Total Pageviews

Sunday, June 24, 2018

තක්කඩින්ට බිළි වෙමින් යන වස විස නැති ගොවිතැන් රැල්ල!


තක්කඩි ගොවීන් සහ කූට වෙළෙන්දන්ට බිළි වෙමින් යන
වස විස නැති ගොවිතැන් රැල්ල!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ඇතැම් තක්කඩි ගොවීන් සහ කපටි වෙළෙන්දන්ගේ භාවිතාවේ හැටියට, ‘කාබනිකහෙවත් ඕගනික් සහල්යනු සිරා බිස්නස්එකකි. කාබනික විදිහට හෙවත් වස-විස නැතිවවගා කළ දේශීය පාරම්පරික සහල් වර්ග සඳහා වෙළෙඳපොළේ හොඳ ඉල්ලූමක් තිබීම, ඊට හේතුවයි. ඔවුන්ට වඩාත් වාසි ගෙන දෙන කාරණයවී ඇත්තේ, මොන යම් හෝ හාලක්සත්‍ය වශයෙන් ම කාබනික ක‍්‍රමයට වගා කළ ඒවා දැයි පිරික්සා බලන්නට ක‍්‍රමයක් හෝ වැඩ පිළිවෙලක් රටට නැතිකමයි!

දේශීය පාරම්පරික වී වර්ග, කෙම් පහන් ඇතිව, වස විස හෙවත් කෘතිම කෘෂි රසායන වර්ග නො දමා, හරියට ආගමක් අදහන්නාක් මෙන් ගොවිතැන් කරන විශාල පිරිසක් අපේ රටේ සිටිති.  ඒ අතර වංචනිකව ව්‍යාජ කාබනික සහල්වෙළෙඳපොළට එවන කපටි සහ තක්කඩි ගොවීන් මෙන්ම, කූට වෙළෙන්දන් ද එමට සිටිති. ඔවුන්ගේ  ක‍්‍රියාවලිය හමුවේ, හැබෑවට ම වස-විස නො දමා, දේශීය සහල් නිපදවන ගොවීන් පරාජය වෙමින් සිටින බව දැන් දැන් දකින්නට ලැබේ.

වස-විසනැතිව ගොවිතැන් කිරීමේ වැඩ පිළිවෙල දැන් කර ගසා ගෙන යන්නේ යහපාලන ආණ්ඩුවයි’. ඔවුන් එය ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ, ‘ධාර්මික ගොවිතැනක්-නිරෝගී ජනතාවක්, වස-විස නැති රටක්යන තේමාව යටතේ ය. එය මහා ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන්න ද,  වස-විස නැති දේශීය සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිසි ප‍්‍රමිතිකරණ වැඩ පිළිවෙලක්ස්ථාපිත කිරීමට ඔවුන් තවමත් සමත්වී නැත. එයින්, තක්කඩි ගොවීන් සහ කපටි වෙළෙන්දන්ට හිස ඔසවන්නට අවකාශ ලැබී තිබේ.

යහපාලන ආණ්ඩුවේඅය මුල පටන් ම පැවසුවේ, වස-විස නො දමා ගොවිතැන්කර නිපදවූ දේශීය පාරම්පරික සහල් සඳහා ද, අනෙකුත් ආහාර භෝග වර්ග සඳහා ද ප‍්‍රමිති සකස් කරන බවයි. එසේ වුවත් ප‍්‍රායෝගික තලයේ දී තවමත් එබඳු කිසිදු ප‍්‍රමිතිකරණයක් හමු නොවේ. යම් ආහාර ද්‍රව්‍යයක් ඇත්තට ම කාබනික දැයිපිරික්සා සහතික කරන ආයතනයක් ගැන තවම අසන්නටවත් නැත්තේ ය. මෙම තත්ත්වය වංචනිකයන්ට මාර පල්ලමකි’.

