Total Pageviews

Saturday, December 23, 2017

බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි ‘දිව්‍ය ලෝක’ වැනි වැසිකිළි!




බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි

දිව්‍ය ලෝකවැනි වැසිකිළි!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

එක්තරා විහිළු කතාවකට අනුව, නිතර කොළඹ යන-එන මිතුරන් පිරිසක් අතර ලෝකයේ මිහිරිතම නාදයකුමක්ද? කියා වාදයක් ඇති විය. එයට පැටලූණු අය එක් එක් නාද ගැන කීහ. ඇතැම්හු බීතෝවන් බඳු සංගීතඥයන්ගේ සංගීත ඛණ්ඩ හෝ ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගේ හඬ වඩාත් මිහිරි යයි පැවසූහ. සමහර අය කුරුළු නාද ගැන කීහ. ඇතැමෙක් පැවසුවේ තම පෙම්වතිය තමන් අමතන හඬ මිහිරිතම නාදය බව ය. යම් නාදයක මිහිරියාව, එක් එක් අවස්ථාවන්ට සාපේක්ෂ බව ද සමහරු කීහ.

ඔවුන් ගෙන් එකෙකු පැවසුවේ, ‘මහත් හදිසියකදී, කොළඹ පිටකොටුවේ පොදු වැසිකිළියක පෝලිමේ සිටින විට, ඇතුළේ සිටි එකා එළියට එන්නට දොර අගුල කරකවන හඬ, දොර අසල නො ඉවසිල්ලෙන් පසුවන එකාට ලොව මිහිරිතම නාදයවන බවයි!

කොළඹ වැසිකිළි පහසුකම් සම්බන්ධයෙන් පටබැඳුණු විහිළු කතාව සටහන් කළේ, මහජනතාව මුහුණ දෙන බරපතල ගැටළුවක් ගැන කියන්නට ය. එය, කොළඹ සහ තදාසන්න නගරවල පොදු වැසිකිළි පහසුකම් පිරිසිදුව, ප‍්‍රමාණවත් තරමට, නො තිබීමේ ප‍්‍රශ්නයයි. ගැටළුවට මුහුණ දෙන්නේ දුර බැහැරින් නගරවලට එන මහජනයා ය. විශේෂයෙන්ම බස් නැවතුම් පොළවල් ආශ‍්‍රිතව පිහිටි වැසිකිළි, ‘දිව්‍ය ලෝකවැනි ය. ඒවායින් හමන සුගන්ධයමහජනයාගේ සියොළඟම සලිත කරවන තරම් ය!


දිනක් ලියුම්කරුට, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාලූ බසයක් අල්ලා ගැනීම පිණිස කඩවත හයිවේ බස්නැවතුමට යාමට සිදු විය. ඒ වන විට ඔහුට දැඩි මුත‍්‍රා බරක්දැනී තිබිණි. හතර වටේ සොයා බැලූව ද වැසිකිළියක් දක්නට නො වීය. බැරිම තැන, එහි සිටි වේලා සටහන්කරුවෙකු ගෙන්  වැසිකිළිය ඇති ස්ථානය කොහේ දැයි විමසන්නට සිදු විය.


මෙතන තිබුණු එක කැඩුවට පස්සේ තවම හැදුවේ නෑ. අර පැත්තේ ටිකක් ඈතට වෙන්න නම් ටොයිලට් එකක් තියෙනවා’, දුර ඈත ඉසව්වක් පෙන්වමින් ඔහු පිළිතුරු දුන්නේ ය. අනතුරුව, ‘මහත්තයාට  ඕනෑ පම්ප් එකක්දාන්න නම්, ඔය බස් එකක් පිටිපස්සට යන්න. අපිත් කරන්නේ එහෙමයි!’, ඔහු වැඩිදුරටත් කීවේ ය.


වෙන කරන්නට දෙයක් නැති බැවින්, ලියුම්කරු එහි පාළු කෙළවරක බසයක් පිටුපසට ගොස් බිම බලාගෙන බරින් නිදහස් වන්නට වූයේ ය. එම ඉසව්ව මනා සුගන්ධයෙන්පිරුණු තැනකි. ඒ සමගම සිදු වූයේ නො සිතූ දෙයකි. මුවාවී සිටි බසය, උන්හිටි ගමන් සැර දමා එතැනින් නික්ම ගියේ ය! දැන් ලියුම්කරු මුළු බස් පොළටම නිරාවරණයවී සිටියි! ලජ්ජාව පසෙක තබා, ආ වැඩේකර ගෙනම යනවා මිස, වෙන කුමක් කරන්න ද?

අන්තර්ජාලයේ එක් තැනක මහරගම බස් නැවතුම් පොළේ පොදු වැසිකිළිය ගැන කියා තිබුණේ, එය බස්නාහිර පළාත් මහ ඇමතිවරයාගේ ගෙදරින් රැුගෙන ආ එකක්යයි කියා ය. එහි යන විදෙස් සංචාරකයන් ! හොරිබල්කියා පිටතට එන බව ද එහි සටහන්ව තිබිණි!


