Total Pageviews

Thursday, October 19, 2017

ලංකාවේ ලොකුම ළමා කටයුත්ත  නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි!


ළමයින් පූර්ණකාලීනව පාසැල් යාම කෙරෙහි කැමැත්තක් දක්වන්නේ 
මව්පියන් ගෙන් සියයට 39.0ක් පමණයි!
ලංකාවේ ලොකුම ළමා කටයුත්ත 
නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි!
ඊළඟට කඩේ යාමයි!
-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2016 ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව

ලෝක ළමා දින සැමරුමට පසුවදනක්


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
2017 වසරේ ලෝක ළමා දින උත්සවය, අපේ රටට ගොඩ වැදී ගියේ ඉකුත් සතියේ යළමා දින සැමරුම් සමය ඇරඹුණේ, මහනුවර ප‍්‍රදේශයේ එක්තරා පාසැලක සිසුවියන් 250ක් යොදවා, ‘මනාලියකගේසාරි පොටක් ඔසවා ගෙන යාමේ ආන්දෝලනාත්මක සිද්ධිය ද සමගිනි. එය ගිනස් වාර්තාවක් තැබීම ස`දහා දෑරූ උත්සාහයක් බව ද මාධ්‍ය ඔස්සේ කියැවිණි! දැරිවියන් පිරිස අලූයම 2.00 සිට දහවල දක්වා එයට යොදවා ගෙන තිබුණු බව අසන්නට ලැබිණි. එය දැන් මහත් කලබැගෑනියක් බවට පත්ව ඇත්තේ ය. දැරියන් එයට සහභාගි කරවා ඇත්තේ මධ්‍යම පළාත් ප‍්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ ඉල්ලීමක් හෝ නියෝගයකට අනුව යයි ද චෝදනා නැගේ! ජාතික ළමාරක්ෂක අධිකාරිය ද සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන බව ද කියැවේ.

කෙසේ වෙතත් එක් අතකින් මෙය, ‘එතරම් ගණන් ගතයුතු දෙයක් නොවන බවකියන්නට ද පුළුවන! 2016 අවුරුද්දේ 
ලංකාවේ ළමයින්ගේ දෙවැනියට ලොකුම ගෘහ කටයුත්ත කඩේ යාමබව හෙළිදරව් වීම, ඊට හේතුවයි! කාරණය සඳහන් වන්නේ, අපේ රටේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාවේ ළමා ක‍්‍රියාකාරකම් පිළිබඳව 2016 වසරේ කළ අලුත්ම සමීක්ෂණයේ තොරතුරු ඇතුළත්  වාර්තාවේ ය.

ඒ අර්ථයෙන් ගත් කල, මහනුවර පාසැලේ දැරිවියන් එක් අතකින් පළාත් දේශපාලන අධිකාරියට ද, අනෙක් පැත්තෙන් ගිනස් වාර්තාලෝලී මනාලියකට ද කඩේ ගිහිල්ලා!

මෙවර ළමා දිනයේ දී ද ළමයින් ගැනබොහෝ දේ කතා කෙරිණි. ළමයින්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සහ තවත් කාරණා ගැන පෙර වසරටත් වඩා උනන්දුවකින් කටයුතු කරන බව ද කියනු, ළමා දින උත්සවශ‍්‍රීය අතරේ අසන්නට ලැබිණි.

රටේ පාලකකාරකාදීන් සහ ළමා බලධාරීන් එසේ කීව ද, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2016 ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවඔස්සේ පිළිබිඹු වන්නේ වෙනස් කතාවකි!
ඒ අනුව, ලංකාවේ වයස අවුරුදු 05-17 අතර ළමා ජනගහනය මිලියන 4.6කි. ඉන් වැඩි පිරිසක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචිකරුවන් ය. ළමයින් ගෙන් සියයට 90.1ක් පාසැල් අධ්‍යාපනය ලබති.
සමස්ත ළමා ජනගහනයෙන් සියයට 2.27ක් හෙවත්, ළමයින් 1,03,704ක් ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලීළමුන් ය. පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව, එසේත් නැතිනම් සතියකට පැයක් හෝ, වැටුප් ලබන හෝ නො ලබන, වෙළෙ`දපොළ වටිනාකමක් ඇති යම් කටයුත්තක නිරත වන ළමුන්ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමුන් ලෙස සැලකෙයි. ඔවුන් ගෙන් බහුතරය අවුරුදු 15-17 වයස් කාණ්ඩයට අයත් ය. ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමයින් ගෙන් සියයට 61ක් පාසැල් නො යති. ඉතිරි පිරිස පාසැල් යමින් ආර්ථික කටයුතුවල නියැලෙති. ඔවුන් අතරින් බොහොම දෙනෙක් ළමා ශ‍්‍රමිකයන්ලෙස කටයුතු කරති. ඒවා වැටුප් ලැබෙන හෝ නො ලබන කටයුතු විය හැකි ය! ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමයින් ගෙන් සියයට 59.3ක් පමණ, වැටුප් නො ලබා පවුලේ ආර්ථික කටයුතුවලට දායක වන්නන් ය. ඊට අමතරව සියයට 36.2ක පමණ පිරිසක් සේවකයන්වශයෙන් ආර්ථික කටයුතුවල නියැලෙන්නෝ ය.