දේශීය පාරම්පරික සහල් අතර ඉහළ ම මිලක් වැටෙන්නේ සුවඳැල්සහලට ය. බත ඉදෙන විට පැතිර යන සුගන්ධය මෙන් ම, රුධිරයේ සීනි පාලන ගුණයෙන් පොහෝනේ වීම, එය ජනප‍්‍රිය වීමට හේතුවයි. සහල් ඇටය ද කුඩා ය. සිහින් ය. එබැවින් සුවඳැල් සහලේ බත පෙනුමින් ද ආකර්ෂණීය ය. වර්තමාන විවෘත වෙළෙඳපොළේ සුවඳැල් සහල් කිලෝවක් විකිණෙන්නේ රුපියල් 250න් එහා ගිය මිලකට ය. වැඩි මිලක් ද ගෙවා මේවා මිල දී ගන්නා අයට, පැකට්ටු ලේබලයේ එන නිෂ්පාදකයාගේ සඳහන විශ්වාස කරනවා මිස, එහි සැබෑ තත්ත්වය දැන ගැනීමට ක‍්‍රමයක් නැත. අසුරනයේ තිබෙන්නේ ඇත්තට ම සුවඳැල් සහල් ද? යන්න සහ එය ඇත්තට ම කාබනික නිෂ්පාදනයක් ද? යන්න ගැන දැන ගැනීමට නිසි ක‍්‍රමවේදයක් නැත. ඇතැම් දෙනෙක් වස-විස නැති දේශීය සහල් වර්ග මිලයට ගන්නේ, තමන්ට විශ්වාසවන්ත වෙළෙන්දන් හෝ ගොවීන් ගෙනි. එසේ නැතිව, විවෘත වෙළෙඳපොළෙන් දේශීය පාරම්පරික සහල් මිල දී ගන්නට යන පාරිභෝගිකයන් මහත් උභතෝකෝටිකයකට මැදි වෙති. තමන් මිල දී ගන්නට යන සහල, වස-විස නැති, නිසි ප‍්‍රමිතියකින් පිරිපුන් නිපැයුමක් ද? යන්න දැන ගැනීමට ක‍්‍රමයක් නැති වීම, ඔවුන් මුහුණ දෙන ලොකුම ප‍්‍රශ්නයයි. ඉතින් වංචනිකයන් පිනුම් ගසති.

ලංකාවේ දේශීය පාරම්පරික වී ගොවිතැන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ ගොවි ක‍්‍රියාකාරිකයෙක්, වරක් රන් කහවණුකියා වෙනත් වර්ගයක බිත්තර වී විශාල පිරිසකට බෙදා දුන්නේ ය. රන් කහවණුසහලේ බත, මාරාන්තික වකුගඩු රෝගයට බෙහෙවින් ගුණදායක යයි අදහසක් රජරට ප‍්‍රදේශයේ පවතියි. එයින් රන් කහවණුසඳහා පවතින්නේ ඉහළ ඉල්ලූමකි. එහෙත් රන් කහවණුයයි සිතා ඊට සමාන වෙනත් සහලක බතක් වැළඳීමෙන් එබඳු ගුණයක් ලැබෙතියි සිතීම උගහට ය! රන් තැඹිලි ඇල්යයි කියමින් අලෙවි කෙරෙන බොහොමයක් වී හෝ සහල් නියම රන් තැඹිලි ඇල්නොවේ යයි, තතු දන්නා ගොවි ක‍්‍රියාකාරිකවරු පවසති!

සුවඳැල් සහල්වලට කීරි සම්බාහෝ වෙනත් සුදු සම්බා වර්ග කලවම් කිරිම සුලභව දක්නට ලැබෙන වංචාවකි. වර්ණයෙන් සහ හැඩයෙන් ටිකක් සමාන නිසා වැඩි දෙනෙකුට එබඳු සහල් හඳුනා ගැනීමට අසීරු ය. ආණ්ඩුවේ බලවත් උදවිය, දේශීය වී සහ අනෙකුත් ආහාර භෝග බහුලව වගා කරන ප‍්‍රදේශවල වාණිජ පදනමින් කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වූයේ  ද නැත. දේශීය වී වගා කරන ගොවීන්ට, කාබනික පොහොර ඇති තරම් මිලයට ගන්නට තිබුණේ ද නැත. වඩාත් බරපතලම කාරණය වන්නේ, ‘යූරියාඇතුළු කෘත‍්‍රිම රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක ආදි වස-විස ඇති පදම් භාවිතකර නිපදවූ දේශීය පාරම්පරික සහල් වර්ග ද ඕගනික්යයි කියා වෙළෙඳපොළට එවීම ය!
අතීතයේ දී ලංකාවේ මිනිසුන් ආහාරයට ගත්තේ, දේශීය පාරම්පරික වී වර්ගවල සහලේ බත ය. ඔවුන් ඒවා වගා කළේ ද කිසිදු කෘති‍්‍රම කෘෂි රසායනික භාවිතාවක් නැතිව ය. ඒවා ඖෂධීය ගුණයෙන් ද පිරිපුන් නිසා එකල විසූවන්ට අද තරම් ලෙඩ රෝග  (බෝ නො වන රෝග) හැදුණේ ද නැත. අපේ පාරම්පරික වී ගොවිතැන උඩු යටිකුරු වූයේ, වර්ෂ 1960 සිට ලෝකයේ ක‍්‍රියාත්මක වුණු හරිත විප්ලවයත්සමගිනි. එහි රස්නය ලංකාවට ද ආවේ ය. ඉන් පසුව නව වැඩි දියුණු කළ දෙමුහුන් වී වර්ග බිහි කෙරිණි. ඒවා වගා කරන්නට කෘත‍්‍රිම පොහොර වර්ග, කෘත‍්‍රිම වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක වර්ග ආදිය අවශ්‍ය විය. එකල ඒවා යහමින් භාවිතාවට ගොවීන් පොළඹවන ලදී. නව වගා කටයුතුවලට ට‍්‍රැක්ටර් ආදී නවීන උපකරණ ද එකතු කෙරිණි. හරිත විප්ලවකරුවන් හඳුන්වා දුන් අලූත් වී වර්ගවලින් වැඩි අස්වැන්නක් ද ලැබිණි.  ඒ අතර ම හරිත විප්ලවකාරයෝ, ‘දේශීය පාරම්පරික වී වර්ගවල අස්වනු අඩුයියනුවෙන් මිථ්‍යාවක් ද පැතිර වූහ. එයින් වස-විස රහිතව කෙරුණු ලාංකේය පාරම්පරික වී ගොවිතැන අභාවයට ගියේ ය. රටවැසියන් ද රසායනික ගොවිතැනෙන් නිපැයුණු සහලින් පිසු බත වළඳන්නට පුරුදු වූහ. එයින් දේශීය පාරම්පරික වී වර්ග ද, පැරණි වගා ක‍්‍රම ද නැත්තට ම නැතිවී ගියේ ය.

