‘විචාරක’ ඇතුළු කොමෙන්ටු සහෘදයන්ට සුහද පිළිතුරක්
ජන කතාවේ එන හැටියට, කුරුවිට ‘තැඹිලියන රාළ’ සහ කහවත්තේ ‘රත්නැක රාළ’ යන සටන්කරුවන් දෙදෙනාගේ කතාව අතිශයින්ම විචිත්රයි. අපි ඒක කියවමු.
0000000000000000000000000000000000000000
තැඹිලියන රාළ සහ රත්නැක රාළ, එකල කඩු සටන් සඳහා බොහොම ප්‍රසිද්ධයි. හිටිවනම අහසට පැන, කරණම් ගසමින් කරන කඩු සටන් සම්බන්ධයෙන් ඔවුන් සපරගමුව පුරා විශාල
කීර්තියක් දරා සිටියා. එය පෘතුගීසීන් තැතිගැන් වූ කාරණයක්.
දිනක් හැන්දෑවක පෘතුගීසි හේවායින් සමන්
දේවාල යුද කඳවුර ඉදිරිපිට රැස්වී සුහද කතාබහේ යෙදී සිටියා. එහි දී තැඹිලියන
රාළ සහ රත්නැක රාළගේ මනරම් කඩු සටන් ගැන ද කතා කෙරුණා. වෙනදාත් ඔවුන් මේ වගේ කතාබහේ යෙදී සිටිනවා. ඒවාට ගමේ අය ටික දෙනෙක් ද එකතු වෙනවා.
එදා, යම් බඩු පොදි ද කර ගසා ගෙන පාරේ යමින් සිටි ආගන්තුක ගැමියන්
දෙදෙනෙකුත් හැන්දෑ සල්ලාපයට එකතු වුණා
‘තැඹිලියන රාළලාට තරම් බැරි වුණත් මේ
දෙන්නාටත් කරණම් සටන් පුලුවන්’ යයි, එතැන සිටි කීප
දෙනෙක් ආගන්තුකයන් පෙන්වමින් පෘතුගීසීන්ට කියා සිටියා. නිකම් ඉන්න හැන්දෑවේ සිංහලයන්ගේ කඩු-කරණම් බලන්න පෘතුගීසීන් කැමති වුණා.
‘අපට සිංහල කරණම් පෙන්නපල්ලා’ ඔවුන් අණ කළා.
ආගන්තුකයන් දෙදෙනා වැඩේට එතරම් කැමැත්තක්
දැක්වූයේ නෑ. ඒත් පෘතුගීසීන්ගේ අණ හමුවේ ඔවුන්ට වෙන
කරන්න දෙයක් තිබුණෙත් නෑ.
ඉතින් සිංහල කරණම් සන්දර්ශනයක් ආරම්භ
වුණා. පෘතුගීසීන් මවිතයෙන් බලා සිටියා. එය හරිම අලංකාරයි. ටික වේලාවක් යනකොට කඳවුරේ සිටි පෘතුගීසි සෙබළුන් විශාල
පිරිසක් එතැනට රැස් වුණා. කරණම් නරඹන්න ගමේ
අයත් කඳවුර ඇතුළට ඇවිත් හිටියා. ‘පාරේ ගිය දෙන්නෙක්
මෙහෙම නම්, තැඹිලියන රාළලාගේ කරණම් කොහොමට හිටීවි
දැයි හුඟ දෙනෙක් කතා වුණා. කරණම් ඉතාමත්
අලංකාරයි.
ආගන්තුකයන් දෙදෙනා උන්හිටි ගමන් තමන්ගේ
බඩු පොදි අතරින් තල් කොලවල එතූ යමක් ඇද ගත්තා. ඒවා ඇත්තම කඩු. ලෙලෙනකොට
දිලිසෙනවා. කවුරුත් සිතුවේ එය කරණම් සන්දර්ශනයේම
කොටසක් කියලයි. හැමෝම විශ්මයෙන් බලා සිටියා.
