො පමාව, දේශීය පාරම්පරික රතු සහලක නිවුඞ්ඩ සහිත බත් අනුභව කිරීමට පුරුදු වීමයි. එය කළ නො හැකි නම්, අඩු තරමින් නිවුඞ්ඩ සහිත කිනම් හෝ රතු සහලක් අනුභව කරන්නට පුරුදු වීමයි. වෙනසක් හෝ වෙන යම් විශේෂ අවස්ථාවක් නොවේ නම්, ගුණයෙන් හීන සුදු බතින් ඈත් වීමයි. රතු සහල් පාරිභෝජනයේ දී නිවුඞ්ඩ සහිත, නො පාහින ලද සහල් භාවිතාවට වග බලා ගැනීමයි. යළිත් තැම්බූ රතු සහල් බතට ද යොමු වීමයි. වස-විස රහිතව, රසායනික පොහොර ආදිය නො දමා නිපදවූ (කාබනික) රතු සහලකට යොමු වීමයි!
මිථ්‍යාවෙන් අත් මිදෙමු
ලියුම්කරු මෙසේ කීවාට, දේශීය පාරම්පරික සහල් පාරිභෝජනය තවම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නවීන රසායනික ගොවිතැනට හසුව ඒවා මැකී ගොස් තිබීම, ඊට හේතුවයි. දැනට දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නේ ඉතාමත් සීමිතව ය.
රජරටින් ඇරඹුණු මාරාන්තික වකුගඩු රෝගය පැතිර යාමත් සමග, ගොවීන් අතර මෙන්ම පාරිභෝගිකයන් අතර ද දේශීය පාරම්පරික සහල් සම්බන්ධයෙන් වැඩි අනන්දුවක් ඇති විය. සෑහෙන පිරිසක් යළිත් දේශීය පාරම්පරික වී වර්ග වගා කරන්නට එක් වූහ. එහෙත් තවම එය නිර්භීත ගොවීන් ටික දෙනෙක් අතරේ කෙරෙන ගොවිතැනකි! ඉතින් රටේ ඉල්ලූමට සරිලන තරම් දේශීය පාරම්පරික සහල් නිපැයෙන්නේ නැත. සීමිතව නිපදවෙන සහල ද මිලෙන් වැඩි ය. සාමාන්‍යයෙන් විවෘත වෙළෙඳපොළේ දේශීය සහල් කිලෝවක මිල රුපියල් 160-250ත් අතර අගයක් ගනී. එය කොහෙත්ම, සාමාන්‍ය පාරිභෝගික මහජනයාට දැරිය හැකි මිලක් නොවේ.
රට තුළ දේශීය පාරම්පරික සහල් වර්ග නිෂ්පාදනය වැඩි කිරීමට සැලැස්වීම, එයට දිය හැකි හොඳම විසඳුමයි. ඒ සඳහා දේශීය පාරම්පරික වී වර්ග වගා කරන භූමි ප‍්‍රමාණය වැඩි කළ යුතුව තිබේ. දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලන හැකියාවෙන් යුත්, මසුරන්, සුදු හීනැටි, දික් වී සහ ගොඩ හීනැටි මෙන්ම, පෝෂණ සහ ඖෂධීය ගුණයෙන් ඉහළම තත්ත්වයක් දරන, අනෙකුත් දේශීය වී වර්ග ද වැඩි වැඩියෙන් වගා කළ යුතු ය.
දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීම අස්වැන්න අඩු, නිරර්ථක දෙයක් බවට හරිත විප්ලවකාරයන් විසින් විවිධ මතවාද වැපිරූහ. ඒවා අවිචාරවත්ව ගිල දැමීම නිසා ගොවීන් වැඩි දෙනෙක් තවමත් පැරණි වී වර්ග වගා කිරීමට යම් මැලිකමමක් දක්වති. වර්තමානයේ පැරණි වී වර්ග වගා කරන ගොවි පිරිස සීමිත වුව ද, ඔවුහු ඉහළ අස්වනු ලබා ගනිති. වස-විස නො දමති. වී කිලෝවේ මිල රුපියල් 60-70ක් වන බැවින් ඉහළ ආදායම් උපයති. සිය නිවෙස්වල ගුණයෙන් උසස් බතක් වළඳති. දැන් ඉතින් හරිත විප්ලවකාරයන්ගේ බොරු මතවාද දියවී යමින් තිබේ. දැන් දැන් ආණ්ඩුවේ කෘෂිකර්ම යාන්ත‍්‍රණය ද, දේශීය පාරම්පරික වී වර්ග වස-විසෙන් තොරව වගා කිරීමට ගොවීන් පොළඹවනු පෙනෙයි. එය අතිශයින්ම වටිනා පියවරකි.
ජර්මනියේ දී නොබෝදා පළ කෙරුණු, ‘Health Food Properties of
Traditional Rice in Sri Lanka’ ග‍්‍රන්ථය පමණක් නොවේ. ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය දේශීය පාරම්පරික සහල් ගැන කළ පර්යේෂණ සම්බන්ධයෙන්, තවත් ජාත්‍යන්තර පර්යේෂණ පත‍්‍රිකා කිහිපයක්ම පළ විය. ‘Journal
of Cereal Science’, ‘Journal of Food Biochemistry’, Coastal Life Medicine’, සහ ‘Tropical Agricultural Research’ යන ප‍්‍රකාශන ඒ අතර වේ. ඔවුන් සිය පර්යේෂණ ඔස්සේ පවසන කාරණයෙහි යටි අරුත වන්නේ, නිරෝගිමත්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා රට යළි දේශීය පාරම්පරික සහලට ගෙන යා යුතුය යන්නයි! එය අදියරෙන් අදියර හෝ කළ යුතු දෙයක් බව ලියුම්කරු ද පිළිගනියි.
පසු සටහන
අස්වැන්න වැඩි යයි කීවද, නව වැඩි දියුණු කළ වී වර්ගවලින් නිපැයෙන සහල ගුණාත්මක භාවයෙන් බොහොම හීන ය. පහත පළ කෙරෙන වගුව විපරමෙන් කියවනු මැනවි. නවීන සහල් සම්බන්ධයෙන් අප මහා මිථ්‍යාවක ගැලී සිටින බව ඔබට වැටහෙනු ඇත. මහජනයා අතර අතිශයින්ම ජනප‍්‍රිය ‘කීරි සම්බා’ හෝ සුදු සහල් වර්ගවල පෝෂණීය හා ඖෂධීය ගුණාංග බහුලව තිබේ ද? යන කාරණය ද, නිරීක්ෂණය කරන්න.
දේශීය පාරම්පරික සහලේ සහ නවීන සහලේ ගුණාංග-විදු ඇසින්
සමාප්තයි.
මූලාශ‍්‍ර-
01-කාර්මික තාක්ෂණ ආයතනය මගින් පලකළ
‘Properties of some Traditional Rice Varieties of Sri Lanka-2011 jd¾;dj
02- Journal of Cereal Science
58(2013) 451-456
2016/10/08.
No comments:
Post a Comment