කොළඹ නාගරික වළල්ලේ ජනාකිර්ණව පිහිටි මහරගම’, දිවයිනේ විවිධ දිශාවන්ට බස් ගමන් ඇරඹෙන නගරයකි. මහනුවර, හොරණ සහ ඇඹිලිපිටිය ආදී ගමනාන්ත ද ඒ අතර වෙයි. මහරගම නගරයේ බස් ගමන් වඩාත්ම ප‍්‍රසිද්ධියට පත් වූයේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර යන හයිවේ බස් ගමන්එයින් ඇරඹෙන්නට වීම නිසා ය. බස් ගමන් අපේක්ෂාවෙන් දිනපතාම පාහේ එහි පැමිණෙන ජන සංඛ්‍යාව අති විශාල ය. ඔවුන්ට තිබෙන පොදු වැසිකිළිය ඇත්තටම හොරිබල්. දෙසැම්බර් 02 වැනි දා දහවලේ සුළුදිය බරින් නිදහස් වීම පිණිස එහි ගිය ලියුම්කරුට සිතුණේ තමන් ක්ලාන්ත වෙතියි කියා ය. වැසිකිළිය ඇතුළත අතිශයින්ම සැර ඇමෝනියාගන්ධයෙන් පිරී පැවතීම, ඊට හේතුව ය! එය  ඕනෑම කෙනෙකුගේ ඇඟ කිළිපොලා යන තරම්-ක්ලාන්ත වියහැකි තරම්  සැර මුත‍්‍රා ගන්ධයකි!


පානදුරය යනු කොළඹට තදාසන්න තවත් ජනාකීර්ණ නගරයකි. එයින් ද රත්නපුරය, මාතර, මහනුවර, බදුල්ල ආදී ඈත පළාත්වලට බස් ගමන් ඇරඹෙයි. එහි වඩාත් ජනප‍්‍රියව ඇත්තේ රත්නපුරා පාරට හැරෙන ස්ථානයේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොළයි. ගාල්ල දෙසින් කොළඹ යාමට එන බස් රථවල පානදුර නැවතුම ද පිහිටියේ එය ඉදිරිපිට ය. එතැනින් පාර මාරුවීම සඳහා පසුගිය රජය මගින් විදුලි පියගැට පෙළක්ද සහිත ගුවන් පාලමක් ඉදිකර තිබේ. එය ඉතා නවීන පහසුකමකි. එහෙත් පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් නැත්තේ ය. පසුගිය රජය විදුලි පියගැට පෙළ ඉදි කරන යමයෙහි පවා පොදු වැසිකිළියක් නො තිබුණේ ය. නව බස් නැවතුම් පොළ ඉදි කිරීමේ දී එතෙක් පැවති පොදු වැසිකිළිය කඩා දැමුණු අතර, අලූත් එකක් තැනවුණේ නැත. බස් නැවතුම් පොළ උඩු මහලේ පොදු වැසිකිළියක් ඉදි විණි. එය ද දැන් බොහෝ කාලයක සිට වසා දමලා ය.

දෙසැම්බර් පළමුවැනි දා පානදුරය ඔස්සේ ගමනක යෙදුණු ලියුම්කරුට සහ ඔහුගේ බිරින්දෑට, (වරක් කඩවත දී මෙන්) සුළුදිය පහකිරීමේ අවශ්‍යතාවයක් දැනුණි. වැසිකිළියක් ඇති තැනක් ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් පෞද්ගලික බස් නැවතුම් පොළේ නිලධාරියෙක් පැවසුවේ, ‘මෙහේ ටොයිලට් එකක් නෑ, උඩ තට්ටුවේ එකක් තිබුණා. දැන් ඒකත් උතුරන නිසා වහල දාලා. ටොයිලට් යන්න  ඕනෑ ඔයාට විතරක් නම්, අර එහා පැත්තට ගිහින් බස් එකක් පිටිපස්සට වෙලා වැඩේකර ගන්නයනුවෙනි!


පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළට එන අය බස් එකක් පිටිපස්සටයන්නට කැමති නැතැයි සිතමු. එසේ නම් කරන්නට ඉතිරිව තිබෙන්නේ මීටර් තුන්සීයක් පමණ ගෙවා ලංගම බස් නැවතුම් පොළටඇවිද යාම ය. නැතිනම් ඊටත් වඩා දුර ගෙවා පානදුර දුම්රිය පොළට යාම ය! පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළ ආසන්නයේ වැසිකිළි පහසුකම් සහිත ආපන ශාලා කිහිපයක් තිබේ. ඒවා විවෘතකර දෙන්නේ ආහාර ගන්නට එන අයටපමණකි. අපි මේවාට ඉබ්බෝ දාලයි තියෙන්නේ. නැතිනම් බේරා ගන්න බෑ’, එක් ආපන ශාලා හිමියෙක් ලියුම්කරු හා පැවසී ය.


කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම් පොළවල් ගත් විට, ඒවායෙහි පවිත‍්‍රත්වය ඉස්සරට වඩා හොඳ ය. එයින් ද ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ වැසිකිළිවල තත්ත්වයඉදිරියෙන්ම සිටියි. බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේ ඇති වැසිකිළි ද  ඉස්සරට වඩා හොඳ ය. එහෙත් ඒවායෙහි පවිත‍්‍රත්වය ලංගම මධ්‍යම බස් නැවතුම් පොළේ තරම් ඉහළ නැති බව, ‘නාසයටමදැනෙයි. ඒවා එතරම්ම සුගන්ධවත් ය! පිටකොටුව ලංගම බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව, . . ගුණසිංහ ප‍්‍රතිමාව අසල ද මහජන වැසිකිළියක් වෙයි. එහි තත්ත්වය, බස් නැවතුම් පොළවල්වල ඇති වැසිකිළිවලට වඩා හොඳ ය. එහි ස්නානය කිරීමේ පහසුකම් ද තිබේ.