ඒත් එක් නිමේෂයකින් සියල්ල වෙනස් වෙන්න
පටන් ගත්තා. කරණම්කරුවන් දෙදෙනා අහසින් පාවී යමින්
පෘතුගීසි සෙබළුන්ගේ හිස් සිඳින්නට වුණා.
පෘතුගීසීන් විශාල පිරිසක් මරණයට පත් වුණා. තවත් පිරිසක් තුවාල ලබා කළු ගඟ දිගේ පලා යන්නට ඇති. සමන් දෙවොල කඳවුර යළිත් සිංහල මිනිසුන්ට අයිති වුණා.
එදා ඇවිත් සිටි ආගන්තුකයන් දෙන්නා අන්
කිසිවෙකුත් නොව, ඇත්තම ‘තැඹිලියන රාළ’ සහ ‘රත්නැක රාළ’ බව ජන කතාවේ කියැවෙනවා. නිසැකවම මේ සටනට දෙවොල අසල ගැමියන් ද සහාය වන්න ඇති. ‘තැඹිලියන රාළ’ සහ ‘රත්නැක රාළ’ යන දෙදෙනා
දේවාලය අවට ජන සමාජයෙන් බිහිවූ සෙන්පතිවරුන් බව පැහැදිලියි.
ඔවුන්ගේ කරණම් සටන, මහ සමන් දේවාලයේ වර්තමාන ‘මළුව’ පෙදෙසේ සිදු වන්න
ඇති කියා මට සිතෙනවා. දෙවොලේ, දේවාල මන්දිර ගොඩනැගිල්ලට පිටුපසින් කළු ගඟ ගලා බසිනවා. පෘතුගීසි පාලන සමයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය වූයේ ගංගාවේ
යාත්‍රා කිරීමයි. දෙවොල පිටුපස ගඟේ හොරෙන් කෙරෙන ‘ඇදුම් පතල්වලින්’ (මැණික් පතල්) දිරා ගිය කඩු
ඇතුළු පැරණි ආයුධ කොටස් හමු වීම, සුලභ එහෙත් රහසිගත
සිද්ධියක්. ඒවා ‘තැඹිලියන රාළ’ සහ ‘රත්නැක රාළගේ’ සටනට සාක්ෂි සපයන බව මට සිතෙනවා. (මැටි බඳුන් සහ පෝසිලේන් පිඟන් කැබලිත් හමුවෙන බව
කියැවෙනවා. මැණිකුත් හමුවෙනවා.)
ගඟේ මැණික් පතල් හොරෙන් කෙරෙන නිසාත්, පුරාවිද්‍යාවට ඇති බිය නිසාත්, හමුවන පුරා වස්තු එළියට එන්නේ නෑ. සමහරු ඒවා යළි ගගටම වීසිකර දමනවා. ඔවුන්ට ඒවායින් ඇති වැඩකුත් නෑ.
‘විචාරක’ පළකරන අදහසට මම එකඟයි.
මහ සමන් දේවාලය පෘතුගීසි ආර්කමණිකයන්
ගෙන් මුදා ගැනීමට, ‘තැඹිලියන රාළ’ සහ ‘රත්නැක රාළ’ කළ සටන අතිශයින්ම
සංවිධානාත්මක එකක්. යුද්ධෝපායක්.
‘සමන්’ පවසන කාරණය ඇත්තයි. පෙරහැර පොළ කියන්නේ ඒ කාලේ අපට දිව්‍යලෝකයක්. ඔහු දෙවොල උළෙලට පැමිණි බව කියන මාර්ග පවා, පෘතුගීසි කාලයේ කුරුවිට දෙල්ගමු විහාරයත්, සමන් දේවාලයත් අතර රහසින් ගමන් කරන්නට භාවිත වන්න ඇති.
කොමෙන්ටු දැමූ හැමෝටම ස්තුතියි.
-ක්රිෂ්ණ විජේබණ්ඩාර.