පාසැල් යන ළමයින් ගෙන් සියයට 65ක් පමණ ගෘහ කටයුතුවල’ (ගෙදර දොරේ වැඩෙ) නියැලෙති. එසේම, එම වයස් කාණ්ඩයේ පාසැල් නො යන ළමුන් ගෙන් ද සියයට 6.9ක් ගෘහ කටයුතුවල නියැලෙති. ළමයින්ට යෙදීමට සිදුව ඇති ගෘහ කටයුතුවලින් ලොකුම ගෘහ කටයුත්ත වන්නේ නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි’. ළමයින් ගෙන් සියයට 58.2ක පමණ පිරිසක් ඊට දායක වන්නෝ ය. දෙවැනියට ලොකුම ගෘහ කටයුත්ත කඩේ යාමයි’. ළමයින් ගෙන් සියයට 40.3ක් පමණ එහි නියැලී සිටිති. ආහාර පිසීමඊළඟට ලොකුම ගෘහ කටයුත්තයි. එහි නියැලෙන ළමා පිරිස සියයට 30.9කි. මල්වලට වතුර දැමීමහතරවැනියට ලොකුම ගෘහ කටයුත්තයි. එහි යෙදෙන පිරිස සියයට 30.6කි. රෙදි සේදීම, දරුවන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන් බලා ගැනීම, දර සහ වතුර ගෙන ඒම ආදිය ඔවුන්ට පැවරී ඇති අනෙකුත් ගෘහ කටයුතු අතර වේ.

රටට, ලෝකයට හුරු පුරුදු වීම සඳහා ළමයින් යම් යම් ගෘහ කටයුතුවල හෝ ගෘහ ආර්ථික කටයුතුවල යෙදීම නරක දෙයක් නොවේ. ඔවුන්ට එයින් විශාල විනෝදයක්, සතුටක්, අත්දැකීමක් සහ වැඩ හුරුවක් ලැබීම, ඊට හේතුවයි. අනෙක, කිසියම් තරමකට කය වෙහෙසීම සෞඛ්‍යයට ද හිතකර ය. එය ළමයින්ගේ පෞරුෂය වර්ධනයට ද හේතුවක් වෙයි. එහෙත් ළමයින්ගේ ප‍්‍රධාන කටයුත්ත විය යුත්තේ අධ්‍යාපනය ලැබීමයි. එසේ නැතිව ගෘහස්ත කටයුතුවලට පමණක් මුල් තැන දීම යහපත් දෙයක් නොවේ. ඉන් අධ්‍යාපනය ගිලිහී යාමට ද ඉඩ තිබේ. සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන අන්දමට, අවුරුදු 5-14 වයස් කාණ්ඩයේ දරුවන් අවම වශයෙන් සතියකට පැය 33.7ක් පමණ ගෘහ කටයුතුවල යෙදී තිබේ! සමස්ත ළමා ජනගහනයෙන් සියයට 59ක පිරිසක්, වැටුප් නො ලබමින්  සිය පවුලේ ආර්ථික කටයුතුවල නියැලී සිටිති. (එසේම සමස්ත ළමා ජනගහනයෙන් සියයට 24ක පිරිසක් කරන්නේ පාසැල් යාමවිතර ය!)