ලියුම්කරු අසා ඇති කතා පුවතකට අනුව, . . ගුණසිංහ ප‍්‍රතිමාව අසල මහජන වැසිකිළිය සමීපයේ එක්තරා පුද්ගලයෙකු රාත‍්‍රිය පහන් කරයි. ඔහුගේ රැකියාව වන්නේ, ‘ලීසිංදමා මිලට ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හයර් කිරීමයි. හෙතෙම මහනුවර ප‍්‍රදේශයේ පදිංචි දරු පවුල් කාරයෙකි. ලැබෙන ආදායම බෝඩිමක විසීමට තරම් ප‍්‍රමාණවත් නැත. එබැවින් ඔහු දවසේ කුලී ගමන් හමාර වුණු මධ්‍යම රාත‍්‍රි ජාමයේ වැසිකිළිය ආසන්නයට පැමිණ, වාහනය නවතා එහිම රැය පහන් කරයි. තුන් වේල ආහාර කිස කඩයෙනි. ඔහුගේ සබ්බ සේසතම අසුරා තිබෙන්නේ මෝටර් රථයෙහි ඩිකියේ ය. ඔහු අලූයමින්ම අවදි වෙයි. වැසිකිලියට ගොස් රෙදි සෝදා, දිය නා පිරිසිදුවී, මෝටර් රථය ද අස්පස්කර හයර් යාමට පිටත් වෙයි! කොළඹ රටේ එබඳු වැසිකිළි ද තිබේ.


බස් මගීන්ට පහසුකම් සලසන පොදු වැසිකිළි ගත් විට, විශේෂ ලක්ෂණ කිහිපයක් දැකිය හැකි ය. ඉන් ප‍්‍රධානම කාරණය වන්නේ, සලස්වා ඇති වැසිකිළි පහසුකම, එම ස්ථානවලට ඇදෙන මහා ජනස්කන්ධයට සරිලන තරම් ප‍්‍රමාණවත් නො වීමයි. දවසේ කාර්යබහුල වේලාවන්හි දී ඒවායෙහි අධික තදබදයක් දක්නට ලැබීමෙන්ම ඒ බව පෙනේ. අධික තදබදය නිසා ඒවායෙහි පවිත‍්‍රතාවය පවත්වා ගෙන යාම ද අසීරු ය. පොදු වැසිකිළිියයි කී පමණින්ම සිහියට නැගෙන්නේ  අතිශයින්ම අප‍්‍රසන්න, දුර්ගන්ධයෙන් පිරුණු ස්ථානයන් ය!


බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව ඇති පොදු වැසිකිළි හැම එකක්ම පාහේ බොහොම කුඩා ඉඩ පරිශ‍්‍රවල පවත්වා ගෙන යනු පෙනෙයි. එය ද විශේෂ ලක්ෂණයකි. එසේම ඇතැම් ස්ථානයක වැසිකිළියට පිවිසිය යුත්තේ නාගරික වහරේ දෙබිච්චියයි කියන පටු මං ඔස්සේ ය. ඒවා දැකීම පවා යම් කුකුසක් ජනිත කරවයි. කොළඹට නුදුරු කොට්ටාව බස් නැවතුම්පොළ අසල වැසිකිළිය ද එබඳු තැනකි. ඇතැම් තැනකට පිවිසිය යුත්තේ උතුරා ගලන අපද්‍රව්‍ය උඩින් අඩි තබමිනි. සමහර වැසිකිළි ආශ‍්‍රිතව කාලේ කුප්පිනමින් ප‍්‍රචලිත හිස් අරක්කු ඇසුරුම් ද දක්නට ලැබෙයි. ඉවත වීසි කළ ස්ත‍්‍රී හෝ පුරුෂ යට ඇඳුම් ද දක්නට ලැබෙන තැන් බොහෝ ය. කොළඹ දී නම් පොදු වැසිකිළි ආශ‍්‍රිතව අමුතු බැලූම්හෙලමින් සිටින  පුද්ගලයන් ද හිඟ නැත!


කුඩා ඉඩකඩක ඉදිකර, පිරිසිදුකම ගැන ප‍්‍රමාණවත් තරම් සැලකිල්ලක් නො දක්වමින් පවත්වා ගෙන යාම, බස් නැවතුම් පොළ ආශ‍්‍රිතව ඇති පොදු වැසිකිළි බොහොමයක පොදු ලක්ෂණයයි. එසේම පවිත‍්‍රතාවය ගැන අඩු සැලකිල්ලක් දැක්වීම, මුළු රටේම පොදු වැසිකිළිවල ලක්ෂණයයි. දුර ගමන් සේවා බස් රථ තේ බීමට නවත්වන ස්ථානවල වැසිකිළි, ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශවල වැසිකිළි සහ නාගරික වෙළෙඳ සංකීර්ණවල ඇති වැසිකිළි පවා මේ ගණයට අයත් වන බව පෙනී යයි. එයින් හෙළි වන කාරණය වන්නේ, මිනිසුන් මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවසම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නො දක්වන බවයි!