කෙසේ වෙතත් ඈත ගම්වල සමහර ගොවීන්, නවීන වී ගොවිතැනට කැමති නො වූහ. ඔවුහු පාරම්පරික වී වර්ග ගොවිතැන් කිරීම අත් නො හැරියහ. මේ ගැන උනන්දුවක් දැක්වූ උදවිය පැරණි වී වර්ග එකතු කරමින්, පාරම්පරික වගා ක‍්‍රම පිළිවෙත් හදාරමින් ඔවුහු දේශීීය පාරම්පරික වී ගොවිතැනට යළි පණ පිඹින්නට වෙර දැරූහ. බිත්තර වී බෙදා දෙමින් ගොවීන් දිරිමත් කළහ. පසුකාලීනව, වස විසට අකමැති පරිසර සහ සමාජ ක‍්‍රියාකාරිකයන් විශාල පිරිසක් ද  ඔවුන් ගිය මග ගියහ.
සමාජය මතුපිටින් නො පෙණුන ද, 2000 දශකයේ අග භාගය එළඹෙන විට වස-විස රහිතව දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ රැල්ලක් රට තුළ ඇති විය. නිරෝගිමත් දිවියකට වස-විස නැති ආහාර වැළඳිය යුතු යයන අදහස ද මහජනයා අතර ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ ය. රජරට පළාතෙන් ඇරඹුනු මාරාන්තික වකුගඩු රෝගයේ භීතිය ද, ඊට යම් හේතුවක් වූයේ ය. පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද වස-විස රහිතව දේශීය පාරම්පරික වී වර්ග වගා කිරීමේ කටයුත්තට උදව් දුන්නේ ය.
වස-විස නැති දේශීය පාරම්පරික  වී ගොවිතැන සහ කාබනික කෘෂි නිෂ්පාදන, සමාජය ඉස්මත්තට ගෙන ආවේ යහපාලන ආණ්ඩුව යටතේ ය. එය ඔවුන්ගේ දේශපාලන ප‍්‍රචාරක ව්‍යාපාරයක්බව දැන් පෙනෙන්නට තිබේ. වස-විස නැති දේශීය පාරම්පරික වී නිපැයුම් ක‍්‍රියාවලියේ මතුව ඇති විවිධ ගැටලූ සඳහා, විසඳුම් දෙන්නට ආණ්ඩුවේ අය උනන්දු නො වීමෙන් ඒ බැව් තහවුරු වේ.