සමීක්ෂණයට දත්ත රැස් කෙරුණු 2016 වසරේ, වයස අවුරුදු 05-17 අතර ළමා ජනගහනය මිලියන 4.6ක් බව කලින් ද කීවෙමු. ඉන් සියයට එකක්, එනම් ළමයින් 43,714 දෙනෙක්ම, ළමා ශ‍්‍රමිකයන් ය! ඔවුන් අතරින් බහුතරයක් අකාලයේ පාසැල් හැර ගිය අයයි. ළමා ශ‍්‍රමිකයන් අතරින් සියයට 19.9ක්, පාසැල් එමින්ම ශ‍්‍රමික කටයුතුවල නියැලී සිටියෝ ය. එසේම, ළමා ශ‍්‍රමිකයන් අතරින් සියයට 89ක්ම (ළමයින් 39,007) යෙදී සිටියේ අන්තරායකාරීශ‍්‍රමික කටයුතුවල ය. ඔවුන් ගෙන් වැඩි පිරිස පිරිමි ළමුන් ය.

අපේ රටේ විභාග ප‍්‍රතිඵල රටාව මගින් ද, ළමා ලෝකයේ ඇති බිඳ වැටීම පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් වසරකට ළමයින් පන් ලක්ෂයක් පමණ අ. පො. . සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිති. එහෙත් ඉන් සමත් වන්නේ, සියයට 60ක් (ලක්ෂ තුනක්) තරම් පිරිසකි. ගණනින් දෙලක්ෂයක් පමණ වන අසමත් පිරිසෙන් බහුතරයක් පාසැල් හැර යති. සාමාන්‍ය පෙළින් තුන් ලක්ෂයක පමණ පිරිසක් සමත් වුව ද, උසස් පෙළ විභාගයට ඒ සැවොම ඉදිරිපත් වන්නේ ද නැත. එතැනින් ද යම් පිරිසක් පාසැල හැර යාම සිදු වෙයි. මෙසේ පාසැලෙන් පිටමං වන ළමයින් බහුතරයක් ළමා ශ‍්‍රමිකයන් බවට පත් වේ. ළමා ශ‍්‍රමිකයන් වැඩිම සංඛ්‍යාව  (9371ක්) වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.

සමීක්ෂණයෙන් අනාවරණය වුණු අන්දමට, ළමා ශ‍්‍රමිකයන් බහුතරයකට විනෝද වීමේ අවස්ථා ද නො තිබුණේ ය. වයස අවුරුදු 5-11 කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 6.9ක් ද, 12-14 වයස් කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 20.9ක් ද, 15-17 වයස් කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 22.9කට ද විනෝද වීමේ කටයුතුවලට කිසිදු කාලයක් තිබී නැත. ළමා ශ‍්‍රමික දිවිය අතිශයින්ම පීඩාකාරී අත්දැකීමක් බව එයින්ම පෙනී යයි!

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියටඅනුව, අවුරුදු 18ට අඩු අය ළමයින් ය. එසේම ලෝක කම්කරු සංවිධානයේ නියමයන්ට අනුව, යම් පුද්ගලයෙකුගේ රැුකියා ප‍්‍රවේශ වයස අවුරුදු 15කි. සැහැල්ලූ වැඩසඳහා ළමයින් යොදවා ගැනීමේ දී අවම වයස් මට්ටම අවුරුදු 12කි. ලංකාවේ ද මෙම නීති ක‍්‍රියාත්මක වේ. එහෙත් තම පවුලඇතුළේ වුව ද, ළමයින් ශ‍්‍රමිකයන්බවට පත්ව ඇති බව සමීක්ෂණ තොරතුරුවලින් පෙනෙයි!

ළමයින් සම්බන්ධයෙන්  අපේ කාලයේ මව්පියන්ගේ කැමැත්තද පුදුමාකාර ය. ඔවුන් ගෙන් සියයට 13ක්ම, තම දරුවන් වෙනත් කිසිවක් නො කරමින්, ‘ආදායම් ලබන වැඩකපමණක් නිරතවනවා නම් කැමති ය! සියයට 6.0ක්, තම දරුවන් පවුලේ ආර්ථික කටයුතුවලට සහාය වෙනවාට කැමති ය. තවත් සියයට 21.5ක්, තම දරුවන් පාසැල් යන අතරතුර පවුලේ වැඩට උදව් වෙනවාට කැමති ය. තවත් සියයට 8.2ක් තම දරුවන් වෘත්තීය පුහුණු කටයුත්තකට සම්බන්ධ වෙනවාට කැමති ය. තම ළමයින් පූර්ණකාලීනව පාසැල් යාම කෙරෙහි කැමැත්තක් දක්වා ඇත්තේ, සියයට 39.0ක් පමණි!

