Total Pageviews

Saturday, December 5, 2015

ලංකාවට ‘ග්ලයිපොසේට්’ කවන්න ඩැනියෙල් ගෝල්ඩ්ස්ටින් ඇවිල්ලා!


ලංකාවට යළි ‘ග්ලයිපොසේට්’ කවන්න
ඩැනියෙල් ගෝල්ඩ්ස්ටින් ඇවිල්ලා!
ලංකාවට එරෙහි මොන්සැන්ටෝ කුමන්ත‍්‍රණය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඇමරිකානු ‘මොන්සැන්ටෝ සමාගමයේ’ ‘මහා කාරුණික ඇස’, මේ දිනවල ශ‍්‍රී ලංකාව දෙසට යොමු වී ඇති බව අසන්නට ලැබෙයි. ඔවුන් නිපදවන ‘ග්ලයිපොසේට්’ නමැති උග‍්‍ර විෂ සහිත වල් නාශක රසායනයට එරෙහිව පැන වුණු තහනම ඉවත් කරවා ගන්නට පොටක් පාදා ගැනීම, මහා කරුණාවේ අරමුණ බව කියනු ලැබේ! ලැබෙන ආරංචිවල හැටියට, මොන්සැන්ටෝව නව ව්‍යාපෘතියට වියදම් කරන්නට යන මුදල රුපියල් කෝටි 36කි. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 2.5කි.
 
සිද්ධිය ගැන 2015/11/29 වැනි දා මුලින්ම අනාවරණය කළ ‘ලංකා සී නිවුස්’ වෙබ් අඩවියට අනුව, ලංකාව මොන්සැන්ටෝවට එතරම් විශාල වෙළෙඳපොළක් නොවේ. එහෙත්  දකුණු ආසියානු සහ දකුණු ඇමරිකානු රටවල්, ලංකාවේ ‘ග්ලයිපොසේට්’ තහනම ආදර්ශයට ගත හොත් ඉන් ඔවුන්ට ව්‍යාපාරික වශයෙන් හානියක් වීමට පුළුවන. එබැවින් තම ප‍්‍රතිරූපය නංවා ගැනීම පිණිස ඔවුන් නව ව්‍යාපෘතිය සැලසුම්කර ඇත. ඉන් කරන්නට යතියි කියන්නේ, ලංකාවේ ‘ග්ලයිපොසේට්’ තහනම ‘අවිද්‍යාත්මක’ යයි ජන මතයක් ගොඩ නැගීම ය. ඒ සඳහා, නව පර්යේෂණ පැවැත්වීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම, මාධ්‍ය ප‍්‍රචාරක කටයුතු සහ විද්වතුන්ට පර්යේෂණ දීමනා ගෙවීම ආදී ක‍්‍රියාමාර්ග ගණනාවක් සැලසුම්කර ඇත.
 
‘ග්ලයිපොසේට්’ වූ කලී, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරකයක් ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගත් රසායනික වල් නාශකයකි. ඒ බව ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය කළ පර්යේෂණ මගින් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. පසුව ලෝක ‍ෙසෟඛ්‍ය සංවිධානය මගින් එය ‘පිළිකාකාරකයක්’ ලෙස ද හඳුනා ගැනුණි. මාරාන්තික වකුගඩු රෝගය වූ කලී, දැනට ලංකාවේ තිබෙන ඉතා බරපතලම සෞඛ්‍ය ප‍්‍රශ්නය ද වෙයි. පර්යේෂකයන් පවසන අන්දමට, ඉන් දිනකට 13ක් මියයන්නෝ ය! දැනට රට පුරා සිටින රෝගීන් සංඛ්‍යාව 78,000කට අධික ය. උතුරු මැද පළාතෙන් ඇරඹුණු රෝගය දැන්, දකුණේ, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත්  බඳගිරිය, අගුණකොලපැලැස්ස ආදී ප‍්‍රදේශවලට ද පැතිර ගොසිනි. වර්තමාන ආණ්ඩුව ද රෝගීන්ගේ සුව සම්පත පිණිස විශාල වැඩ කොටසක්කර ගෙන යයි.
 
‘ආසනික්’, ‘ග්ලයිපොසේට්’ සහ ‘කැඞ්මියම්’ ඇතුළු බැර ලෝහ වර්ග, මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගය ඇති වීමට හේතුකාරක ලෙස, පර්යේෂණ මගින් හඳුනා ගැනීමත් සමගම රට පුරා මහත් ආන්දෝලනයක් ඇති විය. එහි දී ‘ග්ලයිපොසේට්’ වැඩි බලපෑමක් එල්ල කරන රසායනිකයක් බව ද තහවුරු විය. ඊට එරෙහිව ද මහජන උද්ඝෝෂණ හට ගැනුණි. අවසන, 2015 මැයි මස 22 වනි දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ, තමන් ‘ග්ලයිපොසේට්’ භාවිතය සහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. පසුව ජුනි මස 11 වැනි දා විශේෂ ගැසට් නිවේදනයක් මගින්  ‘ග්ලයිපොසේට්’ තහනම නීතිගත කෙරිණි. එය රට වැසි බහුතරයකගේ අස්වැසිල්ලට හේතු විය. දැන් ‘ග්ලයිපොසේට්’ ආනයනය, බෙදාහැරීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් ය.
 