ප‍්‍රචලිතව ඇති තොරතුරු අනුව රටේ දියවැඩියා රෝගීන් ගණන ඉතා ඉහළ ය. වකුගඩු රෝග වැළඳුණු අය වැඩි වැඩියෙන් ජලය පානය කළ යුතුව තිබේ. රටේ ගමන් බිමන් ද වර්ධනයවී ඇති බව පෙනෙයි. නගරකරා එන ජන සංඛ්‍යාවන් දිනෙන් දින ඉහළ යයි. ඉතින් ශරීර කෘත්‍යයන්නො කරන්නමෝ ද? එහෙත් පාලකකාරකාදීන් කටයුතුකර ඇත්තේ මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවගැන එතරම් සැලකිල්ලක් නො දක්වමිනි. ඔවුන් වැසිකිළි තනා ඇත්තේ කුඩා ඉඩ පරිශ‍්‍රවල ය. පොදු ස්ථානවලට නවීන වැසිකිළි පහසුකම් සලසා දුන්න ද, ඇතැම් දෙනා ඒවා පාවිච්චි කරන්නේ ගල් යුගයෙහි වසන්නන්පරිද්දෙනි. එහෙත් ඔවුන් සිය නිවෙස්වල දී නම් එසේ නො කරන බව නම් සහතික ය!


දැන් කොළඹ සහ තදාසන්න නගරවල පොදු වැසිකිළි ගාස්තුව රුපියල් 20කි. නව බස් නැවතුම්පොළවල් ඉදි කළ නගරවල හොඳ තත්ත්වයේ වැසිකිළි ඉදි කෙරුණි. ගාල්ල, මාතර සහ කඩුවෙල යන ස්ථාන ඒවාට නිදසුන් ය. ඒවා යම් පවිත‍්‍රතාවයකින් යුතුව පවත්වා ගෙන යනු පෙනෙයි. වැසිකිළි පහසුකම් යහපත්ව නො තිබීමෙන් වැඩිපුරම අපහසුවට පත් වන්නේ කාන්තාවන් ය!


මළ-මුත‍්‍ර පහ කිරිමේ කටයුත්තෙහි සනීපාරක්ෂාවගැන එතරම් සැලකිල්ලක් නො දැක්වීම, පාලකකාරකාදීන්ගේ බුද්ධි මහිමය කොතෙක් දැයි රටට විදහාපාන කාරණයක් ද වන්නේ ය!

2017/12/04.

Friday, December 15, 2017

රත්නපුර පහළ නිම්නයේ තුන් ලක්ෂයක් ජනයා ගංවතුරට තල්ලූකර දමති!





කළු ග නිම්නයේ ගංවතුර අර්බුදය
ඉහත්තාවේ ගම්වාසීන්

රත්නපුර පහළ නිම්නයේ තුන් ලක්ෂයක් ජනයා

                ගංවතුරට තල්ලූකර දමති!

(පින්තූරය-අන්තර්ජාලය)

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ආකාසේ කඳුවැටි උඩින් එබී ගෙන, එක රාමෙට වැහි අරන් එනවා. දහවල් දවස තිස්සෙත්, ? රාත්තිරියටත් වහිනවා. අනතුරු ඇවීමේ රතු නිවේදන ආවේ නැතත්, හිත් බය භීතියෙන් පිරී යනවා. එහෙන් ගංවතුර ගලනවා. මෙහෙන් නාය යනවා. මාරයා හැම තැනකින්ම ඉන් දත් විළිස්සනවා. ගෙවී යන ඔක්තෝබර් මාසය මැද හරියේ දීත් ආකාසේ වැහි මීදුමට මුවා වෙමින් කළු ග නිම්නයට  බය බිරාන්තකමක් ඇති කළා!
ලංකාවට ප‍්‍රධාන ගංගා 103ක්ම තියෙනවා. ඒත්, ‘ගංවතුරයයි කිව්වොත් ඉතිං මතක් වෙන්නෙම රත්නපුරේතමයි. වැස්සා නම් ඉතිං රත්නපුරේ යට වෙලා ඇතිකියලා ගංවතුරක් එන්නේම නැති පළාත්වල අයත් කියනවා. රත්නපුරේ ඉතිං වැහි උපන් පළාතකියලාත් හැඳින්වෙනවා.

රත්නපුරේ කියන්නේ  රටේ මධ්‍යම කඳුකරයේ, නිරිත දිග බෑවුමේ පිහිටි ප‍්‍රදේශයක්. ඉතින් නිරිත දිග මෝසම් වැස්ස නිර්ලෝභීව අත-පය දිග හරිනවා. සමනල වන හිමයේ වැහි සාරය අන්තිම බින්දුවටම හූරා ගත් කළු ග ගලා බසින්නේත් රත්නපුරය ඔස්සේයි. එයින් කළු ග ඉහළ නිම්නයේ රත්නපුරය විතරක් නෙවෙයිඅනාදිමත් කාලයක් තිස්සේ එහි පහළ නිම්නයේ කළුතර දිස්ත‍්‍රික්කයත් භීතියට පත් වෙනවා.