සමස්තයක් වශයෙන් ගත් කල, මව්පියන් ගෙන් සියයට 36 දෙනෙක්, තම දරුවන් පවුලේ ආර්ථික කටයුත්තකට සහායකර ගැනීමට කැමති ය. ඉන් සියයට 19.2ක් දෙනා, දක්වා ඇත්තේ, තම පවුලේ ආදායම ශක්තිමත්කර ගැනීම සඳහා එසේ කළ යුතු බවයි. මෙසේ සිතන වැඩිම පිරිස වාර්තා වන්නේ වතුකරයෙනි. ඊළඟට නාගරික ප‍්‍රදේශවලිනි. ළමයින්ගේ ආර්ථික දායකත්වය නො ලැබුණහොත් තම පවුලේ ජීවන තත්ත්වය පහත වැටෙන බව පැවසූ පිරිස සියයට 18ක් විය.

අපේ කාලයේ ළමයින්ට, ළමා කාලයේදීම ශ‍්‍රමිකයන්බවට පත් වන්නට සිදු වීම අතිශයින්ම ඛේදජනක ය! රට වැසියන් මුහුණ දෙන දරිද්‍රතාවය’, එය පිටුපස ඇති සැඟවුණු කාරණය යි!

2017/10/02.

Saturday, September 30, 2017

නොමේරූ තාරුණ්‍යයේ ග‍්‍රහණයට හසුවුණු ලංකාවේ අන්තර්ජාල භාවිතාව



නොමේරූ තාරුණ්‍යයේ ග‍්‍රහණයට හසුවුණු

ලංකාවේ අන්තර්ජාල භාවිතාව




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අතිශය භයංකර බ්ලූ වේල්’ (Blue Whale) නමැති අන්තර්ජාල ක‍්‍රීඩාවක් ලොව කළඹන අයුරු, ඉකුත් සතිය පුරාවට ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවකින්ම අනාවරණය කෙරිණි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සම්බන්ධ විය හැකි එහි විශේෂත්වය වන්නේ, එය මාරාන්තික ක‍්‍රිඩාවක් වීමයි! ක‍්‍රීඩාවට එකතු වන උදවියට ඉතා කෙටි කාලයක දී සියදිවි නසා ගන්නටසැලැස්වීම, එහි භයංකර ස්වභාවයයි. දැනටමත් ලොව 350 දෙනෙක් පමණ එයින් මරු වසඟයට ගොස් ඇති බව කියනු ලැබේ!

2013 වසරේ දී ක‍්‍රීඩාව නිර්මාණයකර අන්තර්ජාලයට මුසුකර ඇත්තේ, රුසියාවේ වෙසෙන  පිලිප් බුදෙයිකින්නම් පුද්ගලයෙකි. ඔහු මානසික රෝග සම්බන්ධ වෛද්‍ය පුහුණුවක් ලබමින් සිටිය දී විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරුණු තැනැත්තෙක් බව ද කියැවේ. මිනිසුන් සියදිවි නසා ගැනීමට පෙළඹ වූයේ යයි චෝදනා ලබා ඇති නිසා ඔහු දැනට සිටින්නේ,  සිරගතව ය. එහෙත් ඔහුගේ අනුගාමිකයන්ගේ මෙහෙයවීමෙන් අන්තර්ජාලය ඔස්සේ ක‍්‍රීඩාව තවමත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මේ වන විට ද ලොව රටවල් බොහොමයක බ්ලූ වේල්තහනම්කර ඇත. නොබෝදා අන්තර්ජාල සේවා සමාගම් ඇමතූ ඉන්දීය රජය ද බ්ලූ වේල්ක‍්‍රීඩාවට වැට බඳින්නට මුලපුරා ඇතැයි ප‍්‍රෘවෘත්ති වෙබ් අඩවිවල සඳහන් විය. සැප්තැම්බර් 08 වැනි දා ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්පුවත්පතේ අන්තර්ජාල මුද්‍රණයේ ද මේ ගැන සහන්ව තිබිණි.

කෙසේ වෙතත් අපේ රටේ නම් තවම මේ සම්බන්ධ යමක් සිදුවුණු බවට ආරංචියක් නැත. එහෙත් බ්ලූ වේල්ක‍්‍රීඩාව ලංකාවට ද පැතිර යාමේ අවදානම නම් බැහැර කළ නො හැක්කකි. ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බොහොම දෙනෙක්, අතිශයින්ම අඳබාලහැසිරීම් පෙන්නුම් කිරීම ඊට හේතුවයි. අන්තර්ජාලයේ සැරිසරන විට, ඔවුන්ගේ බාල කියුම්-කෙරුම්වලස්වභාවය හොඳින්ම නිරීක්ෂණය කරන්නට පුළුවන! ප‍්‍රවෘත්ති වෙබ් අඩවිවලට එක්කරන සමහර අදහස් දැක්වීම් (කොමෙන්ටු) සහ ෆේස් බුක් ජාලවලදක්වන අමුතු හැසිරීම්, එබඳු නොමේරූ ස්වභාවයන්ට හොඳ නිදසුන් ගෙන එයි.