ඉකුත් දිනවල පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වූයේ, වස-විස නැතිව නිපදවූ දේශීය පාරම්පරික වර්ගවලට අයත්, වී කිලෝග‍්‍රෑම් පන් ලක්ෂයක් පමණ අලෙවිකර ගන්නට නො හැකිව ගොඩගැසී තිබෙන බවයි! දියවැඩියා රෝගය පාලනය කිරීමේ ගුණ ඇති බව පර්යේෂණ මගින් හෙළිදරව්වූ සුදු හීනැටි සහ සුදු සුවඳැල් මෙන් ම, රත්දැල්, කුරුලූතුඩ, පච්චපෙරුමාල් යන වර්ගවල තොග පවා, අලෙවිකර ගන්නට නො හැකිව තිබෙන වී තොග අතර තිබේ! ආණ්ඩුවේ අයට දැනුම් දුන්න ද, (මෙම සටහන ලියන ජුනි 17 වැනි දා  වන විටත්) ඒවා අලෙවිකර ගැනීමට තවම ක‍්‍රමයක් සැකසුණේ නැති බව ප‍්‍රකට ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා පැවසී ය.

පොළොන්නරුවේ, හතමුණ බෙදුම් ඇළ ගොවි සංවිධානයේ උප සභාපති එල්. ආර්. රාජපක්ෂ මහතා පැවසුවේ තමන් සතුව ඇති අලෙවිකර ගන්නට නො හැකි වී තොගය කිලෝ ග‍්‍රෑම් 10,000ක් පමණ වන බවයි. ඒ අතර සුදු හීනැටිවී ප‍්‍රමාණය කිලෝ 6500ක් පමණ වේ. පොළොන්නරුව, කුසුම්පොකුණේ එන්. ධර්මරත්න මහතා සතුව ඇති සුදු හීනැටිවී ප‍්‍රමාණය ද කිලෝ 1000 ඉක්මවයි!

ගොවීන් අතර සෙමින් සෙමින් ව්‍යාප්ත වෙමින් පැවති වස විස නැති දේශීය පාරම්පරික වී  ගොවිතැන, ‘යහපාලන ආණ්ඩුවේඅය එක්වර ම මහා පරිමාණ ප‍්‍රචාරක ඝෝෂාවකට නතු කළහ! එයින් රටවැසියන් අතර වස විස නැති ආහාර පිළිබඳ රැල්ලක්නිර්මාණය කෙරිණි. රැල්ලඔස්සේ මහජනයා අතර වස විසෙන් තොරව නිපදවූ සහල් ඇතුළු දේශීය ආහාර ගැන විශාල උනන්දුවක් ඇති විය. කෙසේ වෙතත් වස විස නැති ගොවිතැන පිළිබඳ රැල්ල’ ‘දේශපාලන මුක්කුවක්ලෙස භාවිතා කළා මිස, එය රටට හිතැති අර්ථවත් මානයකට ගෙන යන්නට ආණ්ඩුව අසමත්ව ඇති බව දැන් පෙනී යයි!

රටේ ගොවිතැන් මෙහෙයවීම සහ ගොවීන් සමග වැඩ කිරීමේ විශාලතම යාන්ත‍්‍රණය ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ය. ආණ්ඩුව සිය වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල’,  ඔවුන්ගේ ප‍්‍රමුඛ වැඩ විෂයක්බවට පත් කළේ නැත. ඒ වෙනුවට එය පැවරුණේ ජනාධිපතිවරයා යටතේ පාලනය වන සෙමා ආයතනයටය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදත් වස විස නැති ගොවිතැනේ සපෝට්කාරයාමිස, ‘අයිතිකාරයාහෝ ප‍්‍රධාන මෙහෙයවන්නානොවේ! වස-විස නැති දේශීය පාරම්පරික සහල් රට පුරා අලෙවි කිරීමේ ක‍්‍රමවේදයක් ද සැකසුණේ නැත!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩි දෙනෙක් අදත් හිස් මුදුනින් කටයුතු කරන්නේ රසායනික ගොවිතැනඔසවා තැබීමට ය! ඔවුන් රසායනික නො වන ගොවිතැනකට කැමති ම නැත. අපේ කාර්යභාරය රසායනික පොහොර භාවිතාවෙන් අස්වනු වැඩිකර ගැනීමයි. එය කාබනික පොහොර මගින් හෝ දේශීය වී වලින් කරන්න බෑයන්න, ඔවුන් නිතර පවසන මතවාදයයි. එය බොරුවක් බව හෙළිවී දැන් බොහෝ කල් ය!