ගෙවී ගිය මැයි මාසයේ දීත් කළු ග නිම්නයට මහ වැහිවලින් බොහොම කරදර වුණා. ගම් බිම්-ගෙවල්-දොරවල් ගංවතුරෙන් යට වුණා. නාය ගිහින් මිනිසුන් පණ පිටින් පොළොවේ වැළලූණා. ඒක මහ විපත්තිදායක වකවානුවක්. ගම්මාන ගණනාවක්ම නාය ගියා. අවදානම් තැන්වලින් මිනිස්සු අයින් කෙරුණා. නාය යාම් නිසා පාරවල්වල ගමනාගමනය නැතිව ගියා. නිවාස කැඩිලා ගියා. මිනිසුන්ගේ වගාවන් වැනසී ගියා. තේ ගස් පවා කුණුවෙලා ගියා. යන යන හැම තැනම මඩින් පිරී ගිහින්. මැණික් පතල් විනාශ වෙලා. ජනයාගේ ජීවනෝපාය මාර්ග ඇහිරිලා ගිහින්. රත්නපුරේ හරියට විසාලා මහනුවර වාගෙයිකියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. දැන් ඉතින්  කළු ග යාන්තම් ගැලූවත් බය හිතෙනවා. ගංවතුර කොයි වේලේ එයි ද කියලා දන්නේ නෑ!

බොහොම කාලෙකට ඉස්සර නම් කළු ග ඉහළ නිම්නයේ, රත්නපුරේ  මිනිසුන්ට ගංවතුර ගැන යම් දැනීමක් තිබුණා. ඒත් දැන් හැම දෙයක්ම වෙනස් වෙලා. බොහොම පොඩි කාල පරාසයක් තුළ මහ විශාල ප‍්‍රමාණයක් වහිනවා. වේගයෙන් ගංවතුර ඇති වෙනවා. හොර රහසින්ම නාය යනවා. ඉකුත් මැයි මාසේ 24 වැනි දා, පැය දොළහක් තුළකළු ග නිම්නයේ නමුණුතැන්නට මිලිමීටර් 619කුත්, බුලත්සිංහලට මිලිමීටර් 419කුත් වැසි ඇද වැටිලා තිබුණා. සමස්තයක් හැටියට ගත්තාම, මැයි මාසේ 24 සිට 26 දක්වා කාලය ඇතුළත කළු ගඟ් ජල පෝෂක ප‍්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 3054ක්! එය ගංගාවකට කොහෙත්ම ඔරොත්තු නො දෙන තරම් වැසි පතනයක්. ඉතින් ලොකු විනාශයක් ඇති වුණා. අනාදිමත් කාලයක පටන්ම, සෑම නිරිත දිග මෝසම් වැසි සමයකම වාගේ ගංවතුර සහ නාය යාම් නිසා කළු ගඟ නිම්නයම කඳුළු සහ දුක් සුසුම්වලින් පිරී යනවා

මේ විපැත්තිදායක තත්ත්වයෙන් ගොඩ යන්න ක‍්‍රමයක් නැද්ද?’
ඒක ගංවතුරට මුහුණ දෙන බොහොම දෙනෙක් විමසන ප‍්‍රශ්නයක්.  

එහෙම වුණත්, කළු ග නිම්නයට අධිපතිකම් කරන දේශපාලන ප‍්‍රජාවටත්, ඔවුන් බලයට පත් කළ බහුතර මහජනතාවටත් ඒ ගැන ලොකු  හැඟීමක්ඇති බවක් පෙනෙන්නට නෑ. බත් පැකට්හෝ වියලි ආහාර සලාක පැකට්ගැන උනන්දු වෙනවා මිසක්, ‘ගංවතුර පාලනය කරපියව්කියා හඬ නගන කෙනෙක් නෑ!

ගංගාවේ ඉහළ නිම්නයට වන්නකට  පිහිටි රත්නපුර දිස්ත‍්‍රික්කය, වර්ග කිලෝමීටර් 3275ක් විශාලයි. ගණනින් 10,82,277ක ජනගහනයක් එහි ජීවත් වෙනවා. ගංගාව පහළ නිම්නයේ පිහිටි කළුතර දිස්ත‍්‍රික්කයේ විශාලත්වය, වර්ග කිලෝමීටර් 1606ක්. එහි 12,17,260ක ජනගහනයක් ජීවත් වෙනවා. සෑම ගංවතුර සමයකම මේ හැම දෙනාටම අත්වන පීඩාව මෙතෙකැයි කියා කියන්නට බෑ!

පහුගිය මැයි මාසයේ ආපු ගංවතුර විපතින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පවුල් 10,175, පුද්ගලයන් 1,60,125 දෙනෙක් පීඩාවට පත් වුණා. කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 43,275, පුද්ගලයන් 1,65,208 දෙනෙක් පීඩාවට පත් වුණාදිස්ත‍්‍රික්ක දෙකේම නිවාස 3350ක් අවදානමට ලක් වුණා. වාර්තාවල එන විදිහට, වර්ෂ 1913, 1940, 1941, 1947 සහ 2003 යන වර්ෂවල ද රත්නපුරය (කළු ග නිම්නය) ගංවතුරේ අතිශය දරුණු ප‍්‍රහාරවලට ලක්ව තිබෙනවා. 2003 මැයි මාසයේ හට ගත් ව්‍යසනයෙන් සිදුවූ හානිය, රුපියල් මිලියන 73ක් පමණ වන බව (මිනිස් ජීවිත හැර) තක්සේරුකර තිබුණා. පුනරුත්ථාපන කටයුතු සහා හැමදාමත් වියදම් කරන්න පුළුවන් ද? කියලාත් ප‍්‍රශ්නයක්!