මේවා දකින විට සිහියට නැගෙන්නේ, මෑත භාගයේ රටට ලැබුණු අන්තර්ජාල පහසුකමහෙවත්  ඊ සංස්කෘතියයහපත්ව, සබුද්ධිකව  දරා ගැනීමට තරම් පරිණත බවක් අපට තිබේ ද? යන කාරණයයි.

2000 වසරෙන් ඇරඹුණු දශකයේ මුල් භාගයේ පටන් ලංකාවේ පරිගණක භාවිතාව සහ අන්තර්ජාල භාවිතාව අතිශය වේගයෙන් ඉහළ ගියේ ය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවල සඳහන් වන ආකාරයට, 1998 වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 18,984ක් විය. 2005 වර්ෂය වන විට එය 1,15,000ක් දක්වා ඉහළ ගියේ ය. 2009 වසර වන විට එය 2,40,000ක් විය. ඉන් පසුව එය යෝධ පිම්මක් ඉදිරියට පැන්නේ ය. 2011 දී අන්තර්ජාල ග‍්‍රාහක සංඛ්‍යාව තවත් ඉහළ ගොස්, 8,44,749ක් විය. 2014 දී අන්තර්ජාල ග‍්‍රාහක සංඛ්‍යාව තවදුරටත් වේගයෙන් ඉහළ ගොස්, 33,96,295ක් වූයේ ය. 2016 වසර නිම වන විට ලංකාවේ අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 49,20,554ක් තරම් ඉහළ තත්ත්වයකට වර්ධනය විණි! එයින් කියැවෙන්නේ, 2016 වසරේ රටේ සමස්ත ජනගහනයෙන්  සෑම පුද්ගලයන් 4.3කින්ම එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකු බවට පත්ව ඇති බවයි.



ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාවේ පරිගණක සාක්ෂරතාව පිළිබඳ නිකුත් කළ අලූත්ම වාර්තාවට (ISSN 2012-6565/2016-ජනවාරි/දෙසැම්බර් බුලටිනය) අනුව, 2009 වසරේ දී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 20.3කි. 2016 වසරේ දී එය සියයට 27.6කි. අන්තර්ජාල භාවිතය සියයට 16.4කි. 2016 වසරේ දත්ත අනුව, අන්තර්ජාලයට පිවිසීමේ ජනප‍්‍රියම ක‍්‍රමය වන්නේ ඩෙක්ස්ටොප්සහ ලැප්ටොප්පරිගණක භාවිත කිරීමයි. අන්තර්ජාල ග‍්‍රාහකයන් ගෙන් සියයට 48.3ක් දෙනා ඒවා භාවිත කරති.

අන්තර්ජාලයට පිවිසීමේ අනෙක් ජනප‍්‍රියම ක‍්‍රමය වන්නේ ස්මාර්ට් පෝන්’ (ස්මාර්ට් ජංගම දුරකතන) මගින් අන්තර්ජාලයට පිවිසීමයි. අන්තර්ජාල ග‍්‍රාහකයන් ගෙන් සියයට 43.4ක් දෙනා ඒවා භාවිත කරති. අනෙකුත් ජංගම දුරකතනවලින් අන්තර්ජාලයට පිවිසෙන පිරිස ද සියයට 5.5කි. පොදුවේ ගත් කල, අන්තර්ජාල ග‍්‍රාහකයන්ගෙන් සියයට 50කට ආසන්න පිරිසක් ජංගම දුරකතන මගින් එයට පිවිසෙන බව මෙයින් පෙනේ. 2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන අන්දමට, ලංකාවේ භාවිත වන ජංගම දුරකතන සංඛ්‍යාව 2, 62,27, 631කි. එය රටේ ජනගහනයටත් (2, 12, 03, 000) වඩා වැඩි ය!