ආණ්ඩුව මුලින් ම කළ යුතුව තිබුණේ දීර්ඝ කාලයක් රසායනික ගොවිතැනේ අනුසස් පිළිපදින කෘෂිකර්ම නිලධාරීන්ගේ හිස් සෝදා, නහවා’, ඔවුන් වස විස නැති ගොවිතැන් වැඩ පිළිවෙලට බද්ධකර ගැනීම ය. එවැන්නක් සිදුවූ බවක් ද පෙනෙන්නට නැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, වස-විස නැති ගොවිතැනේ වැඩට සහය වන්නේ ද නිකම් ඇපෙන් ගැලවෙන්නවාගේ බව ගොවීහු කියති.
ආණ්ඩුවේ වස-විස නැති ගොවිතැන් වැඩ පිළිවෙල යටතේ, දේශීය පාරම්පරික වී වර්ගවල බිත්තර වී මහා පරිමාණයෙන් නිපදවීමේ ක‍්‍රියාවලියක් බිහි වූයේ නැත. වගාවට අවශ්‍ය කාබනික පොහොර නිපදවීමේ මහා පරිමාණ ව්‍යාපාර ඇරඹුණේ නැත. ප‍්‍රාදේශීය මට්ටමින් කාබනික පොහොර නිපැයුම්කරුවන් බිහිවන්නට සැලැස්වූයේ ද නැත. දේශීය පාරම්පරික වී ගොවිතැන පිළිබඳ ජන දැනුමලේඛනගත කිරීමේ වැඩ පිළිවෙලක් ඇති වූයේ ද නැත. ගම් මට්ටමේ කෘෂි නිලධාරීන් පුහුණු කිරීමක් ද නො වීය. දේශීය පාරම්පරික වී ගොවිතැනේ කන්න රටාවට අනුරූප වන ආකාරයට,  වාරි ජලය නිකුත් කිරීමේ කාලසටහන් සැකසුණේ ද නැත. දේශීය පාරම්පරික වී ගොවිතැනේ සහල්වල ගුණ සම්බන්ධයෙන් විශාලතම පර්යේෂණය කළේ කොළඹ කාර්මික තාක්ෂණ ආයතනයයි. එයින් වැඩක් ගන්නට ද ආණ්ඩුවට මතක් වූයේ නැත.

ආරංචියේ හැටියට, වස විස නැති සහල් ඇතුළු කාබනික කෘෂි නිෂ්පාදන සඳහා ප‍්‍රමිති හඳුන්වා දීම ඉක්මණින් කරන්නට ආණ්ඩුව සූදානම්ව සිටියි. එය ද බාලගිරි දෝෂය වාගේ ය. වැඬේ කෙරෙන දින-වකවානු ඉස්සරහට ය!

 (මෙම ලිපිය 2018/06/24 සැබෑ පත‍්‍රයේ පළ විය.)
(පින්තූර-අන්තර්ජාලයෙනි)







Tuesday, June 19, 2018

ඉන්දියාව ගුවන් යානා එන්නේ නැ ඉන්දියාව මත්තල ගුවන් තොටුපොළ බදු ගන්නට යන්නේ මොන කෙහෙල්මලකට ද?


ඉන්දියාව
ගුවන් යානා එන්නේ නැති, අසාර්ථක,
මත්තල ගුවන් තොටුපොළ 
බදු ගන්නට යන්නේ මොන කෙහෙල්මලකට ද?





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
හම්බන්තොට පිහිටි මත්තල’, අරුම පුදුම ජාත්‍යන්තර ගුවන් තොටුපොළකි. එය හැමදාමත් දැඩි විවේචනයට ලක් වෙයි. අනේක විධ නින්දා අපහාස විඳියි. ඒ අතර වරින්වර  විවිධ දේශපාලන කතිකාවලට ද අඩුවැඩිය සපයයි. විවේචකයන් කියන්නේ එය සුදු අලියෙක්බවයි!
ඉකුත් අප‍්‍රියෙල් මාසයේ 18 වැනි දා ද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජාතික තලයේ කතාබහකට ඇදී ආවේ ය. , ලොව භාණ්ඩ ප‍්‍රවාහනය කරන විශාලතම ගුවන් යානය (රුසියානු ඇන්ටොනොව්-124) උන්හිටි ගමන් මත්තලට ගොඩ බෑම නිසා ය. එය ටොන් 700ක් බරට බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කළ හැකි ගුවන් යානයකි. මෙම යානය ගොඩ බැස්වීමට විශාල ඉඩකඩක් ද අවශ්‍යය වේ. ඔවුන් මත්තලට පැමිණ තිබුණේ විවේකයක්ගන්නට ය.