කාල නදීකියන්නේ අතීත ව්‍යවහාරයක්, එයින් නම් කෙරෙන්නේ කළු ගයි. එය ඇරඹෙන්නේ ශ‍්‍රීපාද අඩවියේ ඉඳිකටුපාන ඉසව්වෙන්. ගංගාව කිලෝමීටර් 129ක් දිගයි. ජල ධාරා ප‍්‍රදේශය වර්ග කිලෝමීටර්-2720ක්. ගංගාව රත්නපුර සහ කළුතර යන දිස්ත‍්‍රික්ක ඔස්සේ ගමන්කර, කළුතරින්  මුහුදට ගලා බසිනවා. ඒ අතරතුර ප‍්‍රධාන පෙළේ අතු ගංගා 12ක විතර ජල  පෝෂණය ලබනවා. රත්නපුර නගරය අසලින් එකතු වන වේ ගත්, පහළින් එකතු වන කුරු ගත්’, ‘කුකුලේ ගත්අතු ගංගා අතර ප‍්‍රධානයි. වාර්ෂිකව ඝන මීටර්-මිලියන- 8183ක ජලස්කන්ධයක් කළු ග ඔස්සේ මුුහුදට  මුදා හරිනවා. මහවැලි ග හැරුණු විට, එය ලංකාවේ ගංගාවකින් මුහුදට ගලා බසිනා විශාලතම ජලස්කන්ධයයි!

අපට වැසි පතනය පාලනය කරන්න නම් බෑ. එහෙත්  කළු නදියේ හිතුවක්කාර ගංවතුර පාලනය කරන්නට හෝ එහි සිහිල් දියවරින් රටට වැඩක් ගැනීමට නම් පුළුවන්. මෙතෙක් ඒ සඳහා තවම නිසි වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වෙලා නෑ. කළු ග හැරවීමේ සංකල්ප සහ සැලසුම් නම් ඇති වෙනවා. විශේෂඥ වාර්තාත් හැදෙනවා. වඩාත් අවධානයට ලක්ව තිබෙන්නේ, ගංගාව රුහුණට හරවා යැවීමේ යෝජනාවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව 2004 වසරේත් ඒ ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා.

වර්ෂ 1968 දී, ඇමරිකාවේ, ‘කොලරාඩෝ ඉංජිනේරු උපදේශක සමාගමකළු ග නිම්නයේ ජල සම්පත් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා තියෙනවා. ඉන් පසුව ඔවුන් ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක්ඉදිරිපත් කළා. එහි තේමාව වූයේ, රත්නපුරයට ඉහත්තාවෙන් පිහිටි මල්වලප‍්‍රදේශයේ රැඳවුම් ජලාශයක් ඉදි කිරීම සහ කුකුලේ ගඟ, මගුරු ගඟ, ගිං ග සහ නිල්වලා ග යන ගංගාවල ජලය රැස්කර මහා ජලාශයක් බවා, එහි දියවර දකුණු දිග වියලි කලාපයට, එනම් හම්බන්තොට, මොණරාගල යන දිස්ත‍්‍රික්ක ඔස්සේ අම්පාර දිස්ත‍්‍රික්කය දක්වා ගෙනයාමයි. යෝජිත මල්වල ජලාශය’ (කළු ගඟ) මගින් රත්නපුරයේ ගංවතුර පාලනය කිරීම සහ ජල විදුලිය නිපදවීමත්, කුකුලේ, මගුරු, ගිං සහ නිල්වලා යන ගංගාවල ද ගංවතුර පාලනය කරමින්, ඒවායෙහි දියවර ජල සම්පත් හිඟ දකුණු දිග ප‍්‍රදේශයේ සංවර්ධනයට යොදා ගැනීමත්, ඔවුන්ගේ සැලැස්මෙන් අරමුණු කෙරුණා.

එහි කියැවුණු ආකාරයට, මගුරු ග මාගුරප‍්‍රදේශයේ දීත්, ගිං ග තවලමප‍්‍රදේශයේ දීත්, නිල්වලාව පිටබැද්දරප‍්‍රදේශයේ දීත් වෙන වෙනම හරස්කර කුඩා ජලාශ බැවෙනවා. ඉන් පසුව සියල්ලෙහි දියවර මහා ජලාශයකට රැස් කෙරෙනවා. එතැන් පටන්, මුහුදු මට්ටමෙන් මීටර් 120ක් උස සමෝච්ච රේඛාව ඔස්සේ ඉදි කෙරෙන කිලෝමීටර් 180ක් දිග අන්තර් නිම්න ඇල මාර්ගයක් මගින් අම්පාර දක්වා ජලය රැුගෙන යනවා. කෙසේ වෙතත් සැලැස්ම ක‍්‍රියාත්මක වූයේ නෑ. ඒත් කුකුලේ ජල විදුලිබල ව්‍යාපෘතිය නම් ඉදි වුණා.

ඉන් පසුව, දෙවැනි ඇමරිකානු කණ්ඩායමක්, 1989 වසරේ දී ටෑම්ස්නම් කණ්ඩායමක්, 1999 වසරේ දී චීන කණ්ඩායමක් මෙන්ම ජපාන කණ්ඩායමක් ද කළු ග මෙල්ල කිරීමේ අධ්‍යයන පවත්වා විවිධ සැලසුම් ඉදිරිපත්කර තිබෙනවා. වඩාත් ජනප‍්‍රියම කාරණය වූයේ, කළු ග ජල හියෙන් පෙළෙන හම්බන්තොට දිස්ත‍්‍රික්කයට හරවා යැවීමයි. එහෙත් යෝජිත මල්වල ජලාශයේඋන්නතාංශය (උස මට්ටම) ප‍්‍රමාණවත් නොවීම නිසා එය කළ නො හැක්කක් බව දැන් හෙළිවී තිබෙනවා. වර්ෂ 2009 දී ජපානයේ  ජයිකා ආයතනය’, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා නිම්නවල ගංවතුර පාලනය කිරීම සහා සැකසූ යෝජනා මාලාවේ ද කළු ග මෙල්ල කිරීම ගැන සාකච්ඡා කෙරෙනවා.
අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පැරණි සැලසුම් ද සලකා බලමින් 2004 වසරේ අධ්‍යයනයක් කළාඑයින්  තවත් සැලැස්මක් සැකසුණා. එහි හැඩරුව අංග කිහිපයකින් සමන්විතයි.