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සිය අලූත්ම වාර්තාවක (ලංකාවේ ළමා ක‍්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව-2016) දක්වන ආකාරයට, තොරතුරු තාක්ෂණ විෂය ළමයින් අතර බොහෝ ජනප‍්‍රිය ය. වයස අවුරුදු 5-11 අතර වයස් කාණ්ඩයේ පාසැල් දරුවන් ගෙන් සියයට 81.3ක් ද, වයස අවුරුදු 12-14 අතර වයස් කාණ්ඩයේ පාසැල් දරුවන් ගෙන් සියයට 72ක් ද, වයස අවුරුදු 15-17 අතර පාසැල් දරුවන් ගෙන් සියයට 45.3ක් ද තොරතුරු තාක්ෂණ විෂය හදාරමින් සිටින්නෝ ය!

මේ තොරතුරුවලින් පැවසෙන්නේ, ලාංකේය ජන සමාජය ඉතා වේගයෙන් ඊ සමාජයක්වෙත ගමන් කරමින් සිටින බවයි. ඉතා වේගයෙන් අන්තර්ජාලය වැළ`ද ගනිමින් සිටින බවයි. වසර 2000න් ඇරඹුණු දශකයේ පටන්, පැවති ආණ්ඩු විසින් රටේ තොරතුරු තාක්ෂණ ධාරාවට අතිශයින්ම පුළුල් ලෙස යටිතල පහසුකම් සැපයීම, මෙම වර්ධනීය තත්ත්වයට ප‍්‍රබල හේතුවක් විය. එසේ වුව ද, අප අන්තර්ජාල සහ පරිගණක සාක්ෂරතාව නිසි පරිදි (යහපත් සහ සාධනීය සන්නිවේදන භාවිතාවකට) හසුරුවා ගෙන තිබේ ද? යන්න මෙහි දී පැන නගින ගැටලූවයි!

අපේ රටේ අන්තර්ජාල භාවිතය දෙස බලන විට පෙනී යන සුවිශේ්ෂ කාරණයක් තිබේ. එනම්, එය දැඩි ලෙස තරුණ සහ ගැටවර වයස් කාණ්ඩවල අයගේ ග‍්‍රහණයට හසුව තිබීමයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අන්දමට, අද (2016 වසරේ) අන්තර්ජාල භාවිතයේ කප් ගසා ඇත්තේඅවුරුදු 15ත් 29ත් අතර වයස් කාණ්ඩවල පසුවන අයයි! වයස අවුරුදු 15-19 කාණ්ඩයේ අන්තර්ජාල භාවිතය සියයට 28.2කි. 20-24 වයස් කාණ්ඩයේ එය සියයට 40.1කි. 25-29 වයස් කාණ්ඩයේ එය සියයට 35.9කි. ෆේස් බුක්ආදී සමාජ මාධ්‍ය ජාලා ඔවුන්ගේ ජනප‍්‍රියම අන්තර්ජාල සන්නිවේදන මෙවලම වෙයි.

පරිගණක සාක්ෂරතාවයේ ඉහළින්ම වැජඹෙන්නේ ද, . පො. . සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපන මට්ටමේ සිසු සිසුවියෝ ය. එසේම ඩිජිටල් සාක්ෂරතාවය( Digital Literacy ) අතින් ඉහළම තලයේ සිටින්නේ ද ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමේ අයයි. වයස අවුරුදු 05-19 අතර කාණ්ඩයේ පිරිස් අතර ස්මාර්ට් පෝන්භාවිතය ද අධික ය!

වර්තමාන ගැටවර සහ තරුණ පරපුර හැදී වැඩෙන්නේ ඩිජිටල්සමාජයක ය. එබැවින් ඔවුන්ට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ ස්මාර්ට් පෝන් අරුමයක් නොවේ. ඔවුන් බහ තෝරන්නේ ද තාක්ෂණ ලෝකයක හෝ තාක්ෂණ පරිසරයක ය. එහෙත් වර්තමාන වැඩිහිටි පරපුරට, එවන් දියුණු තාක්ෂණික පහසුකම් නො තිබිණි. ඔවුන්ට අලූත් තාක්ෂණය අල්ලා ගන්නටඉඩකඩක් නො වීය. එබැවින් දෝ, වයස අවුරුදු 40න් ඔබ්බට අපේ රටේ අන්තර්ජාල භාවිතාව බොහොම අඩු ය. වයස අවුරුදු 40-49 කාණ්ඩයේ එය සියයට 13.2කි. ඉන් ඔබ්බට එය සියයට තුනක් හෝ දෙකක් තරම් පහළ අගයක් ගනියි.
අන්තර්ජාල භාවිතය, නොමේරූ පිරිසකගේ ග‍්‍රහණයට හසුව ඇති බව මෙම තොරතුරුවලින් ද පැහැදිලි වේ. ඔවුන් එයින් එකිනෙකා අතර රිසි සේ තොරතුරු සන්නිවේදනයේ යෙදෙති. ඒවායින් වැඩි හරියක්  අනෙක් අයට ද පරිශීලනය කරන්නට පුළුවන. ෆේස් බුක්එයින් ජනප‍්‍රියතම මෙවලමයි.