යෝධ ගුවන් යානය පැමිණි පුවත වෙබ් මාධ්‍යවලද පළවී තිබිණි. ඒවා කියැවූ අන්තර්ජාල පාඨකයන් කදිම කොමෙන්ටුද පළකර තිබිණි. ඉන් එකක සහන් වූයේ, ‘ලෝකයේ ලොකුම බඩු ප‍්‍රවාහන ගුවන් යානය වීපටවන්නට මත්තලට පැමිණි ඇති බවයි!තවත් පාඨකයෙකු විමසා තිබුණේ ලෝකයේ ලොකුම බඩු ප‍්‍රවාහන ගුවන් යානාව වී ටොන් 700ක් ගෙන යන්නට පැමිණියා ද?’ යන්නයි! වර්තමාන ආණ්ඩුව, 2015 වසරේ සැප්තැම්බරයේ මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ ගබඩාව, ‘වී ගබඩාවක්බවට පත්  කළෝ ය. ඔවුන් එහි වීගබඩා කළේ, ගොඩනැගිල්ලේ සවිකර තිබුණු වටිනා උපකරණ පවා ගලවා ඉවත් කරන්නේ ද නැතිව ය.

 කොමෙන්ටුකරුවන්ගේ කතාවලින් මතු වන්නේ විවේචනාත්මක උපහාසයකි. එයින් වැදගත් කාරණයක් පිළිබිඹු වේ. එනම්, තුට්ටු දෙකේ දේශපාලන ඝට්ටන මුල්කර ගෙන, ඩොලර් මිලියන ගණනක් වටිනා නවීන ගුවන් තොටුපොළක් කුණු මුල්ලට වීසිකර දැමීමගැන සමාජයේ කැමැත්තක් නැති බවයි.  එය, ගුවන් තොටුපොළක් වී ගබඩාවක්බවට පත් කිරීමට පාලකයන් ගත් බුද්ධිමත් තීරණය  පිළිබ උපහාසය මතු කිරීමක් යයි ද කිව හැකි ය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබ මේ කාරණය සිහිපත් වුයේ, ඉකුත් දින කිහිපයෙහි අනාවරණය වුණු තොරතුරු කිහිපයක් නිසා ය. ඉන් එකක් නම්, දිනපතාම මත්තලට පැමිණෙමින් තිබුණු එකම ගුවන් යානය ද සිය මත්තල ගමන අත්හැර දමන්නට තීන්දුකර ඇතැයි කියන කාරණයයි. එය ප්ලයි ඩුබායි ගුවන් සේවා සමාගමේගමන් වාරයකි. මත්තල ගමන මූල්‍යමය වශයෙන් පාඩු සහගත එකක් වීමත්, ගුවන් යානාවල පක්ෂීන් ගැටීම නිසා අලාභානි සිදු  වීමත් නිසා එවන් පියවරක් ගෙන ඇතැයි, ජූනි 11 වැනි දින පළවූ මාධ්‍ය වාර්තාවල සහන් විය.
මත්තල ගුවන් තොටුපොළ සම්බන්ධ අනෙක් තොරතුර වුයේ, ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දෙන්නට අරඅඳිමින් සිටින්නේ ය, යන කාරණයයි. ජුනි මස නම වැනි දා සැලවුණු පරිදි, එය හෙළිකර තිබුණේ ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී, සුරේන් රත්වත්තේ මහතා ය.