එසේ වුව ද, යම් ගැටළුවක් ඉතිරි වී තිබිණි. එනම් තහනම පැනවෙන්නට ඔන්න මෙන්න සමයේ, ග්ලයිපොසේට් මෙටි‍්‍රක් ටොන් 278.94ක තොගයක් අඩංගු කන්ටේනර් 15ක් නිරුපද්‍රිතව කොළඹ වරායෙන් මුදා ගෙන යාමේ සිද්ධියයි. එය ඒ දිනවල මහත් ආන්දෝලනයට තුඩු දිණි. කෙසේ වෙතත් තහනම පැනවෙන අවස්ථාව වන විට, ලංකාවේ කෘෂි රසායන සමාගම් සතුව පැවති ග්ලයිපොසේට් තොගය කොතෙක් ද? යන්න, රටට හෙළි කෙරුණේ නැත. ඒ තොග යම් ගබඩාවකට එක් රැුස් කළේ ද?, ඒවා ආරක්ෂිත ලෙස විනාශ කළේ ද?, නැතිනම් යම් රටකට ආපසු හැරියේ ද? යන්න ගැන තොරතුරු ද හෙළි නො වී ය. ඇත්තටම තහනමෙන් පසුව රටට ඉතිරි වූ ග්ලයිපොසේට් තොගය කොපමණ ද? යන්න හෝ ඒවාට කුමක් කළේ ද? යන්න දන්නා කෙනෙක් ද නැත! ඒ ගැන සැවොම නිහඬව සිටින සෙයකි! එසේම මෑතක පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවකින් අල්ලා ගත්, කැඩ්මියම් අධික පොහොර තොගයේ පරීක්ෂණවලට වූයේ කුමක් ද? යන්න ගැන ද දැන් හාවක් හූවක් නැත.
 
මොන්සැන්ටෝව, ලංකාවේ දී කැළැල් වුණු තම ප‍්‍රතිරූපය යළි ගොඩ නගා ගැනීමේ ව්‍යාපෘතියකට මුල පුරා ඇත්තේ එවන් පසුබිමක් තිබිය දී ය. එය විශේෂ කාරණයකි.
 
ලැබෙන තොරතුරු අනුව, මොන්සැන්ටෝවේ සේවය කරන , ‘ආහාර විෂවේදය’ පිළිබඳ විශේෂඥයෙකු වන ‘ආචාර්ය  ඩැනියෙල් ඒ. ගෝල්ඩ්ස්ටින් ( Dr.Daniel A. Goldstein) නමැති විද්‍යාඥයෙක් ඉකුත් (2015) නොවැම්බර් මාසයේ ලංකාවේ සංචාරයකර තිබේ. එහි දී ඔහු ‘වකුගඩු රෝග ප‍්‍රවණතාව සහ කෘෂිි රසායන’ මැයෙන් විද්වත් සම්මන්ත‍්‍රණ තුනකට සහභාගි වී ඇත. ඉන් පළමුවැන්න නොවැම්බර් 19 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ දී ද, දෙවැන්න නොවැම්බර් 20 වැනිදා පේරාදෙණිය ගන්නෝරුවේ, පැලෑටි සහ ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී ද පවත්වා තිබිණි. ඒවාට විශ්වවිද්‍යාල මට්ටමේ විද්වතුන් පිරිස් සහභාගි වී සිටි බව දැන ගන්නට ඇත.

ගෝල්ඩ්ස්ටින් මහතා සහභාගි වූ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය නොවැම්බර් 21 වැනි දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පවත්වා තිබේ. ඒ ගැන පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණේ, සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වීමට නියමිත බවයි. ඊට අමතරව ඩෙන්මාර්කයේ මහාචාර්යවරයෙකු වන හර්මන් අන්තෘප්, මහාචාර්ය කමණී වනිගසූරිය, මහාචාර්ය අර්.  ඕ. තටිල්, මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය රොහාන් වීරසූරිය, මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු සහ නාලක ගුණවර්ධන යන විද්වතුන් ද එයට සහභාගි වන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය.


NEWS.Lk

වෙබ් අඩවිය නොවැම්බර් 19 වැනි දා ඒ ගැන පළකර තිබුණු පුවත මෙසේ ය.

Symposium on Kidney disease and agrochemicals

A symposium on "Emerging trends in agrochemicals and chronic kidney disease of unknown origin" will be held on 21st November 2015 at the BMICH.
Minister of Health, Nutrition and Indigenous Medicine Dr. Rajitha Senaratne will be the Chief Guest
 Foreign speakers at the symposium include Professor Herman Antrup PhD, Department of Environmental and Occupational Medicine, Institute of Public Health, University of Arhus , Denmark and Dr. Daniel A. Goldstein MD, Senior Science Fellow, a Paediatrician and Clinical Toxicologist. Other speakers are Professor Kamani Wanigasuriya, Professor R.O. Thattil, Professor Buddhi Marambe, Professor Rohan Weerasooriya, Professor Ravindra Fernando and Nalaka Gunawardene.
 The symposium is organized by the Toxicology Society of Sri Lanka.


 

ආචාර්ය ඩැනියෙල් ඒ. ගෝල්ඩ්ස්ටින් යනු මොන්සැන්ටෝ සමාගමයේ සේවය කරමින්, ග්ලයිපොසේට් අඩංගු කෘෂි රසායන යහපත් යයි මත පළ කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකි. රජය ‘ග්ලයිපොසේට්’ භාවිතය තහනම්කර ඇති වකවානුවක, ඔහු වැන්නෙක් මෙ රටට පැමිණ විද්වත් සම්මන්ත‍්‍රණ ඇමතීම අතිශයින්ම සැක කටයුතු යයි තතු දන්නා අය කියති.
2015/12/06.


No comments:

Post a Comment