අන්තර්ජාලයේ එන ෆේස් බුක්ආදී සමාජ මාධ්‍ය ජාලා යනු සදාචාරාත්මක ලෙස භාවිතා කළ යුතු නවීන සන්නිවේදන මෙවලමකි. භාවිතා කරන සෑම කෙනෙක්ම සන්නිවේදකයෙක් බවට පත්වීම, එහි ඇති සුවිශේෂත්වයයි. එය ඉතා පරිස්සමින් භාවිත කළ යුතු මෙවලමක් ද වෙයි.  එහෙත් එයින් පේ‍්‍රම කරන්නටගිය ලංකාවේ සමහරු මුල දී සිය දිවි නසා ගත්හ. තවත් සමහරු කාමාතුරයන්ට බිලි වූහ. වංචා ආදියට ගොදුරු වූහ. ෆේස් බුක් බීච් පාටිවලටගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය සේසතම පුද කළහ. මිනිසුන් සිහිනෙන්වත් නො සිතන ආකාරයේ අසත්‍ය කාරණා (පට්ට කෙප්ප?) එළියට දමා, මුළු සමාජයම බියට සහ සන්ත‍්‍රාසයට පත්කර, අන්දමන්දකර දැමීම ද ඒවායෙහි සරන ඇතැමුන්ගේ ස්වභාවයකි.  එය අමුතුම තාලේ අන්තවාදී සන්නිවේදන පිළිවෙතකි! එයින් රට තුළ මහත් කලබැගෑනි හටගනියි! තමන් මෙලොවින් තුරන් වන බව හෝ අමුතු වැකි ෆේස් බුක්පිටුවෙහි දමා, දිවිනසා ගැනීම් ගැන ද වරින්වර අසන්නට ලැබෙයි. පසුගිය කාලයේ මාතර ප‍්‍රදේශයෙන් ද, මේ නොබෝදා දියතලාව ප‍්‍රදේශයෙන් ද එබඳු සිද්ධීන් වාර්තා විය.

අන්තර්ජාල සන්නිවේදන මෙවලම් අවිචාරවත්ව භාවිත කිරීම සම්බන්ධයෙන් හොඳම උදාහරණ දෙකක් පසුගිය කාලයේ කතාබහට ලක් විය. ඉකුත් (2017) ජුනි මාසයේ මුල් සතියේ කරළියට නැගුණු ප්ලාස්ටික් සහල්පිළිබඳ සිද්ධිය එයින් එකකි. කාන්තාවක් ෆේස්බුක්ඔස්සේ කරන හෙළිදරව්වක් මගින් ප්ලාස්ටික් සහල්ආන්දෝලනය පැන නැගුණි. ඒවා ආණ්ඩුවේ ස.තො.. මගින් අලෙවි කරන බව ද කියැවිණි. අවසන ආනයනික සහල් පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට ද, ‘ප්ලාස්ටික් බව කියනසහල් තොගයක් අලෙවියෙන් ඉවත් කරගන්නට ද ආණ්ඩුවට සිදු විය. කෙසේ වෙතත්, ප්ලාස්ටික් සහලක් නම් රටේ කොතැනකින් හෝ සොයා ගැනුණේ නැත!

රාත‍්‍රී කාලයට නිවෙස්වලට එන කිසියම් පිරිසක්, රුධිර පරීක්ෂාවක් මුවාවෙන්, ‘එච්. අයි. වී.හෙවත් ඒඞ්ස් වෛරසයපතුරුවන බව ෆේස් බුක්ආදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යාමේ සිද්ධිය අනෙක් අලකලංචියයි. එය හට ගත්තේ, ඉකුත් (2017) ජූලි මාසයේ මුල් සතියේ ය. ආරංචිය රට පුරා වේගයෙන් පැතිර යන්නට විය. බොහෝ දෙනෙකු එය විශ්වාස කළේ මෙලෝ විචාරයක් නැතිව ය. වැඩි දෙනෙක් අන්තර්ජාලය, ජංගම දුරකතන ඇමතුම් හෝ  කෙටි පණිවුඩ ඔස්සේ ආරංචිය ලැබුණු ගමන් එය පරම සත්‍යයක් බව ඇදහූහ. ඉක්බිති තම තමන්ට හැකි හැකි පමණින් ආරංචිය බෙදා-හදා ගත්හ.