මාධ්‍ය වාර්තාවල සහන් වුණු අන්දමට, ඔහු මේ බව පවසා තිබුණේ  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පැවති ගුවන් සමාගම් විධායක නිලධාරීන්ගේ හමුවක දී ය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදු දෙන්නට අරඅඳින බව රටවැසියන්ට දැනී ගොස් තිබුණේ දැනට මාස ගණනක සිට ය. ඒ පිළිබ අනුමාන වාර්තා වරින්වර මාධ්‍යයෙහි ද පළ විණි. මෙවර අනාවරණය වුණු ප‍්‍රවෘත්තිය බරපතල ය. එය හෙළිකර තිබුණේ ද ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ය. එය ලෙහෙසියෙන් බැහැර කළ නො හැකි තොරතුරකි.
මත්තල වඩාත් ප‍්‍රකටව ඇත්තේ ගුවන් යානා එන්නේ නැතිගුවන් තොටුපොළක් වශයෙනි. හම්බන්තොට මාගම්පුර වරාය ප‍්‍රකටව ඇත්තේ ද නැව් එන්නේ නැති වරායක්වශයෙනි. චීනය අනූනම අවුරුදු කාලයකට හම්බන්තොට වරාය බදු ගත්තේ ය. දැන් මත්තල ගුවන් තොටුපොළ ද ඉන්දීය සමාගමකට බදු දෙන්නට අරඅඳිමින් යයි. මේවා අතිශයින් ම අසාර්ථක ව්‍යාපෘති නම්, චීනය සහ ඉන්දියාව ඒවා බදු ගන්නේ අහවල් කෙංගෙඩියකට දැයි කිසිවෙකු පැහැදිලි කරන්නේ  ද නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ඉදිකර නිම කෙරුණාට, මත්තල ගුවන් තොටුපොළ සහ මාගම්පුර වරාය, ඔහු සැලසුම් කළ ව්‍යාපෘති  නොවේ. ඒවා සැලසුම් කෙරුණේ 1994 වර්ෂයේ ක‍්‍රියාත්මක කරන්නට ගිය රුහුණුපුරනම් හම්බන්තොට නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ය. දකුණු පළාතේ තරුණ තරුණියන් අතර පැවති දැඩි විරැකියාව, ආර්ථික පසුබෑම වැනි තත්ත්වයන් නිසා, තරුණ කැරලි සහ රජයට එරෙහි වර්ජන ආදිය ඇති වීම නිසා රුහුණුපුරව්‍යාපෘතිය සැලසුම් කෙරිණි.  සැලසුම සකස් වූයේ එවකට ජනාධිපති ධුරය හෙබැවූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ද මෙහෙයවීමෙනි. දකුණු පළාතේ ආර්ථිකය නැංවීම සහා කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගයක් තැනීම, හම්බන්තොට ප‍්‍රදේශයේ නව වරායක් සහ ගුවන් තොටුපොළක් ඉදි කිරීම මෙන් ම, ඒ ආශ‍්‍රිතව මහා පරිමාණ කර්මාන්ත පුරයක් බිහි කිරීම ඇතුළු සංවර්ධන යෝජනා ගණනාවක් ම රුහුණුපුරසැලසුමට ඇතුළත් විය. එහෙත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ඒවා සම්පූර්ණ කරන්නට නො හැකි විය. ගුවන් තොටුපොළ ඉදි කරන්නට මුලින් සැලසුම් කෙරුණේ වීරවිල ප‍්‍රදේශයේ ය. පසුව මහජන විරෝධතා නිසා එය මත්තලට ස්ථාන මාරු කෙරිණි. දකුණු පළාතේ ආර්ථිකය නැංවීම සහා 1994 වසරේ සැලසුම් කෙරුණු ව්‍යාපෘති, තනවා නිම කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී ය. ඔහු ඒ සහා මූල්‍ය සහාය ලබා ගත්තේ  චීනයෙනි.

කෙසේ වෙතත්, ‘කොටි යුද්ධයපැවති සමයේ, රටට තව විකල්ප ගුවන් තොටුපොළක් තිබිය යුතුය යන අදහසක්  පැන නැගී තිබිණි. එය ද, මත්තල ප‍්‍රදේශයේ නව ගුවන් තොටුපොළක් ඉදි කරන්නට බලපෑ කාරණයකි. අද ඉස්තරම් තත්ත්වයෙන් විවේචනයට ලක්ව තිබෙන්නේ මේ ආකාරයට ගොඩ නැගුණු ගුවන් තොටුපොළයි.

වරාය ද ඇතුළුව හම්බන්තොට ප‍්‍රදේශයේ කෙරුණු මහා පරිමාණ ඉදි කිරීම් සහා ණය සහ ආධාර ලබා ගත්තේ චීනයෙනි. චීනය එසේ කළේ අපේ රටට ඇති ආදරය නිසා ම නොවේ. හම්බන්තොටට ආසන්න මුහුදු ප‍්‍රදේශය ඔස්සේ ලොව කාර්ය බහුලතම නැගෙනහිර-බටහිර ජාත්‍යන්තර වෙළෙ නැව් මාර්ගයදිවෙන නිසා ය. එසේම, ලංකාව ඉන්දියන් සාගරයේ යුද උපක‍්‍රමික ස්ථානයක පිහිටා තිබෙන නිසා ය. ලෝකයේ නැගෙනහිරට ඛනිජ තෙල් නැව් යාත‍්‍රා කරන්නේ ද ලංකාව අයිනෙනි. හම්බන්තොට ජාත්‍යන්තර වෙළෙ නාවික ක‍්‍රියාවලියේ මර්මස්ථානයකි. මේ ජාත්‍යන්තර නැව් මාර්ගය චීනයට, ඉන්දියාවට මෙන් ම ඇමරිකාවට ද එක සේ වැදගත් ය.