            රත්නපුර නගරයට කිලෝමීටර් තුනක් ඉහත්තාවේ මල්වලප‍්‍රදේශයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 54ක් උසින් හෙක්ටයාර් 1200ක භූමියක් පුරා පැතිරෙන, ‘රැවුම් ජලාශයක්ඉදි කිරීම,


x             රත්නපුර නගරය  ආශ‍්‍රිත ගංවතුරෙන් යටවෙන ප‍්‍රදේශවලට, ගංවතුර ගලා ඒම වැළැක්වීමට කවාකාර වේලි සහ ආරක්ෂිත බැමි සමූහයක්ඉදිකිරීම,


x             රත්නපුරය ගංවතුරෙන් මුදා ගැනීම පිණිස, කළු ගංග අතිරික්ත ජලස්කන්ධය විකල්ප ඇල මාර්ගයක්   ඔස්සේ හරවා, යළි කළු ගටම එක් කිරීම,

            කළුතර දිස්ත‍්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සහා ආරක්ෂිත බැමි සහ පොම්පාගාර ඉදි කිරීම, යන කාරණා එයට ඇතුළත් වුණා.

එහෙත් 2012 වසරේ දී, රත්නපුරේ මල්වලසහ මීහිටියයන ගම්වල මිනිස්සු පාරට බැහැලා, යෝජිත මල්වල ජලාශය ඉදි කරනවාට එරෙහිව දැඩි විරෝධය පළ කළා! ඔවුන් පැවසුවේ එයින් තම ගම්බිම් අහිමි වන  බවයි. විරෝධතාවයන් සහා රත්නපුරේ බුද්ධි සම්පන්න දේශපාලන ප‍්‍රජාවේ අත-යට සහයෝගය  ලැබුණු බව ද ප‍්‍රකට කාරණයක්!

එයින් කළු ග මෙල්ල කිරීමේ අවසන් උත්සාහයත් යටපත්ව ගියා. දැන් වාර්ෂිකව ගංවතුර පීඩාවෙන් භීතියට පත් වන, දුක් විඳින  කළු ග නිම්න වැසි මහජනයාට රටේ පාලකයන් සහ මල්වල ගම්වාසීන් දෙන පිළිතුර කුමක් ද?

ඉහත්තාවේ මල්වල සහ මීහිටිය ජනතාවගේ අයිතිවාසිකම් රැකිය යුතුයි. ඒ ගැන කිසිදු විවාදයක් ලියුම්කරුට නෑ. එහෙත් ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දී රත්නපුර සහ කළුතර යන දිස්ත‍්‍රික්ක දෙකේ නිවසන තුන් ලක්ෂයකට අධික ජනතාවකගේ ජීවිත හැමදාමත් ගංවතුරටම තල්ලූකර දමනවා ද?, නැතිනම් ග ඉහත්තාවේ සහ පහළ නිම්නයේ වෙසෙන හැම දෙනාටම සාධාරණය ඉටුවන විසඳුමක් මගින් කළු ග මෙල්ලකර ගන්නවා ද? යන්න, වර්තමානයේ අසන්නට ඇති ප‍්‍රශ්නයයි!

ලංකාවේ මහා පරිමාණ වාරි සංවර්ධන ක‍්‍රියාදාම ආරම්භ කෙරුණේ 1960 දශකයේ දි, ‘ගල් ඔයව්‍යාපාරයෙන්. ඊට පස්සේ වලවේ ග හරස්කර, ‘උඩ වලවේ ව්‍යාපාරයඉදි කෙරුණා. 1970 සහ 1980 දශකවල, දැවැන්ත මහවැලි සංවර්ධන ව්‍යාපාරයසහ ලූණුගම්වෙහෙරයන ව්‍යාපාර ඉදි වුණා. සමනල වැවඉදි වුණා. මෑත කාලයේ වෙහෙරගලජලාශය බැන්දා. දැදුරුඔයහරස් කෙරුණා. අඹන්  ගඟින් මොරගහකන්දජලාශය ඉදි වුණා. මේවා තනද්දී දහස් ගණන් මහජනයාට සිය පාරම්පරික ගම්බිම් අහිමි වුණා. ඔවුන්ට දුරබැහැර පිහිටි අලූත් ගම්බිම්වලට යන්න සිදු වුණා. (ඉන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය විශේෂයි.) පාලකයන් ඔවුන්ට වන්දි මුදල් සහ අනෙකුත් මූලික පහසුකම් සැලසුවා.