මෙයින් පහර වැදුණේ ලංකාවේ බරවා මර්දන ව්‍යාපාරයට ය.  බරවා රෝග පරීක්ෂාව පිණිස රුධිර සාම්පල් රැුස්කරන්නේ රාත‍්‍රී කාලයේ ය. රෝග වාහක පරපෝෂිතයා රාත‍්‍රී කාලයෙහි රුධිරයට එක්වීම නිසා, බරවා රෝග පරීක්ෂාව පිණිස රුධිර සාම්පල් රැුස්කරන්නේ රාත‍්‍රී කාලයේ ය. රුධිර සාම්පල් ගැනීමට එන්නේ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. අන්තිමේ දී මහජනයා ඔවුන්ට රුධිර සාම්පල් දෙන්නට ද බිය වූහ. එයින් බරවා රෝග මර්දන ක‍්‍රියාවලියේ යම් කොටසක් බිඳ වැටුණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට ද සිදු විය!

කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයයන්න අපේ පැරණි කියමනකි. එහෙත් අන්තර්ජාලය ඇතුළු නවීන සන්නිවේදන විධික‍්‍රම ඔස්සේ එන තොරතුරු, කිසිදු සිහි බුද්ධියකින් තොරව, මෙලෝ විචාරයකින් තොරව භාර ගැනීම වර්තමාන ජන සමාජයේ වැඩි දෙනෙකුගේ සිරිතයි. ඔවුහු ඒවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කරන්නට පෙළඹී සිටිති. අන්තර්ජාලය ඇතුළු නවීන සන්නිවේදන ක‍්‍රම පැතිර යාමත් සමගම මේ තත්ත්වයන් වර්ධනයවූ බවක් පෙනී යයි. ෆේස්බුක්හෝ වෙනත් නවීන සන්නිවේදන ක‍්‍රම ඔස්සේ ඇත්තමෙන්ම පට්ට කෙප්පද පැතිරෙන්නට ඉඩ ඇති බව වැඩි දෙනෙකු නො දනිති.

අවිචාරවත් අන්තර්ජාල භාවිතාවෙන් පෙනෙන්නේ කුමක් ද? අන්තර්ජාලයේ හැසිරෙන (ෆේස්බුක්ඇතුළු) බොහොමයක් සන්නිවේදකයන්, ‘මෙලෝ විචාරයක් නැතිව’, වගකීම් විරහිතව වැඩ කරන බවයි. යම් ආරංචියක සත්‍යකුමක් දැයි සොයන්නේ නැතිව ඒවා පුවත් වශයෙන්බෙදාහදා ගන්නා බවයි. මින් බහුතරයක් දෙනාට මාධ්‍යහෝ සන්නිවේදනයගැන නිසි අවබෝධයක් නැත. ආචාරධර්මයක් ඇත්තේම නැති තරම් ය. ඔවුන් විචාරශීලී බවක් ද නො පෙනෙයි. අන්තර්ජාල සන්නිවේදකයන් බොහොම දෙනෙකුට ඇත්තේ තාක්ෂණ හරඹය පිළිබඳ දැනීම පමණි. ඔවුන්ට ප‍්‍රවෘත්තිකරණ කලාවසම්බන්ධයෙන් මෙලෝ රහක්, මෙලෝ පරිචයක් නැති තරම් ය. 

දැන් මාරාන්තික බ්ලූ වේල්එන අවදානම පතිත වෙමින් තිබෙනුයේ එවන් අන්තර්ජාල සමාජයකට ය. බ්ලූ වේල්යනු දුර්වල පෞරුෂයන් ඇති අයගේ මොළය සෝදා හරිමින්, ඔවුන් අවනතකර ගන්නා ක‍්‍රිඩාවකි. එයට එක් වන අයට දින 50ක් තුළ සම්පූර්ණ කළ යුතු අභියෝග 50ක් දෙනු ලබයි. එහි අවසානයේ ඔවුහු සිය කැමැත්තෙන්මසිය දිවිනසා ගන්නට පෙළඹෙති!

දැන් ඉතින් ලාංකේය අන්තර්ජාල සමාජයේ කුමක් වේ ද? යන්න, ගැටලූ සහගත කාරණයකි.
(පින්තූර-අන්තර්ජාලය)

2017/09/25.