චීනය හම්බන්තොට වරාය ඉදි කරන්නට පැමිණි සමයේ ඉන්දියාව මුට්ටියක්දැම්මේ ය. , ඉන්දීය උප මහ කොමසාරිස් කාර්යාලයක් හම්බන්තොට නව වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පිහිටුවමිනි. එය කුමක් සහා පිහිට වූයේ ද? යන කාරණය  එකල කතාබහට ලක්ව තිබිණි. 2009 වසරේ ඇමරිකානු සෙනේට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ලියැවිල්ලකින්, ලංකාව ඇමරිකාවෙන් ඈත්වී චීනය දෙසට ඇදී යාම ගැටලූ සහගත බව ප‍්‍රකාශකර තිබිණි. මේ අතර චීනය, වර්තමානයේ අතිශයින් ම උපායශීලී ලෙස, පැසිපික් සහ ඉන්දියන් සාගර කලාපයේ නාවික මර්මස්ථාන සියතට ගනිමින් සිටිනු පෙනෙයි. ඔවුන්ගේ එක් තීරයක් එක් මාවතක්වැඩ පිළිවෙල ද එබඳු එකකි. තායිලන්තය මැදින් ඉදි කෙරෙන ක‍්‍රා කැනල් ව්‍යාපෘතිය  තවත් එකකි! ඔවුහු අපේ හම්බන්තොට වරාය ද අවුරුදු 99කට බදු ගත්තෝ ය!

ලංකාවේ චීන නැඹුරුව ඉන්දියාවට දිරවන්නේ ම නැත. ඉන්දීය පාලකයන් කලක පටන් ම, කොළඹ දකුණු වරායේ කන්ටේනර් පර්යන්තසිය සමාගම්වල පාලනයට නතුකර ගන්නට කැස කවමින් සිටිති.

ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය බදු ගන්නට අර අඳිමින් සිටිති. ඒ අතර ත‍්‍රිකුණාමලය වරාය ගැන ද විවිධ කතා ඇසෙයි. ඉන්දීය පාලකයන් දැන්, ලංකා ආණ්ඩුවේ ප‍්‍රසිද්ධියට පත් නොවු එකතාවයන් මත, මත්තල ගුවන් තොටුපොළ බදු ගන්නට ද සැදී පැහැදී සිටින බව අසන්නට ලැබේ! එක් අතකට, ලංකාව වැනි කුඩා රටකට ලොව බලවත් රටවල බලපෑම්වලින් මිදී කටයුතු කිරීම ද අසීරු ය.

මත්තලට ගුවන් යානා එන්නේ නැතැයි කීවාට, එහි වෙනස් පැත්තක් ද ඇති බව පෙනී යයි. 2016 වසරේ වාර්ෂික විගණකාධිපති වාර්තාවට අනුව, 2013 වසරේ මත්තල ගුවන් තොටුපොළ භාවිතා කළ මගීන් සංඛ්‍යාව 36,137කි. 2014 වසරේ එය 40,386ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.  ශ‍්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව, 2017 වසරේ දී ද මගීන් 30,051ක් මත්තලින් ගමන් බිමන් ගොස් තිබේ.

චීනය, නැව් එන්නේ නැති බව කියන හම්බන්තොට වරාය බදු ගත්තේ මොන කෙහෙල්මලකට දැයි කිසිවෙක් පැහැදිලි නො කරති.  එසේ ම, ඉන්දියාව ද, ගුවන් යානා එන්නේ නැතැයි කියන මත්තල ගුවන් තොටුපොළ බදු ගන්නට යන්නේ මොන කෙහෙල්මලකට දැයි කියා කිසිවෙක් පැහැදිලි නො කරති. ඔවුන් ඩොලර් මිලියන ගණන් ගෙවා, ඒවා බදු ගන්නට යන්නේ මහත් ආර්ථික වාසි ලැබිය හැකි නිසා ය. ආසියානු කලාපයේ නාවික බලය තමන් සන්තකයේ තබාගත හැකි නිසා ය. ඒවා හෙට ලෝකයට ඉතා වටිනා ආර්ථික සම්පත් බව දන්නා නිසා ය. ඉන්දියාව නම් මත්තලට පැමිණීම තුළින්, චීනයට පොඩි ආර්ථික වෙට්ටුවක්දැමීමටත් කල්පනා කරනවා  විය හැකි ය!

අවසානයේ සිදු වන්නේ ලංකාවට හිමිවිය යුතු රත්තරන් බිත්තරටික ඔවුන්ගේ සාක්කුවට යාම ය. ජාතික සම්පත් හෝ ජාතික වස්තූන් විය යුතු අපේ ආර්ථික ප‍්‍රභවයන්, අපගේ පාලනයෙන් ගිලිහී යාම ය!

(මෙම ලිපිය 2018/06/17 දින රිවිර පුවත්පතේ පළවිය.)