පාරම්පරික නිජබිම් හැර යන්නට සිදු වීම අතිශයින්ම කටුක අත්දැකීමක් බව ඇත්තයි. එහෙත් ඒවායෙහි විසූවන් රටේ දියුණුව වෙනුවෙන් සියල්ල ඉවසුවා! කපුටන්තරම් විශාල මදුරුවන් සිටිතැයි එකල ප‍්‍රකටවූ ගල්ඔය ව්‍යාපාරයඅද ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ වී නිෂ්පාදන ප‍්‍රදේශයක්. එච්කලාපය ඇතුළු මහවැලි කලාපත් එහෙමයි. කලක් ගංජා සූස්තියටනම කියැවුණු වලවේ ග නිම්නය අද ඉහළම කෘෂිකාර්මික කලාපයක්! රටක දියුණුවට මහා පරිමාණ ඉදි කිරීම් පවා අවශ්‍ය වෙනවා. එහි දී ව්‍යාපෘති ප‍්‍රදේශවල වෙසෙන මහජනයාටත් යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපොළ සහ මාගම්පුර වරාය ඉදි කරද්දීත් මිනිසුන්ට ගම්බිම් අහිමි වුණා. ඔවුන් යළි සුදුසු තැන්වල පදිංචි කෙරුණා. ඔවුන් එයට ඉඩ නුදුන්නා නම් අද ලංකාව කොතැනක තිබේවි ද?

 රටේ මෙතෙක් කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපාරවල දී ස්ථිරවම දරු පවුල් දහස් ගණන් පාරට වැටුණු බවක් වාර්තා වූයේ නෑ. හැබැයි ප‍්‍රශ්න නම් එමට තිබුණා. ඉඩම් දීමේ ප‍්‍රමාදය, වන්දි තක්සේරුව ප‍්‍රමාණවත් නො වීම්, යටිතල ව්‍යුහයන් ප‍්‍රමාණවත් නො වීම් සහ නිලධාරිවාදය ආදී වශයෙන් ප‍්‍රශ්න බොහොම තිබුණා. ඒත් කෙටි කාලයක දී ඒවා විසඳුණා. ඉතින් යෝජිත මල්වල ජලාශයට ඉඩ දීමෙන්, කළු ග ඉහත්තාවේ ජනතාවට මරණ බයඇතිකර ගත යුතු තරම් ගැටලූවක් ඇති වේ යයි සිතන්නට බෑ.

එසේ වුවත් කළු ග ව්‍යාපාරයඋපරිමයෙන්  පරිසර හිතකාමීව හා යහපත් භූගෝලීය සැලසුමක් යටතේ කළ යුතු වෙනවා. ගංගාවේ ජල පෝෂකය වන සමනල අඩවිය හැම අතින්ම රටට හිතැති අතිශය සංවේදී පාරිසරික කලාපයක්. පහළ නිම්නයේ ඇතිවන වෙනස්කම් එයට අහිතකර ලෙස බලපෑ හැකියි. උසස් මට්ටමේ පාරිසරික බලපෑම් අධ්‍යයනයකින් පසුව සුදුසු වැඩ පිළිවෙලක් සකසා ගන්න හැකි වේවි. ගම්බිම් අහිමි වෙන සියල්ලන්ටම තම නිජබිම් ඉසව්වේම ජීවත් වීමට සුදුසු වාසස්ථාන සපයා දිය යුතුයි. ජීවනෝපාය මාර්ග සලසා දිය යුතුයි. නිසියාකාරව වන්දි ගෙවිය යුතුයි. කොහොම වුණත් කළු ග ව්‍යාපරය, කොහෙත්ම තවත් උමා ඔය ව්‍යාපාරයක්වියයුතු නම් නෑ!
විශේෂයි!
අනගාරික ජී. අයි. ඞී. ධර්මසේකර තුමා බොහොම කාලයක් මුළුල්ලේ කළු ග මෝය ආශ‍්‍රිතව ජීවත්වන කෙනෙක්. කළු ගඟ මෙල්ල කිරීම සම්බන්ධයෙන් එතුමාට ද කදිම යෝජනාවක් තියෙනවා. කුකුලේ, මගුරු සහ පැලැන් යන අතු ගංගා මගින් නිර්මාණය වන කුඩා ගකළු ගට වැටෙන්නේ හොරණ, ඟුරුවාතොටට නුදුරු  දෙමෝදරින්. එයින් දැවැන්ත ජලස්කන්ධයක් කළු ගඟට එක් කරනවා. ගංගාව ඊට නුදුරුව (නෑබඩ ආසන්නයේ) පිහිටි නියුචැටල් වත්තආශ‍්‍රිතව බැවෙන ජලාශයකට සිරකර, එහි ජලය මහා පරිමාණ නළ මාර්ගයක්ඔස්සේ වයඹ සහ රජරටට ගෙන යාම, ධර්මසේකරයන්ගේ යෝජනාවයි. නළ මාර්ගය කඩුවෙල සහ එයින් ඔබ්බට දිවෙන අධිවේගී මාර්ග රක්ෂිතය ඔස්සේ පිහිටු විය හැකි බවත්, එය පහසුවෙන් වාරියපොළ පාදෙණියප‍්‍රදේශයට ගෙන ගිය හැකි බවත් ඔහු කියනවා. එතුමා මේ කතාව සවිස්තරව පුවත්පත් මගින් ද හෙළිදරව්කර තිබෙනවා. එය ද පාලකකාරකාදීන් විසින් ඉංජිනේරුමය ඇසින් සලකා බැලිය යුතු යෝජනාවක්!
2017/09/23.


(මෙම ලිපිය 2017/11/05 ඉරිදා ලක්බිමෙහි පළ විය.)